Skip to main content
Monthly Archives

November 2015

මහියංගණ, හසලක, මහගලඉන්න ශ්‍රී පියදර්ශනාරාම විහාරස්ථානයට ත්‍රිපිටක පොත්වහන්සේ පූජාකල වගයි …

By All Posts

2015-11-18 දින  සම්බුද්ධ ශ්‍රී මුඛ පද්මයෙන් සුදේශිත අති පරම පූජණීය ස්වාසූ දහසක් ධර්මස්කන්ධය එහෙමත් නැතිනම් ත්‍රිපිටක පොත් වහන්සේ දුෂ්කර ප%දේශයක විහාරස්ථානයකට පූජා කලා. මහියංගණය හසලක මහගල ඉන්න ශ්‍රී පියදර්ශවාරාමයටයි මේ පරිත්‍යාගය සිදුකලේ.

මේ පරිත්‍යාගයට

ඕස්ට්‍රේලියාවේ සේවයේ නියුතු පින්වත් කල්‍යාණ මිත්‍ර දුලිප් ‍දෙනවක මහතා, තාරක විතානගේ මහතා සහ පර්සි ජයතිලක මහතා රු 88010.00
ප්‍රියන්කා කුරුගල අක්කා රු 600.00
——————————————
එකතුව රු 88,610.00

ත්‍රිපිටක පොත් වහන්සේ රු 40,000.00
වීදුරු අල්මාරිය රු 30,000.00
ප්‍රවාහන වියදම රු 13,000.00
————————————-
මුලු වියදම රු 83,000.00

ඉතිරි මුදල් ඊලග පින්කමක් සදහා යෙදවීමට බැංකුගත කෙරෙුනා.

 පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

 සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද්‍දු දානයක් නෑ.

 ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)

  1. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

  1. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

  1. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න. ර්ම දේශනා කිරීම

Read More

පින්වත් කළණ මිතුරන්ගේ දායකත්වයෙන් රු 50,000/-ක වියදමින් කඨින පින්කමකදී සිවුරු පූජාවක් සිදුකල වගයි …

By All Posts

පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී මේ මහා කඨින පින්කම සිදුකරනු ලැබුවා. සිනය හරියටම සදහන් කලොත් 2015/11/16 වැනිදායි.

 

මුදල් ලැබීම්

ජීවන් ජයනාත් මහතා රු 28,000.00

සේපාලිකා නංගී රු 10,000.00

ඉෂාර ප්‍රනාන්දු මහතා රු 10,000.00

චන්දිමා පීරිස් මහත්මිය රු 7500.00

මදුරාණි මංචනායක සොයුරිය රු 7000.00

සෝභිත වීරක්කොඩි මහතා රු 4000.00

තිළිණ විජේවර්ධන මල්ලි රු 3000.00

හිරන්. මදුසංක මහතා රු 2100.00

ඉෂාන් උදය මහතා රු 2000.00

යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2000.00

ප්‍රියන්කා කුරුගල අක්කා රු 2000.00

රුවන් එස් ජයසිංහ මහතා රු 1500.00

හර්ෂණී ප්‍රනාන්දු සොයුරිය රු 1000.00

——————————————

මුලු ලැබීම්   රු 80100.00

Read More

පින්වත් සොයුරියගේ ජන්ම දිනය දා දහම්පාසැල් යන අසරණ පාසැල් දරුවන් 08 දෙනෙක් වෙනුවෙන් ශිෂ්‍යාදාර ලබාදුන් වගයි …

By All Posts

අද (2015/11/08) දින සෞඛ්‍ය අමාත්‍යන්ශයේ සේවයේ නියුතු එන්. හේරත් පින්වත් සොයුරියගේ උපන්දිනය දා ආර්ථික අපහසුකම් ඇති අසරණ දූ දරුවන් අට දෙනෙක් වෙනුවෙන් ශිෂාධාර ලබාදුන්නා.

 

ලද මුදල රු 25,000.00

වියදම්

පාවහන් සදහා වියදම රු 7955.28

පාසැල් පොත් සදහා වියදම රු10345.00

වතුර බෝතල් සදහා වියදම රැ 720.00

පාසැල් නිල ඇදුම් රෙදි සදහා රු 4111.25

පාර්සල් කිරීම සදහා රු 200.00

ප්‍රවාහන වියදම රු 650.00

———————————————-

මුලු වියදම රු 23981.53

Read More

විදුලි පහන්කණු පරිත්‍යාග කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කල වගයි …

By All Posts

පින්වත් යාලුවනේ, පසුගියදා පොල්ගහවෙල බෝධි ගුප්ත පිරිවෙනට විදුලි පහන් කණු පහක් පරිත්‍යාග කලා.

එහි ලින්ක් පහත දැක්වෙනව.

http://wp.me/p4XCOM-kV

http://sasuna.blogspot.com/2015/10/blog-post.html

https://www.facebook.com/buddhist.foundation/photos/a.179385288934645.1073741827.179290992277408/410552479151257/?type=3

පින්කම සදහා මුදල් ලබාදුන්න මිතුරන්ගේ නම් පහත දැක්වෙනව.

Nelosendi Sendi  රු 17500.00
රොෂාන් ප්‍රගීත් මහතා රු 17500.00
ජනක ලියනගේ මහතා රු 11300.00
චන්දිමාල් ගුණවර්ධන මහතා රු 4000.00
රවින්දු පුෂ්පකුමාර මහතා රු රු 3500.00
හිරන්ත මදුසංන මහතා සහ මිතුරන් රු 900.00
—————————————————–
ලැබීම්                     රු 54700.00

 පොල්ගහවෙල බෝධිගුප්ත පිරිවෙනට පරිත්‍යාග කලේ පහන් කණු පහක් පමණයි. ඉතිරි පහන්කණු පහ පරිත්‍යාග කලේ කුරුණෑගල බෝයගනේ පරමාර්ථ ධර්මායතනයටයි. ඒ අනුව විහාරස්ථාන දේකේම විදුලි පහන්කණු වෙනුවෙන් වියදම් පහත පරිදි සදහන් වෙනවා.

 බාස් කුලිය රු 3000.00
ප්‍රවාහන වියදම 2400.00
උපකරණ සදහා වියදම රු 38719.00

( සියලු බිල්පත් පහත සදහන් ලින්ක් එකින් බලාගන්න පුලුවන්.)

 මේ අනුව මුලු වියදම් රු 10581.00

එම සියලු මුදල් ඉදිරි පින්කමක් සදහා යොමුකෙරෙනවා.

වීඩියෝව නරඹන්න

මේ පින්කමද කලින් පින්කමේ කොටසක්ම වන බැවින් ඒ අයුරින්ම පුණාණුමොදනා කරන්නම්

හොදයි දැන් අපි බලමු පහන් පූජාවේ ( ආලෝක පූජාවේ ) අනුසස් මොනවද කියල.

පහන් පූජාවේ අනුසස්,

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයිතථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේදආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි.එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑමපිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –

ප්‍රඥාව ලැබීමට හේතු වීම

හො‍ද ඇස් ලැබීමට හේතු වීම

දිවැස් ලැබීමට හේතු වීම

පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම

ඍධිමය හැකියා පහළ වීම

ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම

ඇස් රෝග නොවැලදීම

දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝඅනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත්මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවරසහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ.පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමටකළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේවදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළසත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවාළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන්පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත්පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වාහිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටාතබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටාසර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.

එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස්ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන්වහන්සේ)

ඉතින් ඒ හා සමාන මහ පින්කමක් අපේ මිතුරු මිතුරියන්  විසින් සිදු කරගත්තෙ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ඔවුන් විසින් මේ කටයුත්තට දායක උනේ. මේ පින්කමේ  බලය මෙතකැයි කියන්න බැරි තරම්. බොහෝමයක් පින්කම්වල පලවිපාත ලැබෙන්නෙ පහුවෙලා. ඒක හරියටම කියනවනම් දෙවූ මී පැණි  මිදෙන්න වෙලාව ගතවෙනව වගේ පසුව පල විපාක ලැබෙන පින්කම්. උදාහරණයක් කිව්වොත් අපි චෛත්‍යයක් හුණු ආලේප කලොත් ඒ චෛත්‍යය දිහා බලල බොහේ අය සිත පහදගන්නව. ඒ අයට සිත පහදවා ගැනීමේ පිනට ප්‍රතිවිපාක  ලැබෙන්නෙ පසුව.

හැබැයි අපේ මිතුරු මිතුරියන් සිදුකලේ එවලෙම විපාක ලැබෙන පින්කමක්.  මොකද මේ විහාරස්ථානය පිහිටල තියෙන්නෙ පාරවල් දෙකකින් එන්න පුලුවන් විදිහට. දෙවන පාරටයි අපි පහන් කණු සවිකලේ. ඒ ප්‍රදේශය ගොඩක් අදුරු වෙලයි තිබුනෙ. ඉතින් පහන් කණු සවිකල නිසා දැන් ඒ ප්‍රදේශයම ඉතාම ආලෝකමත් වෙලා. බලන්න ලස්සනයි. හරියටම කියනවනම් පුන්සද පෑව්ව වගේ. ඇත්තටම

සර්ප ආදී සතුන්ගෙන් ආරක්ෂා වෙන්නට මේ විදිලු පහන්කණු හරිම ප්‍රයෝජනවත් වෙනව.

ඉතින් පින්වත් යාලුවනේ, යෙහෙලියනේ  ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා.  ඔබ සිදුකලේ පුංචි පින්කමක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සංඝයා විෂයෙහි සිදුකල මහා බලසම්පන්න ආලෝක පූජාවක්. පහනකින් ආලෝකය ලැබෙන්නෙ කුඩා පුදේශයකට. ඔබ කල පරිත්‍යාගයෙන් විහාරස්ථාන භූමියේ අතිවිශාල වපසරියක් ආලෝකමත් වෙලා. හරිම ප්‍රිය ජනක ආලෝකයක්. ඉතින් එක් පහනකින් කල්ප සිය ගණනක් ආනිසංස ලැබෙනවනම් මෙවන් මහ පින්කමක ආනිසංස නොපමණ වේවිද? කෙසේනමුත් මෙවන් පින්කමක් සිදුකල ඔබවන් පුතුන් දූවරුන් බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …

ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …

දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්,  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. විහාරස්ථාන භූමිය ආලෝකවත් කිැීමෙන් මෙන්ම සර්පාදීන්ගෙන් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කිරීමේ පිනෙන්  සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. සිදුකල ආලෝක පූජාවේ බලයෙන් උපන් උපක් ආත්මභායන්හිදී හිරුමෙන් මහා රශ්මියක් විහිදුවන අභිමානවත් බව ලැබේවා. තරු අඅතරට වන් සූර්ය රාජයෙක් සේ ඔබ අන් අය අතර බැබලේවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ලබාදුන් ආලෝකයෙන් අන් අයට අදුරෙහිදී ඇති බාධා දුරු උනා වගේ ඔබගේද සියලු බාධාවෝ දුරු වේවා. සර්ප ආදී සතුන්ගෙන් අන් අයට ලබාදුන් ආරක්ෂාව තුලින් ඔබටත් සතරවරම් දෙවි රැකවරණය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

මෙව්න් මහ පින්කම සිදුකරන්නට අපටත් දහදිය මුගුරු හෙලන්න වාසනාව ලැබුන. ඒ මහා පින් බෙලෙන් මෙවන් මහා පින්කම් වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් වැඩි වැඩියෙන් මහ පින්කම් කරන්න වාසනාව ලැබේවා. කෙලවර පතන බෝධියෙන් නිර්වාණ අවබෝධයටත් ලෝක සත්වයාට නිවන් මග පෙන්වමින්, අපමණ සත්ව වර්ගයාට නිවන් මග පෙන්වීමටත් මේ පින්කම් හේතුවාසනා වේවා.

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා.

චායාරූප නරඹන්න

නැළව විදුලි පහන්කණු පූජාව - 2 අදියර

නැළව පරමාර්ථ ධර්මායතනයේ විදුලි පහන්කණු පූජාව -‍ දෙවන අදියර

 

රු ලක්ෂ දෙකකට ආසන්න වියදමක් දරමින් දුෂ්කර ගම්මානයක මහා කඨින චීවර පූජාවක් සිදුකල වගයි …

By All Posts

2015 ඔක්තෝබර් 30 31 දෙදින තුල අපි කඨින මහා පින්කමක් සිදුකලා. මේ පින්කම සිදුකගේ මහියංගණය, හසලක දුම්ගොල්ල කියන ප්‍රදේහයේයි. මේ අති දුෂ්කර ගම්මානට ගමන් පහසුකම් පවා නැහැ. නිසි පරිදි පාරවල් නැහැ. තියෙන පාරවල් වලත් මහා වලවල් හෑරිල. ඊට හපන් අලි කරදරේ. වසරකට එක්වරක් පමණක් වගාකරන මේ ප්‍රදේශයේ පුද්ලගයින් විදින්නෙ පුදුම දුෂ්කර ජීවිතයක්. ඉතින් එවන් ගමක විහාරස්ථානයක දුෂ්කරතා ගැන කියන්නට අවශ්‍ය නැහැනෙ. ඉතින් බොහොම දුෂ්කරතා විදගෙන මේ පින්කම සිදුකරන්නට උනා. කොටින්ම කියනවනම් රෑ නිදාගත්තෙත් වාහනයේ සීට් එකේ.

කොහොම නමුත් බොහොම සතුටින් පින්කම කරන්න අපිට පුලුවන් උනා. පහත නම් සදහන් පින්වතුන් හා පින්වතියන් පින්කමට දායක උනා.

 

සුජී ආරච්චිගේ මෙනෙවිය 60660.00

පුෂ්පකුමාර මහතා රු 30,000.00

ජනක ලියනගේ මහතා රු 27500.00

පුබුදුනී අක්කා රු 19700.00

Nelosendi Sendi රු 18,188.00

කපිල විමලරත්න මහතා රු 11,429.00

සමිල විෙජ්සංහ මහතා රු 10,000.00

ඉෂාර ප`නාන්දු අයියා රු 10,000.00

සේපාලිකා නංගී රු 10,000.00

ක්‍රිශාන්ත සමරවීර මහතා රු 9,000.00

ධනූෂා වීරරත්න සොයුරිය රු 7000.00

ලයනල් ගුණතිල කමතා රු 5000.00

නිෂාන් සුරංග මහතා රු 5,000.00

සෝභිත අල්විස් මහතා රු 4000.00

මදුභාෂිණී මිය හා රොෂාන් මහතා රු 3000.00

රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා රු 2800.00

මහේෂ් ශ්‍රී ලාල් මහතා රු 2000.00

උනේෂ් රණසිංහ මහතා රු 1500.00

චන්දන මදුරංග මහතා රු 1500.00

යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1500.00

ශානි බොතේජු මිය 1400.00

රුවන් ජයසිංහ මහතා රු 1400.00

හිරන්ත මදුසංක මල්ලි 1700.00

යොහාන් සංජය මහතා රු 1000.00

දීප්තිකා ධර්මපාල මෙනෙවිය රු 1000.00

———————————–

මුලු මුදල රු 246277’00

 

මීට අමතරව අපිට මහණ මැෂිමක්, රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොත් 20ක්, පාවඩ දෙකක්, මල්පෝච්චි දෙකක්,  ආදිය ලබාදෙන්න අපේ තරුමිණි අක්ක කටයුතු කලා.

 

අපිට ගියපු වියදම් පහත පරිදි උනා.

අටපිරිකර හා මුතුකුඩ වලට රු 57450.00

මහන මැෂිම මොරටුවේ සිට රැගෙන ඒමට වියදම රු 6000.00

ඛෙහෙත් පූජාවට වියදම රු 4950.00

බණ දා රාත්‍රියේ සවස තේපැන් වියදම රු 2030.00

උදෑසන කිරි ආහාර හා අබතෙල් සදහා 3477.00

පලතුරු සදහා රු 6110.00බ

බණට වැඩි ස්වාමීන් වහන්සේගේ අට පිරිකරට හා බුද්ධ පූජා පාත්‍රයේ වියදම රු 7000.00

ප්ලාස්ටික් වට්ටි වියදම රු 1760.00

පිරිකරට විදුලි ලන්තෑරුම් සදහා වියදම රු 10500.00

පහන් සහ වැටි වියදම රු 280.00

පිරිකර ඖෂධ වියදම රු 4950.00

ගමන්යාමට නොමිලේ ලබාදුන් ත්‍රිරෝධ රථයට තෙල් ගැසුවා රු 1000.00

මාලු දහ අයිස්ත්‍රීම් ආදිය සදහා රු 5883.00

වතුර ටැංකිය, විදුලි බල්බ හා ප්‍රවාහන වියදම රු 17155.00

ජල පෙරනය රු 4‍7559.00

දානය සහ ගම්වාසීන්ට ලබාදුන් දන්සැල සදහා වියදම රු 7413.00

ගමන් වියදම් රු 12950.00

බණට වැඩි ස්වාමීන් වහන්සේලාගේ මග වියදම රු 11,000.00

අනෙකුත් ප්‍රවාහන වියදම රු 1700.00

—————————————————

මුලු වියදම රු 171,903.00

ඉතිරි මුදල රු  රු 74374.00 මුදල දෙසැම්බර් මාසයේ පැවැත්වෙන වැඩිහිටි උපහාර පින්කම වෙනුවෙන් බැර කෙරේ.

 

අප ජීවත් වන මේ ඉරහඳ යට කෙනෙකුට කළ හැකි මහා බල සම්පන්න පින්කම් අටක් තිබෙනවා. ඒ බව මෙම ගාථාවේ සඳහන් වෙනවා.

 

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධපමුඛ සංඝස්ස දානං
ධම්මස්ස ලේඛනං
ඛෙත්තදානංච බුද්ධස්ස පටිමා
කරණංපීව
රණං වච්චකුටියා
අට්ඨපුඤ්ඤාණී වුච්චරේ

 

  1. කඨින දානය.
  2. අටපිරිකර පූජාව
  3. ආවාස පූජාව
  4. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්පිදීම
  5. ධර්මය ලිවීම
  6. කෙත්වතු පූජා කිරීම
  7. බුද්ධ ප්‍රතිමා කිරීම
  8. වැසිකිළි කැසිකිළි සාදා පූජා කිරීම

 

යන මේ පින්කම් අට සාමාන්‍යයෙන් අටමහ කුසල් වශයෙන් ප්‍රසිද්ධයි.

ඒ අනුව කඨින චීවරයක් පූජා කිරිම අටමහ කුසල්වලට අයිති වෙනවා. මෙබඳු කඨින චීවර පූජාවක් කරන්නට පුළුවන් වෙන්නේ යම් සම්බුදුවරයෙකුගේ සාසනයක් තුළ පමණයි. එය ද කළ හැක්කේ මේ මිනිසුන් සිටින පොළෝ තලයේ පමණයි. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල තිරිසන් ආදී අපායවල මේ පින්කම කිසිසේත්ම කරන්නට බැහැ, දකින්නටත් බැහැ. මිනිස් ලෝකෙත් හැම තැනම මෙය දකින්නට හෝ කරන්නට බැහැ. මෙය වෙන පින්කම් සේ හැමදාම කරන්නටත් බැහැ. ලෝකයේ සම්මත කරගත් වෙනත් ආගම්වල මේ පින්කම දකින්නට නැහැ.

මේ පින්කමේ විශේෂත්වය තමයි බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අරමුණු කරගෙන බෞද්ධ පිරිසක් හෝ එබඳු අවබෝධාත්මක සිතක් ඇති කෙනෙක් විසින් කිරීම. භික්ෂූන් නැතිව මෙම පින්කම කොහොමවත් කරන්නට බැහැ. කොහොම වෙතත් කඨින චීවරයක් පූජා කිරිම, එම චීවර පූජාව සමඟ මොනයම් හෝ ලොකුª කුඩා දෙයක් ඒ කියන්නේ අඩු තරමින් ඉඳිකට්ටක්, නූල් බෝලයක් පූජා කිරිම පවා මහා බල සම්පන්න කුසල් නැත්නම් ආනිසංස ගෙනදෙන බව කවුරු කවුරුත් බලවත් ලෙස විශ්වාස කරනවා. ඒ බව නොයෙක් ධර්ම ග්‍රන්ථවල මේ විදියහට සටහන් කරලා තිබෙනවා.

 

යාවතා සම්බ පරික්බාරේ
සංඝස්ස සතතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කාලං නාග්ඝති සෝළසිං

යම් කෙනෙක් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන සියලු පිරිකර හැමදාම නිරතුරුව පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසයත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසත් අතර සොළොස් කලාවෙන් කලාවක් නොවටින ගුණයක පරතරයක් තිබෙනවා. නැතිනම් කඨිනයක් පූජා කිරීමෙන් දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලැබෙනවා.

 

ගිරිරාජ සමංරාසිං
සංඝෙ දේති තිවිවරං
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළිසිං

ලොව ඇති උසස්ම වර්ගයේ වස්ත්‍රවලින් දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳන ආදී සිවුරු වලින් මහමෙර උසට ගොඩ ගසා පූජා කළත් කඨින පූජාවක් කිරීමෙන් ලබන ආනිසංසත් එක්ක ගත්තාම දහසය පංගුවෙන් එක් කොටසක් තරම්වත් වටින්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මහමෙර උසට සිවුරු පූජා කරනවාට වඩා කඨින චීවරයක් පූජා කිරීම බලසම්පන්න බවය. මේ ගාථා දෙකම දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා 500ක් ඉදිරියේ දී.

 

තවත් ගාථා ගොඩකින්ම කඨින පූජාවක ඇති වටිනාකම කියලා තිබෙනවා.

 

යාවතා සම්බ දානානි
ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

ලෝකයේ තිබෙන සියලු වර්ගයේ දානයන් නිතර නිතර අවුරුදු 100ක් දුන්නත් එහි ආනිසංස එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස හා සැසඳීමේ දී දාසය පංගුවෙන් එකක් පමණවත් නොවේ. කඨින දානයකින් ලැබෙන ප්‍රතිඵල ඊට වඩා බල සම්පන්න වෙනවා.

යාවතා පඤ්ච හේ සජ්ජං

ඒකො වස්ස සතං දදෙ
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං

මේ ලෝකයේ තිබෙන පස් ආකාර බෙහෙත් වර්ග අවුරුදු 100ක් දන් දුන්නත් කඨින පූජාවකින් ලැබෙන ආනිසංස එයට වඩා දහසය ගුණයෙන් ගුණයක් ප්‍රතිඵලයක් ලබා දෙනවා.

 

සබ්බ දානං දදන්තේන
අස්මිං පුථුවි මණ්ඩලෙ
සංඝස්ස දින්නං කඨිනංඅග්ගං
බුද්ධෙන වණ්ණිතං

මේ මිහිපිට දෙන දන් අතුරෙන් සංඝයාට දෙන ලද කඨින දානයම උසස් කොට බුදුවරුන් විසින් වර්ණනා කොට තිබෙනවා.

 

මානුසිකාච සම්පත්ති
දේවලෝකේච යා රතී
යාච නිබ්බාණසම්පත්ති
සබ්බමේතේන ලබ්භති

මිනිස් ලොව මිනිස් සම්පත් දෙව්ලොව දේව සම්පත් අවසානයේ උතුම් නිවන් සම්පත් සහ සියලු යස ඉසුරු ලබාදීමට මෙම කඨින පූජාවක ආනිසංසවලට බලයක් තිබෙනවා.

 

කඨිනානිසංස කියාදෙන නාගිත ථේරාපදානය ….

අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා කාලේ නාගිත කියලා පිරිමි ළමයෙක් ධනවත් ගෙදරක උපන්නා. පස්සේ කාලෙක මහණ කමට හිත ගිහිල්ලා බුදු හාමුදුරුවෝ ළඟ මහණ වෙලා රහත් වුණා.

දවසක් බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රිය උපස්ථායක හිමියන් වන ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා මෙහෙම කිව්වා.

“ආනන්ද අද එහි භික්ඛු උපසම්පදාවෙන් පැවිදි වෙච්ච මහ රහතන් වහන්සේලා 500ක් රැස් කරන්න” ආනන්ද හාමුදුරුවෝ ඒ කියන විදිහට කලාම ඒ 500ක් මහ රහතන් වහන්සේලා සමඟ හිමාලයේ අනවතත්ත කියන විල ළඟට වැඩියා. එතන අර කියන නාගිත මහ රහතන් වහන්සේ වැඩ හිටියා.

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ රහතන් වහන්සේලා අමතලා මෙහෙම ඇසුවා. “මහණෙනි, ඔබ වහන්සේලා අතරින් කවුරු හරි කෙනෙක් ඉස්සර කාලේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා විශේෂ පින්කමක් කරලා තිබෙනව නම් කරුණා කරලා මට කියන්න”

 

මේ කාරණය අහපු මහ රහතන් වහන්සේලා අතරින් නාගිත කියන මහ රහතන් වහන්සේ ඉදිරියට ඇවිත් මේ විදිහට කියන්න පටන් ගත්තා.

“ස්වාමීනි, මාගේ බුදුරජාණන් වහන්ස ! මීට අනූ එක් කල්පයකට පෙර විපස්සි කියලා බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා හිටියා. ඒ කාලේ බන්දුමතී කියලා නුවරක තිබුණා. ඒ නුවර තමයි මම ඒ කාලේ උපන්නේ. ඒ කාලේ මම දුගී මගී යාචකයන්ට හරියට දන් දුන්නා. නිතර නිතරම පන්සිල් අටසිල් මම සමාදන් වෙලා සිල් ආරක්ෂා කළා. එක දවසක් බන්දුමතී නගරයේ රජ්ජුරුවන් සහිත පිරිස මැද්දේ සවණක් ගණ බුදුරැස් විහිඳුවමින් වැඩ සිටිය විපස්සි බුදු හාමුදුරුවන්ව දැකල බණ අහල සිත පැහැදුන නිසා උන්වහන්සේ ඇතුළු මහා සංඝයාට මම ශ්‍රද්ධාවෙන් දන් දුන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කරලා වස් වැසූ ස්වාමීන් වහන්සේලාට පිරිකර සහිත කඨින චීවර දානයක් පූජා කරලා මෙයින් මට උත්තම වූ රහත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා ඉඳලා මේ වනතෙක්ම මම සතර අපායේ උපන්නේ නැහැ. දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි තමයි මම දිගටම උපන්නේ. ඒ තමයි මම කළ කඨින චීවර පූජාවේ ප්‍රතිලාභ නැත්නම් ආනිසංස.

 

උන් වහන්සේ පහත සඳහන් ගාථා කියමින් මේ විදිහට කඨිනයක ඇති ආනිසංස නැත්නම් ප්‍රතිඵල ගැන ප්‍රකාශ කළා.

 

කඨින දානං දත්වාන
සංඝෙ ගුණවරුත්තමෙ
ඉතෝ තිංසෙ මහා කප්පේ
නාභිජානාමි දුග්ගතිං

උතුම් වූ ගුණ ඇති සංඝයා කෙරෙහි කඨින දානයක් දී මහා කල්ප තිහක් දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනයක ආනිසංස.

 

අට්ඨාරසන්නං කප්පානං
දෙවලෝකේ රාමමහං
චතුත්තිංසක්ඛත්තුං දෙවින්දො
දෙවරජ්ජමකාරයිං

කල්ප දහ අටක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වාසය කළා. තිස්හතර වාරයක් සක් දෙව් රජුව ඉපදුණා. මේ තමයි කඨිනයක් පූජා කිරීමෙන් ලැබුණු ප්‍රතිඵල.

 

ආරපථෙ ආරපෙථ
චක්කවත්ති සිරිං ලභෙ
අසිතිං ච චතුක්ඛත්තුං
චක්කවත්ති අහොසහං

ගැසූ ගැසූ එක ඉදිකටු පාරක් පාසා තිසිහතර වාරයක් බැගින් සක්විති රජ වන්නට හේතු සම්පත් ඇත ද සසර එපමණ බොහෝ කලක් නොසිටි හෙයින් අසූ හතර වාරයක් චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබූ බව දැක්වීමෙන් කඨින දානයෙහි අනුසස් පැවැසූ අයුරුයි.

 

යත්ථයත්ථූපපජ්ජාමි
ලභිත්වා සබ්බසම්පදං
පුරිසානං උත්තමො හොමි
කඨිනදානස්සිදං ඵලං

උපනූපන් සෑම තැනම සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වුණා. මේ තමයි කඨින දානයක ආනිසංස.

 

දේව භවේ උපපජ්ජාමි
දෙවෙවා පි ච මානුසෙ
අඤ්ඤං ගතිං න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

 

දිව්‍ය ලෝකෙත්, මනුෂ්‍ය ලෝකෙත්, හැර නරකාදී දුගතියක උපන්නේ නැහැ. මේ තමයි කඨිනානිසංස,

 

දේව කුලේ උපපජ්ජාමි
බත්තියෙ වා පි බ්‍රාහ්මණෙ
හීනෙ කුලෙ න ජානාමි
කඨිනදානස්සිදං ඵලං

රජ සහ බ්‍රහ්මණ යන කුල දෙකේ හැර එයින් පහත් කුලයක උපන්නේ නැහැ. මේ තමයි කඨින දානයේ ප්‍රතිලාභ.

 

චක්කවාළමූපාදාය
මහිං සාගර කුණ්ඩලං
බොමදූස්සෙහි ජාදෙය්‍යං
කඨිනදානස්සිදං ඵලං

චතුස්සාගර පර්යන්ත වූ චක්‍රවාට පර්වතය ඇතුළත මුළු පොළොව සුදු පටපිළියෙන් වසන්ට පොහොසත් වුණා. මේ කඨින දානයෙහි අනුසස් තමයි.

 

අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ
අහෝ සංඝස්ස සම්පදා
පරිත්තදානං දත්වාන
ලද්ධං මේවිපුලං සුබං

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ගේ අර්හත්වය, නෛයර්්‍යාණිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂ ආශ්චර්යය, මවිසින් එක කඨින චීවරයක් දුන් විපාකයෙන් මේසා මහත් සම්පත් ලැබුවා.

 

තෙනෙව කුසලකම්මෙන
පියොහං දෙවමානුසෙ
තස්සෙ ව භද්දකම්මස්ස
පත්තොස්මි අමතං පදං

ඒ කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ට ද, මිනිස් ලොව උපන් විට මිනිසුන්ට ද, ප්‍රියමනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුසල කර්මයෙන් නිවනද ලැබුණා.

 

ඒවං නාගව්හයෝ ථෙරො
මජ්ක්ධ සංඝස්ස සොභනො
පකාසෙයි සකං කම්මං
අනොතත්ත මහාසරෙ

 

මසේ සඟ මැද බබලන ශාන්ත වූ ගුණ ඇති නාගිත මහරහතන් වහන්සේ අනොතත්ත මහවිල්හිදී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දානයේ ආනිසංස ප්‍රකාශ කළා.

කඨින චීවරයක් මහා සංඝයා වහන්සේට පූජා කරන්නට ලැබෙන එක වාසනාවනක්, එයින් ලැබෙන පින මහා බලසම්පන්නයි. ඒ පින සොර සතුරටන්ට ගන්න බැහැ. රජවරුන්ට, ආණ්ඩුවලට රාජසන්තක කරන්න බැහැ. අව්වෙන් වැස්සෙන් ගින්නෙන් අවි ආයුධ වලින් විෂ වර්ගවලින් හෝ වෙනත් යන්ත්‍ර මන්ත්‍රවලින් විනාශ කරන්න බැහැ. ඒ නිසාම එයට කඨිනය කියන තේරුම ලැබිල තියෙනවා.

 

කඨිනය කියන එකේ තේරුම තමයි තද බව, ඝන බව, ශක්තිමත් බව, ස්ථාවර බව, කියන එක.

 

පඨවිරිව න ජාතු කම්පතෙ
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිජ්ජතෙ ඝනං
තමිද මතො කඨිනන්ති චුච්චනි

 

කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින මහ පොළොව මෙන් කම්පා වන්නේ නැහැ. කම්පා කරවන්නත් බැහැ. මහ මේරු පර්වතය මෙන් සුළඟින් සොළවන්නත් බැහැ. දියමන්ති කන්දක් බිඳින්න බැරුව වගේ කඨිනයෙන් ලබන පිනද බිඳින්න බැහැ. ඒ තරමට ඒ පින ස්ථාවරයි. ශක්තිමත් බලසම්පන්නයි.

සුජී ආරච්චිගේ මෙනෙවිය අපි‍ට මේ වෙනුවෙන් ඉහලම දායකත්වය ලබාදුන්න. රු 60,000.00 කට ආසන්න වියදමක් දරමින් මේ පින්කම සාර්ථක කරගන්න යෝධ ශක්තියක් ලබාදුන්න. ඔබතුමියටගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුකරගන්න මේ පින්කම මහා ශක්තියක් ලබාදේවි.

පුෂ්පකුමාර මහතා අපි සමග නිතර ඇසුරු කරමින් මේ පින්කම් වලට ලොකු දායකත්වයක් ලබාදෙනව. ඉතින් මේ පින්කමින් ලැබෙන මහා කුසල් ඔබටත් දයාබර බිරිදටත්, පුංචි දුවටත් ඒකාකාරවම ලැබෙනව.

ජනක ලියනගේ මහතා අපිට නිරන්තරයෙන් මේ පින්කම් වලට නොමසුරුව දායකත්වය ලබාදෙනව. මෙවර විහාරස්ථානයට අවශ්‍ය ජල ටැංකියක් ලබාදෙන්න එතුමා විසින් පූර්ණ දායකත්වය ලබාදුන්න.

පුබුදුනී අක්කා දුරු රටක හිටියත් සෑම පින්කමකටම තුමන හෝ දායකත්වයක් ලබාදෙන්න  අමතක කරන්නෙ නැහැ. මම හිතන්නෙ මෙතෙක් කාලයක් අපි සිදුකල පින්කම් වලට ඉහලම දායකත්වය ලබාදෙන්නෙ පුබුදුනී අක්ක.

Nelosendi Sendi මෑතකදි අපිට සමග මිතුරු උන කෙනෙක්. හැබැයි බොහොම උනන්දුවෙන් සියලු පින්කම වලට ශ්‍රද්ධාවෙන් වියදම් කරනව. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපි කෙරේ නොමද විශ්වාසයෙන් අපිට මේ හැම පින්කමකටම දායකත්වය ලබාදෙනව.

කපිල විමලරත්න මහතා මහතාත් අපිට සම්බන්ධ උන තවත් කළණ මිතුරෙක්. ඉපැරණි බෝධීන් වහන්සේ ප්‍රතිසංස්කරණයෙදි එහෙම එතුමා නොමසුරු දායකත්වයක් අපිට ලබාදුන්න.

සමිල විෙජ්සංහ මහතා අපිට සම්බන්ධ උනේ ඔක්තෝබර් මාසෙදි. එතුමා මේවනවිට අසනීප තත්වයෙන් පසුවෙනව කියල දැනගන්න ලැබුන. මේ පින් බලයෙන්ද ඔබ කල මහා පින්කම්වල බලයෙන්ද නිදුක් නිරෝගීභායයම ලැබේවා.

ඉෂාර ප්‍රනාන්දු අයියා ගැනනම් ඉතින් අටුවා ටිකා අවශ්‍ය නැහැනෙ. අයිය හැම පින්කමකටම දායක වෙනව වගේ අපිට ගමන් වියදම් වෙනුවෙනුත් කීයක් හරි වෙන් කරනව. පසුගිය 4 වැනිද උපන්දිනය සැමරෑ සමන්ත ඉෂාර ප්‍රනාන්දු අයියටත්, හරියටම කඨිනය දවසෙ උපන්දිනය සැමරූ කෙෂාරා කෙත්මිනි ප්‍රනාන්දු පුංචි දූටත්, ටෙෂානි තික්ෂනා ප්‍රනාන්දු ලොකු දූටත්, තුෂාරි සමන්තිකා ප්‍රනාන්දු අක්කටත් නිදුක් නිරෝගී බව පතා අටපිරිකර පූජාකලා.

සේපාලිකා නංගිත් ඉෂාර අයිය වගේම හැම පින්කමකටම ලොකු දායකත්වයක් ලබාදෙන පින්වත් නංගියෙක්. මම දැක්ක මෑතකදි නව නිවසකට නංගිය පදිංචියටත් ගියා. නංගිට කිරියෙන් පැණියෙන් උතුරන සෞභාග්‍යමත් ගෘහ ජීවිතයක් ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනව.

ක්‍රිශාන්ත සමරවීර මහතා විශේසයෙන්ම මතක් කලා මුතුකුඩ වෙනුවෙන් දායකත්වයක් දරන වග. එතුමාත් ඉතාම මෑතකදි අපිට හමුවුන හොද කළණ මිතුරෙක්.

ධනූෂා වීරරත්න සොයුරිය තමයි මේ පින්කමට මුලින්ම මුදල් ලබාදුනෙ. ඔබේ පින්බර දෑත නිසා අපිට ලක්ෂ දෙදකට වඩා මුදලක් එකතු කරගන්න පුලුවන් උනා. අට පිරිකර වෙනුවෙනුයි එතුමිය මුදල් ලබාදුන්නෙ.

ලයනල් ගුණතිල අයියත් මගේ පුරාණ කළණ මිතුරෙක්. කොහොම හරි පින්කමකට දායක වෙන්න අයිය නිතර කටයුතු කරනනව. අයිය ගැනත් බොහෝ පින්කම්වල සටහන් වෙලා තියෙනව.

නිෂාන් සුරංග අපේ මිතුරා හදුනාගත් දා පටන් නොවෙනස් පින්වත් මිතුරෙක්. නිතර අපිට කථා කරල අවවාද කරන “ හොද හදවතක්” ඇති කෙනෙක් කිව්වවොති නිවැරදි. මම එහෙම කිව්වෙ වැරැද්ද වැරැද්ද ලෙසත් නිවැරැද්ද නිවැරැද්ද ලෙසත් දැකල අපිට  නිසි මග පෙන්වන මිතුරෙක් නිසා.

සෝභිත අල්විස් මහතා දැඩි අපහසුකම් මධ්‍යයේ පවා අපිට සැලකිය යුතු විශාල මුදලකින් සහයෝගය දක්වල තිබුන. කරදර අවස්ථාවක මෙවන් පින්කමකට දායකත්වය ලබාදීල ඔබ කලේ මහා අනගි ආයෝජනයක්.

මදුභාෂිණී මිය හා රොෂාන් මහතා දෙනෙත් ඉතින් පුරාණඛම කළණ මිතතුරු මිතුරියන්. පින්කමක් කරල ඉවත්වෙලා යන්නෙ නැතිව පුද්ගලිකව පවා කථාකරල අවවාද අනුශාසනා කරන මහා පුදුම බැදීමක් කොහොම ඇති උනාද මන්ද ඔබටත් අනේකවාරයක් පින්සිද්දවෙනව

රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා බොහෝකලක ඉදන් මගෙ කළන මිතුරෙක්. මට මතක විදිහට සෑහෙන පින්කම් ප්‍රමාණයකට මුදල් ලබාදීල තියෙනව. කොහොම නමුත් නොවෙනස් කළණ මිත්‍රත්වය මහා සම්පතක්.

මහේෂ් ශ්‍රී ලාල් මහතා මහියංගණ කඨින පින්කමට මුදල් ලබාදෙන අතරතුරම අපිට මේ පින්කමටත් මුදල් වෙන්කලා. එතුමා විසින් සමගිගම,මිල්ලත්තෑවෙ පදිංචි…… ප්‍රේමදාස ස්ටෝර්ස් වෙළෙඳසල්  අධ්පති… පියා M.R ප්‍රේමදාස මහතා … මව R.M ජයරානී රත්නායක ට සහෝදර දෙපල ඇතුලු පවුලේ සියලුම දෙනට පිං පිනිස මුදල් ලබාදුන්න කියල විශේෂයෙන්ම සදහන් කරල තියනව.

උනේෂ් රණසිංහ මහතා, යතින්ද්‍ර ගුණවර්ධන මහතා යන මිතුරන් දෙනොම එක්ව මේ පින්කමට දායක වී තියෙනව. පින්කවත් කල්‍යාණ මිතුත්වය මහා සැපයක්මයි.

චන්දන මදුරංග මහතා සහ එතුමාගේ මිතුරන් එක්වයි මේ පින්කමට දායක උනේ. එතුමාත් නිතර අපිට දායකත්වය දෙන පින්වත‍් මිතුරෙක්.

ශානි බොතේජු මිය ත් මේ වෙනුවෙන් අපිට දායකත්වය ලබාදුන්න. විදුලි පහන් වෙනුවෙන් ඔබතුමිය අපිට ලබාදුන්න ආධාරය ඉතාම සතුටින් බාරගත්ත.

රුවන් ජයසිංහ අයියත.් හැම පින්කමක් වෙනුවෙන්ම දායක වෙනව. ප්‍රශ්න දහසක් මැදේදෙ ඔබ කරන මේ මහා පරිත්‍යාගය මහා පින්කමක්. හැම පින්කමකටම මුල්වෙන්නෙ සිතයි. හිතේ තියෙන ශ්‍රද්ධාව මුදලින් මනින්න බැහැ.

හිරන්ත මදුසංක මල්ලිත් පුලුවන් හැම වෙලාවෙම මුදලක් අපිට ලබාදෙනව මහ පින්කම් වෙනුවෙන්. මල්ලිටත් මේ මහා පින්කම්වලින් ඉහලම කොටස ලැබෙනව.

යොහාන් සංජය මහතාත් මේ මහ පින්කම වෙනුවෙන් ඉහපම දායකත්වය ලබා දුන්න ඔබ ලබාදෙන සෑම මුදලක්ම ඉතාම නිවැරදිව අදාල පින්කම් වලට යොදවනබව ඔබ දන්නව. අප කෙරේ තැබූ විශ්වාසයට පින්සිදු වෙනව.

දීප්තිකා ධර්මපාල සොයුරිය අපිට ඉන්න පින්වත් කළණ මිතුරියක්. පහුගිය කාලෙ ඔබ මේ පින්කම් වලට දක්වපු දායකත්වය අපිට අමතක නැහැ. දයාබර ඔබේ පින්කවන්ත සිතිවිල ඇතිකරන හදවත මොනතරම් නම් සුන්දර ඇතිද? ඔබටත් අනන්තවත් පින්සිදු වේවා

 

ඉතින් මෙවන් මහා පින්කමකට දායක වූ මා පින්වත් මිතුරු මිතුරියනි,

මේ පින් බලයෙන්  නිදුක් නිරෝගී සුවබර නව වසරක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා.. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද පුතාගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

 

වීඩියෝව නරඹන්න

මහියංගණ කප්රුක් පූජාව 2015

මහියංගණ කප්රුක් පූජාව 2015