Skip to main content
Category

All Posts

All Posts

රු. 148, 610/- ක මුදලකින් ඉපැරණි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කර ගෞතම බුදුසසුනට පූජා කල වගයි.

By All Posts

මේ විහාරසථානය පිහිටලා තියෙන්නෙ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ. විහාරස්ථානයේ නම රන්සිරි විජයාරාමය.

ඔබට මතක ඇති අපි චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණය කරන්න මුදල් ඉල්ලා හිටිය. මෙන්න මේ ලින්ක් එකෙන් පෙනෙන්නෙ ඒ පින්කමට ආධාර ඉල්ලල මම දැම්ම පොස්ට් එක.

chithay

මේ ප්‍රදේශයේ පන්සල් දෙකක් තියෙනව. ඉතින් මේ රන්සිරි විජයාරාමයට අයිති ගොදුරු ගම්මානය ඉතා කුඩා කොටසක්. අනිත් එක මේ ප්‍රදේශයේ ඉන්නෙ සාමාන්‍ය ජනතාව. ඔය කුලියක් මලියක් හරි කරල කීයක් හරි හොයන් ජීවත් වෙන අයයි වැඩිපුර ඉන්නෙ. ඉතින් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙනුවෙන් මුදල් වියදම් කරන්න ඒ අයට ලොකු හයියක් නෑ. අනිත් කාරණේ කාලෙකට කලින් බෝධීන් වහන්සේ  වටා අටවිසි බුදුවරු වැඩඉන්න කුටි 28 හැදුව. ඉතින් නැවත වරක් මුදල් වියදම් කරන එක ලොකු ප්‍රශ්නයක් උනා. මම කිහිප වතාවක්ම මේ චෛත්‍යරාජයන් වහන්සේගේ හුණු ආලේපණය කිරීම සිදු කලා.  මේ චෛත්‍යරාජයන් වහන්සේගේ  ගර්භය පුපුරල තියෙන්නෙ. ඔයාලට පින්තූරෙ පේනව ඇති ඒ පිපිරුන ලකුණු. සිමෙන්ති තට්ටුව දිරල ගිහින්. වැහි වතුර නිතර ඇතුලට කාන්දු වෙනව ඇති. තව කාලයක් ගියානම් චෛත්‍යරාජයන් වහන්සේට බරපතල හානි වෙන්න ඉඩ තිබුණ. ඉතින් අන්න ඒ නිසයි මේ චෙචත්‍යයේ ප්‍රතිසංස්කරනයට ඔබෙන් ආධාර පැතුවෙ. ‍ ස්වාමීන් වහන්සේ කිව්වෙ අඩු තරමින් රුපියල් ලක්ෂයක් වත් ලැබුනොත් ඉතිරි ටික කොහොම හරි හොයාගන්නම් කියලයි.

Read More

දයාබර මවකට පිංපිණිස කල පිරිකර පූජාවක් … …

By All Posts, දයාබර මවකට පිංපිණිස කල පිරිකර පූජාවක්

චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් මුදල් ආදාර ලබාදුන් පින්වත් සොහොයුරියකගේ මවට පින් පිණිස මේ පිරිකර පූජාව සිදුකරන ලදි. එපින් බෙලෙන් ඒ දයාබර මව් තුමිය ප්‍රමාද දෝෂයකින් හෝ දුකට වැටී ඇත්නම් දුකින් අතමිදී සැපතට පත්වේවා. සැපවත් සථානයක සිටීනම් ඒ සැපය වඩා වර්දනය වේවා. කෙළවර අමාමහ නිවනින් සැනසීම ලබත්වා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

කළණ මිතුරියකගේ දායකත්වයෙන් ඇසළ පුන් පෝදා විදුලි පහන් කණු දහයක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි.

By All Posts

2013/07/22 අපි තවත් පින්කමක් කලා. ඒ තමයි විහාරස්ථානයකට පහන් කණු දහයක් පූජා කිරීම. කුරුණෑගල බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයටයි මේ පූජාවන් කලේ.

මේ පින්කමට සියලු දායකත්වයන් මගෙ මිතුරු මිතුරියන් තුන්දෙනෙක් ලබා දුන්න. විශේෂයෙන්ම කොන්ක්‍රීට් කණු දහයම සහ සිමෙන්ති කොට්ට දෙකක් ලබා දුන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නංගි කෙනෙක්. එයා පැහැදිලිවම කිව්ව නම් ගම් හෙලි කරන්න එපයි කියල. ඒ නිසා ඒ පිලිබද කිසිම සටහනක් මම දාන්නෙ නෑ. ඊලගට මේ විදුලි ආවරණ, බල්බ්, වයර්, වයරින් බට, ආදිය සියල්ල ලබාදුන්නෙ මේ ගමේ මගෙ යාලුවො දෙන්නෙක්. නිශාන්ත සහ චාමර කියල දෙන්නෙක්. නිශාන්ත අයියගෙ මියගිය අප්පච්චිට පින් පිණිසත් චාමර මල්ලි චතුරාර්ය සත්‍යය අව‍බෝධය වෙනුවෙනුත් මේ පින්කම් වලට දායක උනා.

Read More

කළණ මිතුරෙකුගේ මුදල් පරිත්‍යාගය මත තවත් දොළොස්මහේ පහණක් පූජා කලෙමි.

By All Posts, කළණ මිතුරෙකුගේ මුදල් පරිත්‍යාගය මත තවත් දොළොස්මහේ පහණක් පූජා කලෙමි.

ආයුබෝවන් පින්වත් යාලුවනේ අදත් මම ඔබට දැනුම් දෙන්නෙ අපි කල පින්කමක් පිලිබදවයි. මේ පින්කම තවත් දොළොස් මහේ පහන් පූජාවක්.

ඉතින් මේකෙ සදහන් වෙනව නේද සැරියුත් මුගලන් පිළිම පූජාවක් පිලිබදව.

ඉතින් එය සිදුකල,පින්වත් පින්වත් මල්ලි කෙනෙක් සහ එයාගෙ පවුලේ උදවියම තමයි මේ පහන පරිත්‍යාග කලේ. ඒ පන්සල තමයි ඔය පිළිම වහන්සේලා පරිත්‍යාග කල පන්සල. කුරුණෑගල බෝයගනේ නයිලිය සිරි නාගංගනාරාම විහාරස්ථානය. පන්සලේ හාමුදුරුවො මට දැන්වුව පන්සලට මේ පහණක් තිබුනොත් හොදයි කියල. මේ පින්වත් යාලුව ඒ පහණ අපි අද  දවසෙ ඒ කියන්නෙ  2013/07/19 ඒ පහණ පරිත්‍යාග කලා. ඔයාලට පින්තූ‍රෙන් පෙන්වන්නෙ එවන් පහණක් තමයි. මේකෙ වටිනාකම රුපියල් 40,000ක්. නමුත් මේ පහණ හදපු කෙනා මගෙ මිත්‍රයෙක්. ඒ නිසා එයාගෙ මහන්සිය අඩුකරල පහණ රුපියල් 30,000කට ලබාදෙන්න එයා කාරුණික උනා. ඒ මුදල ලබාදුන්නෙ මම කියපු යහලුව.

Read More

සැරියුත් මුගලන් පිළිම වහන්සේලා දෙනමක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි …

By All Posts, සැරියුත් මුගලන් පිළිම වහන්සේලා දෙනමක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි.

ආයුබෝවන් පින්වත් යාලුවනේ ඊයෙ වගේම අදත් අපි හමුවෙන්නෙ තවත් පින්කමක් සිදුකල බව මතක් කරගෙන. ඔයාලට මතක ඇති මම දවසක් කිව්ව සැරියුත් මුගලන් පිළිම වහන්සේලා නිර්මාණයට මුදල් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලආයුබෝවන් පින්වත් යාලුවනේ ඊයෙ වගේම අදත් අපි හමුවෙන්නෙ තවත් පින්කමක් සිදුකල බව මතක් කරගෙන. ඔයාලට මතක ඇති මම දවසක් කිව්ව සැරියුත් මුගලන් පිළිම වහන්සේලා නිර්මාණයට මුදල් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්න කියල.
ඉතින් විදෙස්ගතවෙලා ඉන්න පින්වත් යාලුවෙක් මට හදිස්සියෙන්ම කථා කලා. එයා පොරොන්දු උනා ගෙදර අය එක්ක කථා කරල මේ මුදල පරිත්‍යාග කරන්න. අපි ඇස්තමේන්තු කල මුදල රුපියල් ලක්ෂයක්.
මේ පින්වත් යාලුව විදෙස්ගතව ඉන්න කෙනෙක්. මම වැඩි විස්තර දාන්නෙ නෑ එයා ගැන. හේතුව තමයි එයාගෙ අන්‍යතාවයට හොද මදි මෙන්ම එයාගෙන් ආධාර ඉල්ලල කරදර කරන එක වලක්වන්න. කොහොම නමුත් එයා කථා කල දා ඉදන්ම මා එක්ක අඛණ්ඩව සම්බන්ධතාව තියාගත්ත. හරිම උනන්දුවෙන් වැඩේ ගැන කථා කලා. අපි මේක කරන්න ඕනි එරන්ද කියල නිතරම මාව දිරිමත් කලා. එයා මට දින දුන්න අහවල් දවස වෙනකොට මුදල් කොහොම හරි එවනව කියල.

Read More