Skip to main content

2015 උතුම් වෙසක් පුන් පෝදා ධර්ම දානයක් සිදුකල වගයි …

By May 8, 2015All Posts

උතුම් වෙසක් පෝදා  රොෂාන් පගීත් මහතා විසින් සන්නිවේදන උපකරණ කට්ටලයක් පුරාණ චෙතිහාසික ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේට පූජා කලා.

එතුමා මේ වෙනුවෙන් රු 35,000/- ක මුදලක් යොමු කලත් ඒ සදහා අපට වියදම් වූයේ 27,500.00 ක් පමණයි. ඇම්ලිෆයරය, සහ හෝන් අදිය සදහා රු 27,000.00 ක් පමණක් වැය උනා. ප්‍රවාහනය සදහා රු 500/- ක් පමණ වැය උනා. ඉතිරි මුදල් බෝධි රාජයාණන් සංවර්ධනය සදහා යොමු උනා.

පින්වත් යාලුවනේ ඔබ හිතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්ම දානයක්. පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.‘

 

වරක් බුදුහාමුදුරුවො දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා ”කියල. ධර්මය ඉක්මවා ගිය  මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ. ඊලගට “ ධම්මෝෂධ සමං නත්ථි – ඒතං පිවත භික්ඛවෝ ” කියල කියනව. ඒ කියන්නෙ  ධර්මය හා සමාන ශසුවක් නැත, එය පානය කරව් කියල.  ඊලගට “සබ්බ දානං ධම්ම දානං ජිනාති ”

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිට වැදගත්ද කියල ඔබට හිතෙනව ඇති. ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

 

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  1. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  1. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  1. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

 

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

 

  1. ධර්ම දේශනා කිරීම
  1. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  1. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  1. ධර්මය ඉගැන්වීම
  1. පිරිස් වලට බණපොත් කියවීම
  1. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  1. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  1. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  1. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  2. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

ඊට අමතරව

  1. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,

 

  1. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

 

  1. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

 

  1. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

 

  1. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

 

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

 

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

 

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

 

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

 

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

 

දිනපතා මේ බෝධින් වහන්සේ අසල පිරිත් සජ්ජායනය කරනව, බෝධි පූජා ආදිය පැවැත්වෙනව.

 

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ රොෂාන් ප්‍රගීත්මහතා  නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. ඔබට මෙලොව උත්පත්තිය ලබාදුන් දයාබර මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට වගේම ඔබගේ බිරිදට,  දූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. විශේෂයෙන්  රොෂාන් මහතා මා කළ්‍යාණ මිත්‍රයා නිරන්තරයෙන් විශාල වශයෙන් මා වෙත මේ පින්කම් සදහා මුදල් වෙන් කරනවා. ඔබතුමා මා කෙරේ තබා ඇති විශ්වාසයට අනේක වාරයක් පින් සිදුවේවා. ඔබ විසින් දුක් මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබතුමාගේ සිත් පහලවීමම ඔබ ලද මහා භාග්‍යයක්.. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේ සිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනම සාර්ථක කරවන්නක්. ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. එසේ හෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. මේ සියලු පින් ඔබටත්පවුලේ  සියලු දෙනාටත් දෙව් මිනිස් සැප කෙළවර ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නොමැති පරම ශාන්ත නිවන්මග පතන බෝධියෙන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා.

 

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා.

 

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා …