September 2016 - IFBC Organization | Our Projects

වනවාසී ස්වාමීන් වහන්සේ නමකට වැසිකිලි හා ජල පහසුකම් ලබාදෙන්නට කටයුතු කල වගයි …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

උඩවලව රක්ෂිතයේ මහ වන මැද බවුන් වඩනා ස්වාමීන් වහන්සේට ජල සහ වසිකිලි පහසුකම් ලබාදෙන්නට අපි ගියා. වැසිකිලි හා නාන තොට සකස් කලද නල ලිද සකස් කිරීම සම්පූර්ණයෙන් අඩාල උනා. අඩි සියයක් කලගල විද ගියද වතුර බිදුවක් වත් ලැබුනේ නැහැ. රු 140,000/-ක් පමණ අය කරන මේ කටයුත්ත විහාරස්ථානයක් නිසා රු 100,000/-කටයි පොරොන්දු උනේ. ජලය නොලැබීම නිසා රු 50,000/-ක් වත් වියදම දෙන ලෙස කීවද අප ලබාදුන්නේ රු 25,000.00යි. කෙසේ නමුත් නැවතත් වතාවක් අපි ඒ උත්සාහය සිදු කරනව.

Read More

වනවාසී භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් ප්‍රත්‍ය පහසුකම් සැලසූ වගයි … …

Posted by | Uncategorized | No Comments

යාල මහා වන මැද අඩි හාර පන්සියයක් උස කදු මුදුනක ඇති ගල් පියස්සක තනිව බවුන් වඩනා මහා සංඝරත්නය විශයයෙහි අත්‍යාවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් වැඩි දියුනු කරන්නට අපිට හැකි උනා.  මෙයට කලින් අවස්ථාවක උන් වහන්සේ වෙත සූර්ය බල පද්ධති, වැසිකිලි සහ ජල පහසුකම් ලබාදෙන්නටත් අපිට පුලුවන් උනා.  මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්වය සිදු උනේ දේවප්‍රිය සෝමපාල මහත්මා වෙනුවෙනුයි. ඒ ඉන්දික මහත්මා සිය පියා වෙනුවෙන් මේ පරිත්‍යාගයන් සිදුකලේ.

ලබාදුන් මුදල රු 20,000.00
පදනමෙන් සංචිතයෙන් රු 21,500
——————————–
මුලු එකතුව රු 41,500.00

Read More

ධර්ම ප්‍රචාරය පහසු කිරීම සදහා ආරණ්‍යවාසී හිමිනමකට පරිගණකයක් ලබාදුන් වගයි …

Posted by | Uncategorized | No Comments

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

ඉතාලියේ සේවයේ නියුතු පින්වත් ජයන්ත අයියා විසින්ලබාදුන් ලැප්ටොප් වර්ගයේ පරිගණක යන්ත්‍රය මහා සංඝරත්නය විෂයයෙහි පූජා කලා. සතියකට වරක් පවත්වනු ලබන අභිධර්ම පංතියට අවශ්‍ය ඉගැන්වීම්  වල රූප සටහන් සූදානම් කරගන්නයි උන් වහන්සේට මේ පරිගණකය පරිත්‍යාග කලේ. Read More

රට ජාතිය ආගමට සෙත් පතා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිදුකල මහා ආශිර්වාද පූජාව …

Posted by | Uncategorized | No Comments

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

අද වන විට රට ජාතියට ආගමට අත් වෙලා තියෙන්නෙ ඉතාම ශෝචනීය ඉරනමක්. සිංහලජාතිය, රට, බුදු දහම මේ සියල්ල අදුරු අගාධයකට වැටෙමින් පවතින යුගයක අපි ඉන්නෙ. ඉතින් පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදි රටට, ජාතියට, ආගමට සෙත් පතා ආශිර්වාද පූජාවක් සංවිධානය කලා.

මේ මහා පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ පහත් පින්වත් පිරිස් විසින්

රීටා දැකුම්පිටිය මාතාව රු 10,000/-
නදීෂා රණවක මහත්මිය රු 2000/-
හිරන්ත මදුසංක මහතා රු 1000/-
—————————————-
එකතුව               රු 13,000/-

Read More

තිසා වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය …

Posted by | Uncategorized | No Comments

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

තිසා වැව යනු ජාතික සම්පතකි’.අනුරාධපුරයට පානීය ජලය ලබාදෙන්‍ නේ තිසා වැවෙනි. ඊටත් වඩා විජය ශ්‍රී ජය ශ්‍රී මහා ‍බෝධීන් වහන්‍සේට පැන් වඩන්නේ තිසා වැ‍වෙනි. ඒ නිසාම තිසා වැව ජාතික වශයෙන්ද, ආගමික වශ‍යෙන්ද, සංස්කෘතික වශ‍‍යෙන්ද ඉතා වැදගත් වාපි නිර්මාණයකි.

එ‍හෙත් පසුගිය කාලය තුල තිසා වැව දූෂණයට ලක් වූ‍යේ අ‍පේ අධම මිනිසුන්ගේ ක්‍රියා කලා හේතුවෙනි. නොයෙක් අපචාර සදහාදල ව්‍යාපාර සදහාද තිසා වැව තෝතැන්නක් විය.  ‍‍

මේ නිසා තිසා වැව සුරකින්නට මහා සංඝරත්නය පෙරමුණ ගත්තේය.

තිසා වැව සුරුකීමේ සංවිධානය බිහිවන්නේ ඒ අයුරිනි’

Read More

IFBC Home Page