Skip to main content
Monthly Archives

April 2016

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් තවත් ආලෝක පූජාවක් සිදුකල වගයි …

By All Posts

2016 මාර්තු මස 31 වැනිදා අපි තවත් විදුලි ආලෝක පින්කමක් සිදු කලා.  ඒ ඇස් පෙනීම අහිමි වූ කාන්තාවක් වෙනුවෙන් විදුලි ආලෝකය ලබාදීමයි. ඇයට ඇස්පෙනීම අහිමි උවත් ඇගේ දියණියට හා දෙමාපියන් වෙනුවෙන් ඒ ව්‍යාපෘතිය සිදුකලේ. ඒ පින්වත් මිතුරෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කරවීමටයි. ඒ විස්තර පහත දැක්වෙනව.

මේ සදහා

හිරන්ත මදුසංක මහතා   රු   7600.00
යසිත බෝගමුව මහතා   රු   1000.00
පදනමේ අරමුදලින්        රු 13,400.00
————————————————–
මුලු වියදම                      රු  22,000.00

මුලු වියදම රු 20,650.00

ඇය නිවස වයරින් කරල තිබුනෙ. ඉතිරි මුදලින් අවශ්‍ය විදුලි බල්බ ආදිය ගන්න කියල ඉතිරි රු 1350.00 ඇයටම ලබාදුන්න.

විදුලි ආලෝක පූජාවත් වැටෙන්නේ ආලෝක පූජාවක් ලෙසටයි. පහන් පූජාවේ අනුසස් විදුලි ආලෝක පූජාවේ අනුසස් වලට සමානයි. මේ බලන්න පහන් ආලෝක පූජාවේ අනුසස් මොනවද කියල.

Read More

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාථමික පාසැල් දෙකක දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ බෙදා දුන් වගයි …

By All Posts

රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් මුවපිටිය හා වැලිගම ප්‍රාාථමික විද්‍යාලයේ දූ දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධාපන කටයුතු සිදුකරන බව අපිට දැනගන්නට ලැබුන. ඒ නිසා ඒ දරුවන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් සිදු කරන්නට අපේ සිත්වල ඇති උන බලාපොරොත්තුවක් කමයි මේ අයුරින් මුදුන් පැමිනුනේ. පරිත්‍යාගයන් සිදුකගේ අසල විහාරස්ථානයේදියි.

මේ වෙනුවෙන් ලැබීම්

සම්පත් හේවගම මහතා රු. 15,000.00
ක්‍රිශාන්ත ගමගේ මහතා රු 15,000.00
සේපාලිකා නංගි රු 10,000.00
රොෂාන් අල්විස් මහතා රු 7500.00
සුමිත් සෙනෙවිරත්න මහතා රු 5000.00
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 2000.00
ශෙහානි බොතේජු මිය රු 2000.00
හිරන්ත මදුසංක මහතා රු. 1500.00
නුවන් කරැණාවර්ධන මහතා රු 1000.00
තිළිණ විජේවර්ධන මහතා රු 1000.00

එකතුව රු 60,000/-

Read More