Skip to main content
Monthly Archives

August 2017

තුන්වන ධාතු කරඩු පූජාව …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

අපි තුන්වන ධාතු කරඩු පූජාවත් සිදු කලා. ඒ අවිස්සාවේල්ල දුන්කොල ‍හේන විහාරස්ථානයටයි.

මේ වෙනුවෙන් රු 65,000/- ක් වියදම් වූ අතර ඒ වෙනුවෙන් දායකත්වය දැරුවේ එක්සත් රාජධානියේ සේවයේ නියුතු නම සදහන් කිරීමට අකමැති පින්වත් මහත්මයෙක් වන අතර ධාතු කරඩුවේ පබලු හැඩගැන්වීම් සිදුකලේ රන්දි සමරනායක මහත්මියයි.

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් සිදුකල අටවන ත්‍රිපිටක පූජාව …

By Uncategorized

අපි අටවන ත්‍රිපිටක පූජාව සිදුකලේ අවිස්සාවේල්ල පුවක් පිටිය දුම්කොල හේන විහාරස්ථානයේදියි. මේ වෙනුවෙන් මූලික අනුශාසනා සිදුකලේ  පූජ්‍ය වල්පොල සද්ධානන්ද හිමිපාණන් වහන්සේ විසිනුයි.

විදෙස් රටක සේවයේ නියුතු නම සදහන් කිරීමට අකමැති පින්වත් මහත්මයෙක් විසින් මේ වෙනුවෙන් දායකත්වය දැරුවා …

ලද මුදල රු 60,000.00

ත්‍රිපිටක පොත් වහන්සේගේ වියදම රු 40,000.00
අල්මාරිය සදහා වියදම රු 12,000.00
ගමන් වියදම රු 5250.00
—————————————————–
මුලු වියදම රු 57250.00

Read More

මුද්‍රණ යන්ත්‍ර ‍දෙකක් පරිත්‍යාග කිරීම …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

පින්වත් මිතුරු මිතුරියන්‍ගේ දායකත්ව‍යෙන් සිදුකල මුද්‍රණ යන්ත්‍ර පරිත්‍යාගය පසුගිය දිනවල සිදු ‍කෙරුනා. ඉන් එක් මුද්‍රණ යන්ත්‍රයක් අවිස්සා‍වේල්ල පුවක් පිටිය දුම්‍කොල ‍හේන විහාරස්ථානයට පූජා කල අතර අ‍නෙක අලව්ව ‍නෙලුම්‍දෙනිය ශ්‍රී සම්බුද්ධා‍ලෝක විහාරස්ථානයට පූජා ‍කෙරුනා. දුම්‍කොල ‍හේන විහාරස්ථාkයට පුලනි වි‍ජේ මහත්මිය පරිත්‍යාගය සිදුකල අතර ඉන්දික දැකුම්පිටිය මහතා‍ගේ ප්‍රධානත්ව‍යෙන් රු 11,900.00 ක මුදලකින් අලව්ව ‍නෙලුම්‍දෙනිය ශ්‍රී සම්බුද්ධා‍ලෝක විහාරස්ථානයට පූජා ‍කෙරුනා.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා.

Read More

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් කල දෙවන කරඩු පූජාව …

By Uncategorized

2017 / 08/ 05 අද දින උදය පාරමිතා උදයපාරමිතා වනසෙනසුන භාවනා මධ්‍යස්ථානය වෙත පූජා කල සදාතුක ධාතු කරඩුව  පින්වත් මලිත් පෙරේරා මල්ලි මූලිකත්වයෙන්
රසික සෙනරත්, හිමායා සෙනෙවිරත්න,  සම්පත් ආරියදාස,  ගංගා කුරුප්පු,  බුද්ධික බණ්ඩාර, ඩී.එස්. සංජීව,  අනූෂා කාන්චනා,  ආදී සියලු දෙනා මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. මීට කලින් බිබිල පයිලේගම විහාරස්ථානයට අපි කරඩුවක් පූජා කලා.

කරඩුව සදහා වැය වූ මුදල රු 40,000/ – ක් උනා …

Read More

ධර්ම ශාලාවක පිගන් ගඩොලු ඇල්ලීමට ලබාදුන් දායකත්වය …

By Uncategorized

දිනක් හදිසියේ ලද දුරකතන ඇමතුමකි. අනුරාධපුරයට නුදුරු දුෂ්කර ගමකි. ඉන් කියැවුනේ ධර්ම ශාලාවේ ටයිල් අල්ලා ගැනීමට බාස්කුලී නොමැති බවයි. හැකිනම් දායකත්වය ලබාදෙන ලෙසයි. එය ෆේස් බුක් වෙබ් අඩවියේ පලකර විනාඩි පැයක් යන්නට මත්තෙන් අවශ්‍ය මුදලටත් වඩා විඩැ මුදලක් අපිට ලැබුනා;

සුභාෂිණී ගුණසේකර අක්කා රු 15,000.00
චානක සිරි නුවන් මහතා රු 10,000.00
කල්ප අමරසිංහ මහතා රු 2000.00
————————————–
ලද මුලු මුද රු 27,000.00

 

රු 27,000 විහාරස්ථානයට පරිත්‍යාග කල අතර ලිපිය පහත දැක්වේ.

විශේෂයෙන් කල්ප මහතාගේ පුංචි ළදරුවා හදිසියේ ඇතිවූ අසනීපයක් ඇති අවස්ථාවකයි මෙවන් පරිත්‍යාගයක් සිදුකලේ. ඉතින් ඒ ළදරුවාගේ සියලු ලෙඩ රෝග දුරුවේවායි පලමුව ප්‍රාර්ථනා කරමු.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාගේම පවුලේ  සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. මේ පින්කම සිදුකල  සියලු දෙනාට මෙලොව එලිය ලබාදුන් පින්වත් දෙමාපියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඒ අය ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර, මෙන්ම මරණය දක්වාම ධර්ම ගවේශනයට  සිහිකල්පනාව ඇති යහපත් ජීවිතයක් ලැබේවා. මිය පරලොව ගොස් ඇත්නම්  වැරදීමකින් හෝ අයහපත් උත්පත්තියක් ලබා ඇතිනම් යහපත් තැනක උපදින්නටත්, යහපත් තැනක ඉපදී ඇත්නම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වන්නටත් මේ පින් හේතු වාසනා වේවා.

ඔබේ පුංචි දූපුතුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා. ධර්මයෙන් ඇති කරන්නේ ප්‍රඥාවයි. මෙපින් බලෙන් ප්‍රඥාව මෙන්ම බුද්ධියද වර්ධනය වී සියලු විභාග කඩඉම් ජයගෙන රට, ජාතිය, ආගමට සේවයක් සලසන යහපත් පුරවැදියන් වන්නට මෙපින් හේතු වාසනා වේවා.

එසේම මේ පින්කම සිදුකල ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. නිරන්තරයෙන් මා අමතමින් දුක සැප පවා සොයා බලමින්, වැටෙන  වැටෙන තැන නැගී සිටින්නට ශක්තිය ලබාදෙන ඔබේ ඇසුර පවා මහා සතුටක්. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. විශේෂයෙන් මා කෙරේ ඔබ තුබූ විශ්වාසය මත බොහෝ පින්කම් වලට මාවෙත මුදල් එවිම මා ලද භාග්‍යයක්..

එසේම මේ පින්කම සිදු කරන්නට නන් අයුරින් සහය ලබාදුන්, විශේෂයෙන්ම ප්‍රවාහන වියදම් අඩුවෙන් ලබාගනිමින් ඒ සියලු කටයුතු සාර්ථකව සිදුකල රියදුරු මහතුන් ඇතුලු විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා, දායකකාරකාදීන්  ආදී සියලු සියලුදෙනාටම මේ පින් හිමිවේවා.

ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබගේ සිත් පහලවීම ම ඔබ ලද මහා භාග්‍යයක්. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්.  සිදුකල සියලු පින් බෙලෙන් ඔබේ සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටවත් නොලැබේවා. කෙතරම් ධන සම්පත් ලැබුනත් පංචශීල ප්‍රතිපදාවෙන් පිට සිතිවිල්ලක් වත් ජනිත නොවේවා.  ජීවිතයට එන අභියෝග හිරු දුටු පිණි මෙන්, ආලෝකය දුටු අදුර මෙන් විද්වංසනය වේවා.

පින්වත් යාලුවනේ. පංච ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන පින්කමක් ඔබ සිදුකලේ. ඒ ලෙසින්ම  දුක් විපාක දෙන සියලු කර්ම යටපත් වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා. ව්‍යාපාර, අධ්‍යාපන, කටයුතු සියල්ල සාර්ථක වේවා. වැඩි වැඩියෙන් මේ වැනි පින්කම් සිදුකරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත්මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලුඅභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සතර දිගින් සතර මහා වස්තු පහල වේවා. සිව් දිගින් කප්රුක් පහලවේවා. අහසින් රුවන් වැසි වැටේවා. පොළවෙන් මුතු මැණික් මතුවේවා. සසරපුරාවටම නැහැ බැහැ කියනවචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක්නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාතිදක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින්පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදුකලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත්පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන්පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහාසේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවරඅමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හටනිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම ‍ වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා විසිනි.

චායාරූප නරඹන්න

7 වන ත්‍රිපිටක පූජාව ...

බිබිල හත්වන ත්‍රිපිටක පූජාව …

විහාරස්ථානයකට ආධාර මුදල් ලබාදීම ...