අඩු ආදායම් පවුල්වල දූ දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබාදුන් වගයි ... - IFBC Organization | Our Projects

ඉතින් අපි 2013.09.25 දින ධර්ම දේශනයක් පැවැත්තුව කියල මීට පෙර පෝස්ට් එකේ තිබ්බ.  එදාම අපි අහිංසක දූ දරුවන් ඉන්න පාසැලක දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබා දුන්න.
විශේෂයෙන්ම කියන්න ඕනි මම ඉල්ලුවෙ එක නිල ඇදුමකට පමණක් සල්ලි. ඒනිසයි ගොඩදෙනෙක් පොඩි මුදල් දීල තියෙන්නෙ. ඒක මම හිතපු විදිහ. නමුත් ‍මගෙ පින්වත් යහලුවො මම හිතුවටත් වඩා විශාල මුදලක් මට රැස් කරල දුන්න. එක් නිල ඇදුමකට මුදල් දුන්න අය දුක් වෙන්න එපා. මොකද ඒ මම ඉල්ලුපු විදිහනෙ. ඉතින් මේ නිල ඇදුම් පාසැලේ ගුරුවරයෙක් විසින් බොරැල්ලේ කොවිද හිමිපාණන් අතින් බාරගත් අයුරු ඔය රූපයේ තියෙන්නෙ. ඉතාම ඉක්මනින් විදුහල්පතිතුමා ලබාදෙන ස්තුති කිරීමේ ලිපිය ලැබෙන්න සලස්සන්නම්.

පහත සදහන් අය විසින් අපිට මුදල් ප්‍රමාණයන් එවල තිබුන.
මේ තියෙන්නෙ මුදල් ලැබුන පිලිවෙලටයි.

ලයනල් ගුණතිලක මහතා 5000/-
දිනුෂ විජේතුන්ග මහතා 800/-
රුවන් එස්. ජයසිංහ මහතා 5000/-
නෙවුශිකා හේරත් මිය 1000/=
චාමර මහතා 2000/-
බියන්කා තෙන්නකොන් මිය 1000/-
ජගත් කුමාර මහතා 5000/-
රුවන් හෙට්ටිආරච්චි හා  මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල=5123.23
නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා =5123.23
මංජුලා මිය =5123.23
රන්ජිත් මුණසිංහ=1712.41
රේණුකා හේරත් =1712.41
රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ=1712.41

එතකොට මේ සියල්ලෙම එකතුව රුපියල් 40,307 /= ක් පමණ වෙනව.

එතකොට යාලුවනේ ඔය සල්ලි දුන්න අය අතර ඉන්න මංජුලා මිය කියන්නෙ අර බණට සල්ලි දුන්න අක්ක. එයා බණ වෙනුවෙන් වියදම් කරන්න වෙනම සල්ලි එවල තිබුන. නමුත් පොඩි මුදලක් මදි උන නිසා මේ නිල ඇදුම්වලට එයා එව්ව මුදලින් පොඩි මුදලක් බණ වෙනුවෙන් ගත්ත. රැ. 5707 /=ක්. (එයාගෙ යාලුවොත් ඒකට සම්බන්ධ උනා.)

එතකොට 40,307.00 – 5707.00 = 34600යි.

ඒ කියන්නෙ නිල ඇදුම් ගන්න  34600/=ක් ලැබිල. එකෙන් නිල ඇදුම් වලට ගියෙ 17500/=යි.

34600.00 – 17500.00 = 17100.00

එවපු මුදල් වලින් 17100 /=ක් තියෙනව. අපි කල්පනා කලා මේ ප්‍රදේශයේ තියෙන තවත් පාසැලකට නිල් කලිසන් ටිකක් ලබාදෙන්නට. ඒක අපි ලබන සතිය තුල සිදුකෙරෙනව.
ඉකින් මේ බින්කමට ඔබ සියලු දෙනා වගේම සරත් කුමාර මහතා ගොඩක් මහන්සි උනා. එතුමා තමයි මේ රෙදි කොළඹින් අරගෙන කපල පිලිවෙලකට සකස් කරල අපිට එව්වෙ.

මේ මුදල් පිලිබද නිවැරදිවම මෙලෙස සටහන් කලේ ඔබ දැනගතයුතු නිසයි. එසේ  නොවන්නට ම‍ට නරක නාම එන්න ඉඩ තියෙනව.

ඉතින්  උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා…
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත් දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන් අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා …
‍ඔබටත් නිවන් දක්නා ජාති දක්වාම මූලක අවශයතාවයන් වලවත් අඩුපාඩු නොවේවා … සියලු සැප සම්පත් පහල වේවා … ඔබේද   දූ දරුවන්ගේද සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා … සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා …
බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්.ර පදනම වෙනුවෙන්  එරන්ද ලක්මාල් වන මා විසින් ගෞතම බුදු සසුන තුල මේ පින්කම සිදුකල වගයි …

 

දරුවන්ට නිළ ඇදුම් ලබාදීම 01

දරුවන්ට නිළ ඇදුම් ලබාදීමේ පලමු වැඩසටහන්‍මෙතක සටහන් …

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page