Skip to main content
Monthly Archives

August 2015

ශ්‍රී සම්බුද්ධ රාජ චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් ශ්‍රමයෙන් දායක වීමු …

By All Posts

පින්වත් මිතුරු මැතුරැ මිතුරියන්ගේ දායකත්වයෙන් අපි මාතලේ උල්පත්ගම මහමෙව්නා භාවානා අසපුවේ ඉදිවන ශ්‍රී සම්බුද්ධ ජාජ චෛත්‍යරාජයන් වහන්සේට ශ්‍රමදානයක් සිදුකලා.

N.හේරත් අක්කා   13000/-

ශෙහාන් බොතේජු මහතා   රු 1000/-

සමීර අබේවික්‍රම 1000/-

නම් සදහන් නොකල රු 1000/-

හිරන්ත මදුසංක රු 500.00

ශ්‍රවණාධා රඋපකරණයෙන් ඉතිරි මුදල රු 8700/-

—————————————–

එකතුව 25200.00

 (රු 8700.00 ලද ලින්ක් එකට මෙතනින් පිවිසිය හැකිය http://www.sasuna.blogspot.com/2015/08/blog-post_9.html )

බස් රථය සදහා වියදම රු 14,200.00

උදෑසන ආහාරය සහ තේ වියදම 5530.00

——————————————–

එකතුව 19730.00

 ඉතිරි මුදල රු 5470.00
සැප්තැම්බර් 23 ධර්ම දේශනය වෙනුවෙන් එම මුදල් වෙන් කලා.

වියදම් සදහා සම්පූර්ණ බිල්පත් නොලැබුන බැවින් ඒවා දින දෙක තුනක් ඇතුලතදී පලකරන්නම්.

 පින්වත් මිතුර මිතුරයනි ඔබ මේ පින්කමට දායක වීමෙන් සිදුකර ගත්තේ මහා කුසල් නස්මබාරයක්.

මේ බලන්න.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

  1. පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.

මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.

මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.

  1. නාගසමාල ථේරාපදානය

මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිබී බුදුරජුන්ගේ ස්තූපයට ආදර සිරතව පලෝ මලක් ගෙන තැබීමි.

මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණයකර්මයක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසෙලොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “භූමීය” නම් සක්විති රජෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද අෂ්ඨි විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

  1. සුධා පිණ්ඩිය ථේරාපදානය

සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සෑයට මා විසින් පැහැදුනු සිතින් සුණු පිඬක් දෙන ලදී. එයින් සෑය පිළිසකර කෙරිණි.

මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පින් කමක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. සෑ පිළිසකරෙහි ප්‍රතිසංස්කරණයෙහි විපාකයයි මේ.

මින් තිස්වන කපෙහි සත් රුවනින් යුත් “පටිසංඛාර” නම් වූ සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද, අෂ්ඨ විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් සුධා පිණ්ිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

  1. සපරිවාරිය ථේරාපදානය

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිදන් කල මහත් සෑයක් විය. මම අති උතුම් ධාතු ගර්භයෙහි දිව රෑ දෙක්හි උවටැන් කලෙමි. පහන් සිත් ඇතිව, සොම්නස් ඇතිව එහි සඳුන් වේදිකාවක්ද කලෙමි.

මේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් දිව්‍ය වූ හෝ මානුෂීය වූ හෝ භවයෙහි උපදින කල්හි මාගේ පහත් බවක් නොවීය. මේ පූර්ව කර්මයේ මින් එක් දහස් පන්සිය වන කපෙහි මහත් බල ඇති “සමත්ත” නම් වූ ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.

  1. පිළින්දවච්ඡ ථේරාපදානය

සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති සොම්නස් වූ මම ස්ථූප පූජාවක් කළෙමි.

එම ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ චිත්ත ප්‍රසාදය කරණ කොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසූ දහසක් දෙවඟනෝ මාගේ සිත සතුටු කරවූහ. එම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොටගෙන මා අනුවම පවතිත්, මම අනෙක් දෙවියන් සම්පත්තියෙන් ඉක්ම වීමි. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මම එකල්හි පස් විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජෙක් වීමි.

මම එහි රාජ්‍ය කොට නැවත දිව්‍ය ආත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබදුම වූ භෝග සම්පත්ති තොමෝ උපන්නය.

මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. මම සියලු දෙනාටම ප්‍රිය වීමි.. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මේ භද්‍ර කල්පයේ මම මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.

06 සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.

2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)

3.තීක්ෂණ නුවණ ලැබේ.

4.යසසින් දිලිසෙත්

5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්

6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

ඊට අමතරව පහත ආනිසංස දක්වා ඇත

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.

  1. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි

4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි

5.අප්‍රියයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ

6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ

7.සක්විති රජ පදවිය හිමි වේ

8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ

9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ

10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ

11.නිර්වාණය අවබෝධ වේ

12.එතෙක් කිසිදු දුගතියක නූපදී

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබේ බිරිද හෝ ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා.  සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සතර වරම් දෙවියන් ඔබට සතර වටින්ම ආරක්ෂාව සලසත්වා. යන එ‍න සියලු ගමන් බිමන් වලදී දෙවියන්ගේ අරක්ෂාව ලැබේවා. නිවක් දක්නා ජාති දක්වාම නැහැ බැහැ කියයන වචනයවත් අසන්නටවත් නොලැබේවා. සෑම වස්තු සම්පතක්ම පිරී ඉතිරේවා. පිරිස්සම්පත් පිරී ඉතිරේවා. කෙතරම් ධනය බලය තිබුනත් නිහතමානී සිත් පහලවී දාන ශීල භාවනා ආදී සියලු කුසල්වලට සිත් පහල වේවා. වැඩි වැඩියෙන් දන්දෙන්නත් හිතූ පැතූ සම්පත් දන් දෙන්නත්, දන් දෙන ප%මාණය දෙකුළ තෙලුන වී ආපසු ලැබෙන්නටත් මේ කුසල් හේතුවාසනා වේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.

අපටද පැතූ බෝධියෙන් නිර්වාණ සුවය ලගාකරගන්නය මේ පින් හේතුවාසනා වේවා …

 

සම්බුද්ධ රාජ චෛත්‍ය ශ්‍රමදානය - මාතලේ

මාතලේ මඩවල මහමෙව්නා භාවනා අසපු‍වේ සම්බුද්ධ රාජ චෛත්‍ය ශ්‍රමදානය

මහානුභාව සම්පන්න ධර්මදානයක් සිදුකල වගයි …

By All Posts

අද දින 2015/08/24 ජනකලියනගේ  මහතා විසින් සන්නිවේදන උපකරණ කට්ටලයක් කුරුණෑගල නැළව පරමාර්ථ ධර්මායතනයට පූජා කලා .

එතුමා මේ වෙනුවෙන් රු 40,500/- ක මුදලක් යොමු කලත් ඒ සදහා අපට වියදම් වූයේ 29,200.00 ක් පමණයි. ඇම්ලිෆයරය, සහ බෆල් සදහා රු 28,500.00 ක් පමණක් වැය උනා. ප්‍රවාහනය සදහා රු 700/- ක් පමණ වැය උනා. ඉතිරි මුදල් පිලිබද එතුමා දැනුවත් කලා.

පින්වත් යාලුවනේ ඔබ හිතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්ම දානයක්.

පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.‘

 වරත් බුදුහාමුදුරුවො දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා ”කියල. ධර්මය ඉක්මවා ගිය  මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ.

Read More

මුහුණුපොතේ පින්වත් මිතුරන්ගේ දායකත්වයෙන් භාවනා යෝගී පින්වත් ස්වාමීන්වහන්සේ නමක් ඉපැරණි බෝධීන්වහන්සේ නමක් වෙත වැඩම වූ වගයි …

By All Posts

මුහුණුපොතේ පින්වත් මිතුරෙකු වූ චූලාන් ලසන්ත මහතාගේ මුදල් පරිත්‍යාගයෙන් ඉපැරණි බෝධීන්වහන්සේ නමක් අසලට ගෞරවණීය මහා සංඝරත්නය වැඩම කලා.

මේ වෙනුවෙන් ලසන්ත මහතා පරිත්‍යාග කල මුදල රු 10,000.00

මුදල් වියදම්

ස්ථානයේ විදුලි අවශ්‍යතාවයන් සකස් කිරීමට රු 3160.00
සිමෙන්ති සහ ලණු රු 1920.00
ප්‍රවාහන වියදම රු 300.00
බාසුන්නැහැගේ වියදම රු 3000.00
ස්වාමීන්වහන්සේගේ ගමන් වියදම් සදහා රු 1600.00
———————————————————–
වියදම් එකතුව 9980.00

ඉතිරි රු 20 වෙනත් පික්තමක් සදහා යොමු කෙරේ.

පින්කමට ආදාල චායා රූප පහතින් නරඹන්න පුලුවන්.

මේ පින්කම වෙනුවෙන් මුදල් එවා දැන් මාස හතරක් පමණ වෙනව. නමුත් අවශ්‍ය කටයුතු සිදුකෙරුනේ බොහොම හෙමින්. නොයෙක් බලපෑම් ආව නිසා නිසිපරිදි කරගන්න බාධා පැමිනුනා. අප කෙරේ විශ්වාසය තැබූ චූලාන් මහතාට අපි ස්තුති වන්තවෙනව.

ඔබතුමා සිදුකලේ මහා පින්කම. භාවනා යෝගී ස්වාමීන් වහන්සේ නමකට වැඩ සිටින්නට අවස්ථාව ලබාදීම මහා කුසලයක්.

මේ පින්කම සිදුකල පින්වත් ඔබේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. ඔබට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්,නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

ඔබටත් පවුලේ  සියලු දෙනාටත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

 

දැඹෑපොල බෝධියට ස්වාමීන් වහන්සේ වැඩම වීම

දැඹෑපොල බෝධියට ස්වාමීන් වහන්සේ වැඩම වීම

මුහුණුපොතේ පින්වත් මිතුරන්ගේ දායකත්වයෙන් භාවනා යෝගී පින්වත් ස්වාමීන්වහන්සේ නමකට ශ්‍රවණාධාර උපකරණයක් පරිත්‍යාග කල වගයි …

By All Posts

මුහුණුපොතේ පින්වත් මිතුරන්ගේ දායකත්වයෙන් භාවනා යෝගී පින්වත් ස්වාමීන්වහන්සේ නමකට ශ්‍රවණාධාර උපකරණයක් පරිත්‍යාග කල වගයි …

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ ගුවන් විදුලිය
www.ifbcradio.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජණීය නාගොඩ සද්ධාලෝක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම මත ආරණ්‍ය සේනාසනයේ වැඩවෙසෙන පින්වත් ස්වාමීන් වහන්සේ නමකට මේ පරිත්‍යාගය සිදු කෙරුනා

මෙම පරිත්‍යාගය සිදු කෙරුනේ බ්‍රිත්‍යාන ජාතික බිහිරි පුද්ගලයෙකු වන ඇලෙස් නොවැක් මහතා විසින් කසුන් හා එක්ව සිදුකෙරෙන ශ්‍රවණාධාරක පරිත්‍යාග වැඩසටහනක් වන “ශ්‍රවණාභිමානී” වැඩසටහන මගිනි. මේ සදහා වෛද්‍ය පරීක්ෂණ කටයුතු කලේ මාතර යුනිහීල්ත් ආයතනය මගිනි.

මෙම ශ්‍රවණාභ්හිමාණි වැඩසටහන පිලිබද විස්තරයක් පහත ලින්කුවෙන් දැන ගත හැකියි.

https://www.youtube.com/watch?v=lKpJPRkTfMg

කසුන් මල්ලි විසින්රු 500.00 මුදලක් ලබා දුන්නා.
චන්දිමා පීරිස් මහත්මිය රු 10,000.00
විකුම් දලුවත්ත මහතා රු 5,000.00
හිරන්ත මදුසංක මහතා රු 1,000.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1,000.00
ඉෂාන් උදය මහතා රු 1200.00
තිළිණ විජේවර්ධන මහතා රු 500.00
—————————————-
මුලු එකතුව රු 19,200.00

ස්වාමීන් වහන්සේ‍ට හම්බන්තොට සිට මාතර දක්වා ගමන් විදම රු 7,000.00
ස්වාමීන් වහන්සේගේ වෛද්‍ය පරීක්ෂණ සදහා රු 3500.00
—————————————
මුලු වියදම රු 10,500.00

රු 19200 – රු10500 = රු 8,700.00

ඒ මුදල ශ්‍රී ගෞතම සම්බුදු සෑයේ ශ්‍රමදාන කටයුතු වෙනුවෙන් යොමු කලා.

පින්කමට ආදාල චායා රූප නරඹන්න

http://sasuna.blogspot.com/2015/08/blog-post_9.html
http://wp.me/p4XCOM-jk

යාලුවනේ අද වනවිට පින්වත් ස්වාමීන් වහන්සේට හොද ශ්‍රවණ තත්වයක් ලැබෙන බව අපේ පූජණීය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලා. මේ මහා පින්කමට දායක වූ පින්වත් ඔබ සියලු දෙනා සිදුකර ගත්තේ අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක්.

විශේෂයෙන්ම මේ ස්වාමීන් වහන්සේ සසර කෙටිකරගන්න උත්සාහ කරන උත්තමයෙක්. උන්වහන්සේට ධර්මය ඇසීමට, ධර්මය ධාරණය කරගැනීමට මේ උපකරණයෙන් මොනතරම් නම් පිටිවහලක් ලැබේවිද? උන්වහන්සේ ධර්මය ඇසීමෙන්ද, ධර්මය ධාරණය කරගැනීමෙන්ද, ධර්මය අවබෝධ කරගැනීමෙන්ද මහා පුණ්‍යස්කන්ධයක් රැස්කරගනීනම් ඒ සියලු පින් අපි සැම දෙනාටම හිමිවෙනව. ඒ අනුව බලපුවාම මේ සිදුකරල තියෙන්නෙ සම්බුද්ධ ශාසනයටම සිදුකල මහා ධර්ම දානයක්. ශාසනය කියන්නෙ පොත්පත් නෙවෙයි. ධර්මධර විනයධර සුපටිපන්න මහා සංඝරත්නයයි. උන්වහන්සේලාට පහසුකම් සැපයීම සම්බදුධ ශාසනයට සිදුකරන මහා සේවයක්. ශාස‍නයේ චිරස්ථිතියට කරන මහා මෙහෙවරක්. වශේෂයෙන්ම මේ ශ්‍රවණාධාර උපකරණය පරිත්‍යාගකරන්නට මුල් උනේ අපේ කසුන් චන්දන මල්ලියයි. ඇලෙස් නොවැක් මහතා තමයි අදාල පරිත්‍යාගයන් සිදුකර තියෙන්නෙ.

එසේම චන්දිමා පීරිස් මහත්මිය හා පවුලේ සියලු දෙනා අපිට නිරන්තරයෙන් මේ පින්කම්වලට දායකත්වය දරනව.

ඒ වගේම විකුම් දලුවත්ත මහතාත් නිරන්තරයෙන් අපිට සම්බන්ධ වෙමින් ආධාර උපකාර කරන පින්වතෙක්.

හිරන්ත මදුසංක මහතාත් බොහෝමයක් පින්කම් වලට අපිට දායකත්වය ලබා දෙනව.

යතින්ද්‍ර ගුණවර්ධන මහතා අපිට නිරන්තරයෙන් මුහුණුපොත හා සම්බන්ධ වෙමින් අප සමග කටයුතු කරනවා.

ඉෂාන් උදය මහතා සෑම විටම හැකි උපරිමයෙන් මේ පින්කම් වෙනුවෙන් දායකත්වය ලබාදෙනව.

තිළිණ විජේවර්ධන මහතානම් සහභාගි නෙවෙන පින්කමක් නැති තරම්. පින්කමක් තිබුනත් නැතත් කීයක් හරි පින්වැඩ සදහා වෙන්කරන්න එක එතුමාගේ සිරිතක්.

ඉතින්විශේෂයෙන්ම ඇලෙස් නොවැක් මහතාටත් කසුන් මල්ලිට ඇතුලු මේ මහා පික්තමට දායක වූ ඔබ සියලු දෙනාට මෙපින්බලෙන් සසර පුරාම නිවන් දක්නා ජාති දක්වාම කිසිදු කලෙක ශ්‍රවණාබාධ ඇති නොවේවා. සසර පුරාවට දිව්‍ය කන්ම පහලවේවා. තබන තබන පියවරක් පාසා ධර්මයම ඇසේවා. පරුෂ වචන, හිස් වචන, පිසුණු වචන නොඇසෙන මානයකම උපත ලබත්වා. යොදුන් දහස් ගණන් දුර දෙසන බණපද පවා තමා ඉදිරිපිට දසන බණපද මෙන් ඇසේවා. එක් වරක් කීදෙයක්, අපහැදිලිව කීදෙයක්, නොඇසෙන ලෙස කීදෙයක් ඉතා හොදින් ඇසේවා.

එසේම මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ නමින් පරලොව ගිය සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්,නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.
මේ පින්කම සිදුකල සිදුකල ඔබටත් පවුලේ සියලු දෙනාටත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා. මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා. සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …
මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

ශ්‍රවණාධාර උපකරණ පරිත්‍යාගය

ශ්‍රවණාධාර උපකරණ පරිත්‍යාගය – වෙහෙරගල ආරණ්‍ය සේනාසනය

මෙවර පිච්චමල් පූජාවට යන සැදැහැවතුන් සදහා පැවැත්වූ දන්සැල් සදහා අපද දායක වූ වගයි …

By All Posts

පසුගිය ජූනි 25 වැනිදින පැවැත් වූ අනුරාධපුර පිච්චමල් පූජාව වෙනුවෙන් ගමන්ගත් දුම්රියන් සදහා පිච්චමල් ඇතුලු පූජා ද්‍රව්‍යයන්ද, ආපසු එන ගමනේදී සිසිල් පැන් සහ වෙනත් ආහාරද ලබාදුන්නා. එය සිදුකලේ බුජ්ජොමුව දුම්රිය ස්ථානයේදීයි.

මේවෙනුවෙන් සිදුකල ආරාධනයන්ට අනුව අපේ පින්වත් මිතුරන් දෙදෙනෙක් මුදල් පරිත්‍යාග කලා.

 

නන්දන මහතා රු 8,000/-

සමීර මදුරංග මහතා රු 1,000/-

ලද මුලු මුදල රු 9,000/-

පින්වත් යාලුවනේ පහතින් බලන්න ඔබ සිදුකරගත්තෙ මොනතරම් ආශ්චර්යවත් පින්කමක්ද කියල. පින්කමක් වෙනුවෙන් යන එන අයට සැලකීම, ඒ අයගේ වනිඩාව සංසිදවීම කියන්නෙ මහා පුණ්‍යකර්මයක්. Read More