Skip to main content

ආර්ථික අපහසුකම් ඇති පාසැලක දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් රු 5000/-ක් පරිත්‍යාග කල වගයි. ..

By February 11, 2015April 12th, 2016All Posts

පින්වත් මිතුරන්ට මතක ඇති පහුගිය නවම් පෝ දින අපි ආරාමයකට විදුලි කණු හයක් පූජා කලා.
මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

ඒ සදහා මුදල් ලබාදුන් අය නැවත මතක් කරනවනම්

පුබුදුනී නංගියා 10,000/-
චන්දන ලියනගම මහතා 5000/-
ශානි මාරසිංහ සොහොයුරිය 5,000/-
එරංග සෙනෙවිරත්න මහතා 5000-/
ධම්මිකා අබේසේකර සොහොයුරිය 2500/-
තිළිණ විජේසිංහ මල්ලි සහ ඔහුගේ යෙහෙලිය 1500/-
නම සදහන් නොකර එවූ මුදල් රු- 2500/-
____________________________________________
මුලු මුදල = රු 31,500.00

එතකොට විදුලි පහන් කණු වෙනුවෙන් වියදම් උනේ මෙන්න මෙහෙමයි.

වියදම්
සිමෙන්ති කොට්ටය සහ ඩවුන් පයිප්පය රු 1250.00
ඒවා ප්‍රවාහන වියදම රු 250.00
ස්ට්‍රීට් ලෑම්ප් ( බල්බ හොල්ඩර් සහිත බටය ) 650.00 X 6 = 3900’00
යකඩ බටවලට රු 10818.00
වයර් රෝලට රු 1800.00
තින්ත හා තිනර් රු 440.00
ලනු කැරල 6ක් = රු 60.00
බට රැගෙන ආ ලොරියට (කුරුණෑගල සිට මල්පිටියට ) රු 1500.00
හැදුම් කුලී රු 2000.00
සාදන ලද කනු ප්‍රවාහනයට රු 500.00
වලවල් කපා කනු සවි කිරීමට දින දෙකක වියදම 1000 X 2 = 2000.00
________________________________
මුලු වියදම රු 24518.00

 

ඉතිරි මුදල් වන රු 6682.00 තවත් මහ පින්කමකට යොදවල ඔබට දැනුම්දෙන්නම්.

මේ මුදල් වලින් රු 5000/-ක් අද දින ආර්ථික අපහසුකම් ඇති දරැවන් ඉන්න පාසැලක සුභ සාධන කටයුතු වෙනුවෙන් යොමු කලා. පාසැල පොල්ගහවෙල වළකුඹුර මහා විද්‍යාලය. මේ විදුහල මහ විදුහලක් උනත් දරුවන් බොහොම දුප්පත් අසරණ ළමයි. මේ අසල තවත් මහා විද්‍යාල කිහිපයක් වගේම ජාතිකුත් තියෙනව. නමුත් ඒවට යන්න තරම් වත්කමක් නැති දරුවන් තමයි මේ පාසැලට එන්නෙ.

ඉතින් පහන්කණු පූජාවට ලද රු රු 31,500.00 ක මුදලින් පහනු කණු වියදම රු 24518.00 මෙන්ම අද ලබාදුන් රු 5000.00 ද අඩු වූ විට ඉතිරි වූ රු 1682.00 මුදල අසරණ සතුන්ට දිනපතා ලබාදෙන ආහාර දානය වෙනුවෙන් යොමු කලා. මුදල් ලබාදුන්න සියලු දෙනාටම මේ පණිවිඩය ලබාදුන්න.

පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුරනේ. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ඥානය ලබන්නට මහා වාසනාවක් තියෙන්නට ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එතුලින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ….

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා …

වළකුඹුර විදුහලය පරිත්‍යාගය

වළකුඹුර විදුහලය පරිත්‍යාගය