Skip to main content

කළණමිතුරෙකුගේ පූර්ණ ධන පරිත්‍යාගය මත ඝණ්ඨාර පූජාවක් සිදු කලෙමි.

කුරැණෑගල බෝයගනේ නයිලිය විහාරස්ථානයට ඝණ්ඨාරයක ලොකු අවශ්‍යතාවයක් තිබුන.  ඉතාම කුඩා ගණ්ඨාරයක් තිබීම නිසා හරි හමන් ශබ්දයක් පිට වුනේ නෑ. ඉතින් ඒ පන්සලේ අවශ්‍යතාවය මට දැන්වුව. ඒ අනුව මම ඩුබායි වල සේවය කරන පින්වත් සොහොයුරෙකුට මේ පිලිබදව සැල කලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රැපියල් 50,000ක් වටිනා ගණ්ඨාරයක් ඒ විහාරස්ථානයට පූජා කරන්න හැකි උනා. ඒ ගණ්ඨාරයේ ඡායාරූප තමයි මෙහි දක්වල තියෙන්නෙ.

ඒ පරිත්‍යාගය සිදුකල පින්වත් සහෝදරයාගේ නම මම මෙහි සදහන් කරන්නෙ නෑ. මොකද ඒයාගේ පුද්ගලිකත්වයට ඒක ගැටලුවක් වෙන්න පුලුවන් නිසා. ඒ ‍නමුත් ඒ පින්වත් සහෝදරයාගේ දහදිය මහන්සියෙන් සෙවූ මුදලින් සිදුකල මේ මහා පින්කම හරිම උදාර පින්කමක්.
දයාබර සොහොයුර, ඔබ නිවන් දක්නා ජාති දක්වාම උපදින හැම භවයකම මේ පින්කමේ මහා කුසල ශක්තිය ඔබට අප්‍රමාණව පිහිට වනු ඇත. උපදින හැම භවයකම ඉතා මිහිරි ස්වරයක් ලැබීමට, මහනෙල් මල් සුවද විහිදුවන කටහඩක් ලැබීමට, ජව සම්පන්න මෙන්ම නිරෝගී සිරුරක් ලැබීමට, යනෙන සෑම තැනකම මෙන්ම සභාවේදී ප්‍රධානත්වය ලැබීම, සිය වචනයට සියලු දෙනා අවනතවන්නන්, සවන්දෙන්නන් බවට පතිවීම මෙන්ම මතු නිවනින් සැනහීමටත් මේ පින්කම උපකාර වේවි.

ඝණ්ඨාර පූජාව

ඝණ්ඨාර පූජාව