Skip to main content
Monthly Archives

May 2016

අවතැන් වූ අපේම මිනිසුන් ‍වෙනුවෙන් දිවා ආහාර පරිත්‍යාග කලෙමු …

By Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

 

පහුගිය කාලයේ අධික වර්ෂාව නිසා බොහෝ ‍ප්‍රදේශ නාය ගියා. දහස් ගණනක් අවතැන් උනා. හදිස්සියෙම පින්වත් උමයංග මල්ලිගෙන් පණිවිඩයක් ලැබුන. “ අයියෙ, මුල්ලේරියාවට කෑම පාර්සල් 100ක් ඕනි ඉක්මනින්ම. මිනිස්සු බඩගින්නෙ.” හිත හිත ඉන්න වෙලාවක් නැහැ. මොනව කරන්නත් මිනිස්සු ජීවත්වෙලා ඉන්න එපැයි. “ හරි අපි දෙමු මල්ලි. මාව අදාල තැනට සම්බන්ධ කරන්න.” ඉක්මනින්ම ජීවන්ත ලක්මාල් මල්ලි මට කථා කලා. “ අයියෙ කෑම පාර්සල් 100යි ඕනි” “ජීවක්ත මල්ලි,  සල්ලි ගැන බලන්න එපා. ඉක්මනින්ම බත් පැකට් 100ක් ගන්න තැනක් බලන්න. වෙලාව පෙ.ව. 9.30යි. පැයකින් අපිට ගන්න පුලුවන් වෙයි. දැන්මම බලන්න.” ඒ මගේ හඩයි. ඉක්මනින්ම බැංකු‍වට ගියා රු 10,000.00ක් යවන්න.  ජීවන්තගෙන් පිලිතුරක් ලැබෙනකල් බලාහිටියෙ නොඉවසිල්ලෙන්. අහිංසක මිනිස්සු බඩගින්නෙ තියන්න බැහැ. කවුරු උනත් අපේම ලේ තියෙන අපේ සිංහල මිනිස්සු.

 

ගතවූයේ සුලු වේලාවකි. ජීවන්තගෙන් ඇමතුමක් ආවා. “ අයියෙ, සියල්ල හරියටම සිදු උනා. වැඩේ කරල ඉවරයි. බොහොම පින්.” හපොයි. ඔන්න දැන් තමයි හිතට සැනසිල්ලක් ආවෙ.

 

මේ පින්කමට යොදාගත්තෙ ගියවර වතුර රැගෙන යන්න පින්වත් ඔබ ලබාදුන්න මුදලින් ඉතිරි ටික. ඒ මුදල් ලබාදුන්නෙ පහත උදවිය.

 

 

ජනක මහතා රු 20,000.00
එරංග විතාරණ මහතා රු 20,000.00
සිදත් චාමර මහතා රු 10,000.00
ජනක සම්පත් මහතා රු 10,000.00
මාලනී පරණවිතාන මහත්මිය රු 10,000.00
මදුභාෂිණී ගුණරත්න මහත්මිය හා පවුලේ සියලු දෙනා රු 8,500.00
මංජු අක්කා රු 5,000.00
ලයනල් ගුණතිලක මහතා රු 5,000.00
වත්සලා අක්කා අතුලු පවුලේ සියලු දෙනා රු 4,000.00
ක්‍රීශාන්ත සමරවීර මහතා රු 5,000.00
රුවන් එස්. ජයසිංහ අයියා රු 2000.00
ශමීන් බණ්ඩාර මහතා රු 2,000.00
අමිල ගමගේ මහතා රු 2000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1000.00
අමල් මහගෙදර මහතා රු 700.00
කාශ්‍යප බණ්ඩාර මහතා රු 500.00
චතුරි විසුම්පෙරුම නංගියා රු 300.00

———————————————–

මුලු ලැබීම් රු 104,000.00

මේ පින්කමින් ඉතිරි  මුදල රු 29,900.00  ක් උනා.

කලින් පින්කම නරඹන්න මේ ලින්ක් වලින් පුලුවන්

වෙබ් අඩවියෙන් නරඹන්න

http://wp.me/p4XCOM-pK

බ්ලොග් අඩවියෙන් නරඹන්න

http://sasuna.blogspot.com/2016/05/2016.html

වීඩියෝව නරඹන්නhttps://youtu.be/IgYWpwMgTew

https://www.youtube.com/watch?v=IgYWpwMgTew

මේ පින්කම සදහා වැය වූ මුදල රු 10,000.00ක්. ඒ කෑම පාර්සල් සදහා. එතකොට අනිත් වියදම්. ඒ කියන්නෙ ප්‍රවාහන වියදම්. පින්වත් ජීවන්ත මල්ලිග තනිවම දරල. බොහොම පින් සිදු වෙනව.

පින්වත් යාලුවනේ මේ අවස්ථාවෙ අපි කලේ මහා පින්කමක්.  අපේම ලෙයින් හැදුන අපේම මිනිස්සු බඩගින්නෙ ඉද්දි අපි කාල බීල සංතෝෂ වෙන්නෙ කොහොමද? අපිට පුලුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි එකිනෙකාට උදව් කරගත යුතුයි. ඒ යුතුකම ඔ‍බේ දායකත්වයෙන් අපි කලා කිව්වම හදවතට දැනෙන්නෙ පුදුම සතුටක්.

බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ ම මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්‍යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාද? අපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්‍යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ම‍ාගේ ප්‍රණාමය.

පින්වත් යාලුවො කලේ මහා කුසලයක්. වශේෂයෙන්ම මේ වෙනුවෙන් ලබාදුන් මුදල් පරිත්‍යාග කල අයට වගේම උමයංග මල්ලිටත්, ජීවන්ත මල්ලිටත් මේ පින් හිමිවේවා.

මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝග, ජරා, මරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා. ඒ අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්‍යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම් ඒ අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්, එනිසාම ජාතියත්, ජරාවත්, මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා …

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට වත් නොලැබේවා.  ආහාර අවශ්‍ය වන විට දිව්‍ය බොජුන් පහලවේවා. දිව්‍ය ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්‍රික වේවා. ගොවිතැන් බත්, හරකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්‍රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා.

තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම ඒ අයුරින්ම ඉටුවේවා. පෘතග් ජන පුද්ගලයන් වශයෙන් ඔබේ සිතේ ඇතිවන නරක නපුරු අයහපතක් සිදුවන ඔබේ සියලු සිතිවිලි වලට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා.

ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. ප්‍රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා.

මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාව වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්‍රාප්ත වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

පින්කම සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

අවතැන් වූවන්ට දහවල් ආහාර පරිත්‍යාගය ...

අවතැන් වූවන්ට දහවල් ආහාර පරිත්‍යාගය – මුල්ලේරියාව

අවතැන් වූවන් සදහා ක්ෂණික සහන සැපයීමේ ව්‍යාපෘතිය – බුලත් කොහුපිටිය 2016

By Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

පහුගිය කාලයේ අධික වර්ෂාව නිසා බොහෝ ‍ප්‍රදේශ නාය ගියා. දහස් ගණනක් අවතැන් උනා. කිහිප දෙනෙක් මිය ගියා. ඉතින් අවතැන් අය වෙනුවෙන් යමක් කරන්න අපි කල්පනා කලා.  රඹුක්කන ප්‍රා. ලේකම් කාර්යාලයට කථා කලාම දැනගන්න ලැබුනෙ බුලත් කොහුපිටිය පැත්තය ජලය හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩුපාඩුයි කියල. අපි ඉක්මනින් සූදානම් උනා. අපිට තිබුනෙ පැය 24කටත් අඩු කාලයක්. ඉතින් පින්වත් මිතුරන් ඉක්මනින් ඒ සදහා මුදල් ලබාදුන්නා.

ජනක මහතා රු 20,000.00
එරංග විතාරණ මහතා රු 20,000.00
සිදත් චමීර මහතා රු 10,000.00
ජනක සම්පත් මහතා රු 10,000.00
මාලනී පරණවිතාන මහත්මිය රු 10,000.00
මදුභාෂිණී ගුණරත්න මහත්මිය හා පවුලේ සියලු දෙනා රු 8,500.00
මංජු අක්කා රු 5,000.00
ලයනල් ගුණතිලක මහතා රු 5,000.00
වත්සලා අක්කා අතුලු පවුලේ සියලු දෙනා රු 4,000.00
ශමීන් බණ්ඩාර මහතා රු 2,000.00
අමිල ගමගේ මහතා රු 2000.00
රුවන් ජයසිංහ මහතා රු 2000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1000.00
ක්‍රීශාන්ත සමරවීර මහතා රු 5,000.00
අමල් මහගෙදර මහතා රු 700.00
කාශ්‍යප බණ්ඩාර මහතා රු 500.00
චතුරි විසුම්පෙරුම නංගියා රු 300.00
———————————————–
මුලු ලැබීම් රු 106,000.00

මෙහි ඔබේ නම සදහන් නොවුනානම් වහාම දැනුම් දෙන්න. නම් සදහන් නොකර මුදල් එවූ සියලු දෙනාම වහාම මා හට පුද්ගලික මැසේජ් කරන්න.

වියදම්.

අපිට මේ සමහර මුදල් ලැබුනේ ව්‍යාපෘතිය ඉවර කලාට පස්සෙයි. වෙනත් ව්‍යාපෘතියක මුදල් යොදාගෙන සිදුකල ව්‍යාපෘතියට අදාල මුදල් ලැබුනෙ පසුව නිසා ඒ ඉතිරි සියලු මුදල් ඊලග ගමනට යොදාගන්නව.

ලීටර 5 වතුර බෝතල් 500ට = 85 X 500 = රු 42,500.00
සරම් 290 X 100 = 29000 – 10% = රු 26,100.00
ප්‍රවාහනය සදහා ලොරිය නොමිලේ ලැබුන අතර ඩීසල් වියදම රු 4,000.00
භාණඩ රැස්කිරීමට ප්‍රවාහන වියදම රු 300.00
පැටවීම් බෑමට රැගෙන ගිය අයට සංග්‍රහ වියදම රු 1200.00
———————————
මුලු වියදම රු 74,100.00

ඉතිරි මුදල රු 31,900.00 පාසැල් පොත් ආදිය රැගෙන යාමට දෙවන වටය සදහා ‍යොමු කිරීමට බැංකුගත කෙරේ.

පින්වත් යාලුවනේ මේ අවස්ථාවෙ අපි කලේ මහා පින්කමක්.  ඒ වගේම බොහොම දුක් විදල  කෑම පවා වෙලාවට නොගෙන වැස්සට තෙමිල ඒ වගේම දුම්රිය අනතුරුවලින් පවා බේරිලයි අපි මේ පින්කම කලේ. විශේෂයෙන් වතුර බෝතල්  500 කියන්නෙ වතුර ලීටර 2500ක්.  වෙසක් දින දෙක නිවාඩු නිසා කර්මාන්ත ශාලා වසා ඇති නිසා ඒ අයට වතුර ඉතාම වැදගත් උනා.

හොදයි. දානයේ ආනිසංස මොනවාද ?

සත්පුරුෂ පින්වතුනි දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ.

▶ තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.

▶ තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.

▶ තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.

▶ තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.

ශ‍්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව පෙන්වා දිය හැකිය.

බොහෝ දෙනෙක් කථා කරනුයේ ජාතියේ නැගිටීම හා පිබිදීම පිලිබදවයි.  එහෙත් අසරණ අපේ ම මිනිසුන් වෙනුවෙන් පුංචි හෝ පරිත්‍යාගයක් කරන්නේ කීයෙන් කී දෙනාද? අපේ මුහුණුපොතේ මිතුරන් සියලු දෙනා එක්වී අද සිදු කර ඇත්තේ මහා පරිත්‍යාගයක්. ඔබ උපයන ධනයෙන් කොටසක් අපේම හිතවතුන් අතු බෙදා දීමට කටයුතු කල ඔබට ම‍ාගේ ප්‍රණාමය.

පින්වත් ඔබ සිදුකලේ මහගු පින්කමක්. මා කෙරේ විශ්වාසයෙන් මට ලබාදුන් සියලු මුදල් කිසිදු සතයක් අපතේ නොයන අයුරින් සංවිධානය කලා. මේ එකුදු සතයක් කිසිදු අපයෝජනයක් සිදු නොකල බවට මම සහතික වෙනව. ඒ වගේම ඉතාම සුදුසු අය තෝරලයි මේ උපකාරය සිදු කලේ. ඔබ දකින්න ඇති අපි සියලු දේවල් ලබාදුන්නේ අයදුම් පත්‍රයක් පුරවාගෙනයි. වගකිව හැකි පුද්ගලයන් එහි අත්සන යොදා තිබෙනව.

පින්වත් යාලුවො කලේ මහා කුසලයක්.

මෙපින් බලෙන් ඔබ හැදූ වැඩූ පින්වත් දෙමා පියන්ට යහපතක්ම වේවා. ඔවුන් ජීවත්ව සිටීනම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලු රෝග පීඩා දුරුවේවා. රෝග, ජරා, මරණ මේ කුණු කයට උරුම දේ උනත් ඉන් දැනෙන පීඩාව අවම වේවා. ඒ අය පරලෝසැපත් වී ඇතිනම් වැරදීමකින් හෝ දුගතියක ඉපිද ඇතිනම් ඉන් මිදී සුගතිගාමී වේවා. සුගතිගාමීව සිටීනම් ඒ යස ඉසුරු වඩා වර්ධනය වේවා. ඔබේ බිරිද / ස්වාමි පුරුෂයා පවා මේ පින් අනුමෝදන්වී යහපතම උදාවේවා. ඔබේ පුංචි දුවා දරැවන්ට මේ පින් ලැබී අද්‍යාපන කටයුතු ආදිය සියල්ල සාර්ථක වේවා. පවුලේ අනෙක් සියල්ලන්ටද මේ පින් ඒකාකාරවම හිමිවේවා. මියගිය ඤාතීන් පින් බලාපොරොත්තු වේනම් ඒ අයත් මේ පින් ලබා සැපවත් ජීවිත ගත කරත්වා.එතුලින් බුදුදමහ මනාව අවබෝධ කර ගන්නටත්, එනිසාම ජාතියත්, ජරාවත්, මරණයත් නැති පරම ශාන්ත නිවන් සුවයෙන්ම සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා …

නිවන් දක්නා ජාති දක්වාම ඔබට කුසගින්න යනු කුමක්දැයිවත් නොදැනේවා. සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට වත් නොලැබේවා.  ආහාර අවශ්‍ය වන විට දිව්‍ය බොජුන් පහලවේවා. දිව්‍ය ඕජස් ලැබේවා. ඔබ සිටින ගම රට පවා අතිශය සශ්‍රික වේවා. ගොවිතැන් බත්, හරකා බාන, වතුපිටි ආදිය දින දින දියුනු වේවා.  කිසිදු කලක ඔබේ භෝග, වතුපිටි, හරකබාන, වස්තුව, ගින්නෙන්, ජලයෙන්,සුලගින් වැනි ස්වාභාවික උපද්‍රවයන්ගෙන් පමණක් නොව සොර සතුරන්ගෙන් පවා ආරක්ෂා වේවා.

තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ඔබ පය තබන තැනක් පාසා කිරියෙන් පැණියෙන් ඉතිරේවා. කරන කියන හිතන පතන සෑම යහපත් දෙයක්ම ඒ අයුරින්ම ඉටුවේවා. පෘතග් ජන පුද්ගලයන් වශයෙන් ඔබේ සිතේ ඇතිවන නරක නපුරු අයහපතක් සිදුවන ඔබේ සියලු සිතිවිලි වලට බාධා ඇතිවී ඔබේ සසර ගමන යහපත් කරගැනීමට හැකිවේවා. සතර වරම්දෙවියන් සතර වයින් ඔබ ආරක්ෂා කරත්වා. නිවන් දකිනා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයවත් අසන්නටවත් නොලැබේවා.

ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. ප්‍රඥාව වර්ධනය වේවා. තාර්කික බුද්ධිය ඇතිවේවා.

මෙපින් බලෙන් ඔබට ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාව වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්‍රාප්ත වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

පින්කම සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

සියලු චායාරූප නරඹන්න

අවතැන් වූවන් සදහා ක්ෂණික සහන සැපයීම

අවතැන් වූවන් සදහා ක්ෂණික සහන සැපයීමේ ව්‍යාපෘතිය – බුලත් කොහුපිටිය 2016

වීඩියෝව නරඹන්න

 

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් ‍කාව්‍යමය ධර්ම දේහනාවක් පැවැත්වූ වගයි …

By Uncategorized

පින්වත් යාලුවනේ අපි වෙසක් පොහොය නිමිති කරගෙන කාව්‍යමය ධර්ම දේශනාවක් පැවැත් වූවා. මේ ධර්ම දේශනයට දායක වුනේ පහත නම් සදහන් පින්වත් අයයි.

Nelosendi Sendi අක්ක රු  33320.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 3000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1000.00
හිරන්ත මදුදසංක මහතා රු 1000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 200.00
—————————————-
එකතුව රු  38620.00

වියදම්

ස්වාමීන් වහන්සේගේ ගමන් වියදම රු 15,000.00
විදුලි බල්බ් වැල් සදහා රු 2400.00
ධර්මශාලාවේ විදුලි පංකාව අක්‍රිය වීම නිසා
නව විදුලි පංකාවක් සවිකලා රු 3300.00
ප්‍රචාරක කටයුතු සදහා විදම රු 2000.00
සංග්‍රහ කටයුතු සදහා වියදම රු 1000.00
සුලු වියදම් රු 250.00
නෙලුම් මල් සදහා රු 500.00
——————————-
වියදම්වල මුලු එකතුව රු 24,450.00

Read More