Skip to main content
Category

ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

පින්වත් මිතුරියකුගේ දායකත්වයෙන් සිදුකල සෙවිලි තහඩු ලබාදීම …

By ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
පින්වත් වත්සලා ජීවපානී කරුණානායක සොහොයුරියගේ පූර්ණ දායකත්වයෙන් රඹුක්කන ප්‍රදේශයේ අසරණ පවුලකට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ප්‍රදානය කලා.  මේ පවුලේ  ස්වාමිපුරුෂයා හදිසි අනතුරකින් මියගොස් ති‍බෙන අතර ඉතා දුකසේ  ජීවන කටයුතු කරගෙන යනවා.

 

මේ අයගේ නිවසේ  ටකරන් තහඩු ඇති අතර ඒවා දිරාපත්ව තිබෙනව. එය  දැනුම් දීමෙන් පසු පින්වත් වත්සලා අක්කා විසින් සෙවිලි තහඩු ලබාදෙන්නට කටයුතු කලා. මේ වෙනුවෙන් මුදල් වශයෙන් රු 20,000/-ක් ඇය ලබා දුන් අතර  ප්‍රදේශයේ පින්වත් මහත්මයෙක් සිය රථයෙන් ප්‍රවාහනය සිදු කර දුන්න.

ඉතින් මේ මහ පින්කම සිදුකල දයාබර වත්සලා අක්කාට  නිදුක් නිරෝගී සුවබර ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. මේ ත්‍යාගයන් ලබාගන්නා ඒ නිවසේ පුංචි දුව පුතා ලබන්නා වූ සතුට බලන්න.. ඒ සතුට සියදහස් වාරයක් වැඩිවී ඔබට ලැබේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

ඇස්බැස්ටස් සෙවිලි කහඩු ලබා දීම ...

ඇස්බැස්ටස් සෙවිලි කහඩු ලබා දීම … රඹුක්කන

පින්වත් තළණ මිතුරන්ගේ පූර්ණ දායකත්වයෙන් පොල්ගහවෙල බෝධිගුප්ත පිරිවෙනට විදුලි පහන් කණු පරිත්‍යාග කල වගයි …

By All Posts, ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

පින්වත් යාලුවනේ, අද දින පොල්ගහවෙල බෝධි ගුප්ත පිරිවෙනට විදුලි පහන් කණු පහක් පරිත්‍යාග කලා. පින්කම සදහා මුදල් ලබාදුන්න මිතුරන්ගේ නම් පහත දැක්වෙනව.

Nelosendi Sendi  රු 17500.00

රොෂාන් ප්‍රගීත් මහතා රු 17500.00

ජනක ලියනගේ මහතා රු 11300.00

චන්දිමාල් ගුණවර්ධන මහතා රු 4000.00

රවින්දු පුෂ්පකුමාර මහතා රු රු 3500.00

හිරන්ත මදුසංන මහතා සහ මිතුරන් රු 900.00

—————————————————–

ලැබීම්                     රු 54700.00

 

මේ සමග තවත් විහාරස්ථානයකි විදුලි පහන් කණු පහක් නිර්මාණය වූ අතර වියදම් සිදුකරන ලද්දේ එකටය. ඒ නිසා ඒවා සමග වියදම් එකටම

හොදයි දැන් අපි බලමු පහන් පූජාවේ ( ආලෝක පූජාවේ ) අනුසස් මොනවද කියල.

පහන් පූජාවේ අනුසස්,

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයිතථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේදආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි.එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑමපිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –

ප්‍රඥාව ලැබීමට හේතු වීම

හො‍ද ඇස් ලැබීමට හේතු වීම

දිවැස් ලැබීමට හේතු වීම

පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම

ඍධිමය හැකියා පහළ වීම

ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම

ඇස් රෝග නොවැලදීම

දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝඅනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත්මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවරසහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ.පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමටකළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේවදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළසත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවාළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන්පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත්පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වාහිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටාතබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටාසර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.

එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස්ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන්වහන්සේ)

ඉතින් ඒ හා සමාන මහ පින්කමක් අපේ මිතුරු මිතුරියන්  විසින් සිදු කරගත්තෙ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ඔවුන් විසින් මේ කටයුත්තට දායක උනේ. මේ පින්කමේ  බලය මෙතකැයි කියන්න බැරි තරම්. බොහෝමයක් පින්කම්වල පලවිපාත ලැබෙන්නෙ පහුවෙලා. ඒක හරියටම කියනවනම් දෙවූ මී පැණි  මිදෙන්න වෙලාව ගතවෙනව වගේ පසුව පල විපාක ලැබෙන පින්කම්. උදාහරණයක් කිව්වොත් අපි චෛත්‍යයක් හුණු ආලේප කලොත් ඒ චෛත්‍යය දිහා බලල බොහේ අය සිත පහදගන්නව. ඒ අයට සිත පහදවා ගැනීමේ පිනට ප්‍රතිවිපාක  ලැබෙන්නෙ පසුව.

හැබැයි අපේ මිතුරු මිතුරියන් සිදුකලේ එවලෙම විපාක ලැබෙන පින්කමක්.  මොකද මේ විහාරස්ථානය පිහිටල තියෙන්නෙ පාරවල් දෙකකින් එන්න පුලුවන් විදිහට. දෙවන පාරටයි අපි පහන් කණු සවිකලේ. ඒ ප්‍රදේශය ගොඩක් අදුරු වෙලයි තිබුනෙ. ඉතින් පහන් කණු සවිකල නිසා දැන් ඒ ප්‍රදේශයම ඉතාම ආලෝකමත් වෙලා. බලන්න ලස්සනයි. හරියටම කියනවනම් පුන්සද පෑව්ව වගේ. ඇත්තටම

සර්ප ආදී සතුන්ගෙන් ආරක්ෂා වෙන්නට මේ විදිලු පහන්කණු හරිම ප්‍රයෝජනවත් වෙනව.

ඉතින් පින්වත් යාලුවනේ, යෙහෙලියනේ  ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා.  ඔබ සිදුකලේ පුංචි පින්කමක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සංඝයා විෂයෙහි සිදුකල මහා බලසම්පන්න ආලෝක පූජාවක්. පහනකින් ආලෝකය ලැබෙන්නෙ කුඩා පුදේශයකට. ඔබ කල පරිත්‍යාගයෙන් විහාරස්ථාන භූමියේ අතිවිශාල වපසරියක් ආලෝකමත් වෙලා. හරිම ප්‍රිය ජනක ආලෝකයක්. ඉතින් එක් පහනකින් කල්ප සිය ගණනක් ආනිසංස ලැබෙනවනම් මෙවන් මහ පින්කමක ආනිසංස නොපමණ වේවිද? කෙසේනමුත් මෙවන් පින්කමක් සිදුකල ඔබවන් පුතුන් දූවරුන් බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …

ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …

දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්,  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. විහාරස්ථාන භූමිය ආලෝකවත් කිැීමෙන් මෙන්ම සර්පාදීන්ගෙන් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කිරීමේ පිනෙන්  සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. සිදුකල ආලෝක පූජාවේ බලයෙන් උපන් උපක් ආත්මභායන්හිදී හිරුමෙන් මහා රශ්මියක් විහිදුවන අභිමානවත් බව ලැබේවා. තරු අඅතරට වන් සූර්ය රාජයෙක් සේ ඔබ අන් අය අතර බැබලේවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ලබාදුන් ආලෝකයෙන් අන් අයට අදුරෙහිදී ඇති බාධා දුරු උනා වගේ ඔබගේද සියලු බාධාවෝ දුරු වේවා. සර්ප ආදී සතුන්ගෙන් අන් අයට ලබාදුන් ආරක්ෂාව තුලින් ඔබටත් සතරවරම් දෙවි රැකවරණය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

මෙව්න් මහ පින්කම සිදුකරන්නට අපටත් දහදිය මුගුරු හෙලන්න වාසනාව ලැබුන. ඒ මහා පින් බෙලෙන් මෙවන් මහා පින්කම් වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් වැඩි වැඩියෙන් මහ පින්කම් කරන්න වාසනාව ලැබේවා. කෙලවර පතන බෝධියෙන් නිර්වාණ අවබෝධයටත් ලෝක සත්වයාට නිවන් මග පෙන්වමින්, අපමණ සත්ව වර්ගයාට නිවන් මග පෙන්වීමටත් මේ පින්කම් හේතුවාසනා වේවා.

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා.

විදුලි පහන්කණු

විදුලි පහන්කණු පූජාවේ මතක සටහන්.

ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි …

By All Posts, ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි

හොදයි යහලුවනේ අපි අඩු ආදායම් ලාභී දරුවන් ඉගෙනගන්නා පාසැලකට අපි සංගීත භාණ්ඩ වගයක් පරිත්‍යාග කලා.  මේ පළමු අදියර විදිහටයි පරිත්‍යාගය සිදු කලේ. ඉතින් මේ පාසැලේ දිනපතා බුද්ධ පූජාව තියන බව විදුහල්පති තුමා සදහන් කලා. අපි තම්මැට්ටම් දෙකක්, දවුල් දෙකක් හා හොරණැවක් පරිත්‍යාග කලා. ඒ පා‍සැල තමයි කුරැණැගල මල්පිටිය බෝයගනේ මහා විද්‍යාලය.  අවශය ඕනිම කෙනෙකුට මේ සියලු පින්කම් සිදුකල ස්ථාන බලන්න පුලුවන්.

ඉන් අපිට රුපියල් 11,000/= ක්මේ පරිත්‍යාගය වෙනුවෙන් වියදම් උනා. තියෙනව. ඒක වෙන පින්කමක් වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනව.
Read More