
වැස්සෙන් ආරක්ෂා වීමට අබලන් ධර්මශාලාවක් සදහා තහඩු ලබාදුන් වගයි …
Posted by Eranda | All Posts, වැස්සෙන් ආරක්ෂා වීමට අබලන් ධර්මශාලාවක් සදහා තහඩු ලබාදුන් වගයි | No Commentsහොදයි පින්වත් යාලුවනේ අපි අදත් ලොකු පින්කමක් කලා. අනිත් පින්කම් එක්ක බලනකොට කුඩාවගේ පෙනුනත් මේක මහා ආනිසංස දායක පින්කමක්. ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියාහි, මෙල්බන් නුවර සේවයේ නියුතු දිනූෂ විජේතුංග පින්වත් සොහොයුරා සුදුසු පින්කමකට යොදන්න කියල රු. 10,000/=ක මුදලක් මට එවල තිබුන.
ඔබට මතකද යාලුවනේ අපි ධර්ම හාලාවක් හදන්න ආධාර ඉල්ලුව. ඒකට පින්වත් යාලුවො හැකි උපරිමයෙන් මුදල් එවල තිබුන. ඒ මුදල් යොමුකරල තිබුනෙ පන්සලේ දායක සභාවෙ ගිනුමටයි. ඒ නිසා ඒ මුදල් ධර්ම ශාලාව ගොඩනැගීමේ අරමුදල තුලම තියෙනව. ඒ මුදල් ආපසු ගන්න හිතදුන්නෙම නැහැ. මොකද කොහොම හරි මේ ධර්ම ශාලාව ගොඩනගනව කියන ස්ථාවරයෙයි අපි ඉන්නෙ.
වැසි දවසට ධර්මශාලාවේ පියස්ස තහඩු අතරින් වැහි වතුර ගලනව. මොකද දිරපු තහඩු උඩට කොස් ගෙඩි වැටිල වහලෙ හොදටම කැඩිලයි තියෙන්නෙ. අන්න ඒ නිසා අර පින්වත් යාලුව එව්ව මුදල් ටික හරිම ප්‍රයෝජනවත් උනා. ඒ නිසා අඩි 10ක් දිග තහඩු 18ක් විහාරස්ථානයේ ධර්මශාලාව තෙමෙන එක නවත්තන්න පියස්ස හදන්න පූජා කලා.