Skip to main content

ආර්ථික අපහසුතා ඇති විහාරස්ථානයකට රු. 15,000/= ක් වටිනා විදුලිය ලබාගැනීමට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කල වගයි.

By June 25, 2014All Posts

මේ පින්කමට දායක උනේ මීට කලින් සිදුකල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදුන් අයමයි. මොකද ඒ වැඩ සටහනේ ඉතිරි මුදල් මේ වෙනුවෙන් යෙදෙව්ව.

අජිත් මහතා
සුමිත් මහතා
නිම්මි නදී අක්කා
ජනක සම්පත් මහතා
මදුෂ රණතුංග මහතා

මෙහි ඉතිරි මුදල වන රු. 17,550/- ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථානයකට විදුලි උපකරණ පරිත්‍යාග කරන්න යොමු කලා.
යාලුවනේ විදුලි ආලෝක පූජාව පහන් පූජාවේ ආනිසංස වලට බොහෝ දුරට සමාන වෙනව. ඒ නිසා පහන් පූජාවේ ආනිසංස බලමු.

පහන් පූජාවේ අනුසස්,
“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් පූජාවේ අනුසස් –
ප්රඥාව ලැබීමට හේතු වීම
හොද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

ඉතින්  උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා…
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා …
‍ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලික අවශයතාවයන් වලවත් අඩුපාඩු නොවේවා … සියලු සැප සම්පත් පහල වේවා … ඔබේද   දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා … සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා …
බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා …

බෞද්ධ සන්නිව්චනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන්  එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි …