Skip to main content

අභිනවයෙන් ඉදිවන සතරමහා දේවාලයකටය රු. 75,000/= ක් පරිත්‍යාගකල වගයි.

By March 17, 2014All Posts

මේ පරිත්‍යාගය සිදුකලේ කෝන්පොල සුමනාරාම විහාරස්ථානයටයි. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකල දේවලාලයට අවශ්‍ය උලු ලබාදීම  සදහා මේ මුදල් පරිත්‍යාග කෙරුනා …

මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ

රුවන් එස්. ජයසිංහ මහතා   (රු. 10,000/=)
ශානිකා කල්පනී මහක්මිය  (රු. 25,000/=)
කණිෂ්ක දයාරත්න  මහතා (රු. 2300/=)
පේෂලීද සිල්වා මෙනෙවිය (රු. 1000/=)

මෙහි එකතුව රු. 38,300/-ක් වෙනවා.  ඉතිරි  රු. 36,700/-  නම සදහන් කිරීමට අකමැති වූ  පින්වත් සොයුරු සොයුරියන් විසින් ස්වාමීන් වහන්සේගේ ගිනුමට බැරකර තිබුන. සමහර පින්වතුන් මුදල් ඇණවුම් මගින්ද  මුදල් එවා තිබුන.

ඉතින් පින්වත් යාලුවනේ මේ සතර මහා දේවාලවල දෙවියන් ලෙස සටහන් වෙන්නෙ අපේ සංස්කථාකියට අදාල දෙවිවරු. කවුරු මොනව කිව්වත් දෙවියන්ගෙන් පිහිට ලබන අය ඕනි තරම් ඉන්නව. අපි යහපත් ජීවිත ගතකරනවනම් දෙවියන්ගෙ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙන බව බුදු හිමියන් පවා දේශනා කරල තියෙනව.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකරගත් ඔබ සියලු දෙනාගේ පින්වත් දෙමාපියන්ටත්, ඔබේ ආදරණීය සහකරු හෝ සහ සහකාරිටත්, පින්වත් දරුවන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා. සියලු දෙවියන්ගේ අනන්ත පිහිටාරක්ෂාව ලැබේවා. පින්වත් ඔබටත් මෙපින් බලෙන් දීර්ගායුෂ ලැබේවා. නිරන්තරයෙන් කරන වැඩ කටයුතු වලදීද, යනෙන ගමනේදීද සියලු දෙවියන්ගේ රැකවරණය ලැ‍බේවා.

මම එරන්ද ලක්මාල්. ( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙනි.)