Skip to main content

පින්වත් කළණ මිතුරකුගේ දායකත්වයෙන් කුරුණෑගල මහ රෝහලට රෝද පුටු දෙකක් පරිත්‍යාග කල වගයි …

By March 16, 2015April 12th, 2016All Posts

රොෂාන් මහතා පින්කම් දෙකක් වෙනුවෙන් රු50,000/- ක් එවා මේ පින්කම වෙනුවෙන් ඉන් රු 22,000/- ක් වැය කලා.

රෝද පුටු පරිත්‍යාග කිරීම මහා පින්කමක්. මේ බලන්න.

සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හයක් බුදු දහමේ සදහන් වෙනව

පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති

අප්පසය්හෝ සදා හෝමි – සබ්බාරක්ඛේහි රක්ඛිතෝ

ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම

  1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.

  2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.

  3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.

  4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.

  5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.

  6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

මීට අමතරව ඔබට කිසිම කලෙක අතුරු ආන්තරාවක් වෙන්නෙ නැහැ. හැම විටම ඔබට සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙනව. විශේෂයෙන්ම රෝහලකට රෝද පුටුවක් පරිත්‍යාග කරනව කියන්නෙ කියල නිම කරන්න බැරි තරම් මහ පින්කමක්. ඔය රෝද පුටු කැඩිල බිදිල යන අවස්ථාව දක්වා කීදෙනෙක් නම් රෝගීන්  ඔය පුටු මත එහාට මෙහාට යයිද? ඉතින් ඒ අයට සිදුවන්නෙ මහා සේවයක්. රෝද පුටුවෙ රෝදයක් කැරකෙන වාරයක් පාසා ඔබට මොන තරම් නම් පින්කමක් සිදුවෙනවද කිව්වෙත් ඔබට රන් දෝලා පහල වෙන්න තරම් මහා පින්කමක් මේක.

මේ වෙනුවෙන් මුදල් ලබාදුන් රොෂාන් මහත්මයාණෙනි  ඔබතුමා මා හදුනනවා තබා කටහඩ වත් අහල අත්තෙ වරක් දෙවරක් පමණයි. ඒත් මාව විශ්වාස කල ඔබතුමා අදවන විට සුවිශාල මුදල් ප්‍රමාණයක් ලබාදීල තියෙනව. ඔබතුමා සිදුකල මේ පරිත්‍යාගය නිසා කී දෙනෙක් නම් ජීවිත බේරා ගනීද ? කී දෙනෙක් පහසුව ලබයිද? ඉන් ජනිතවන මහා පුන්‍යස්කන්ධයෝ ඔය රෝද පුටු කැඩිල විසික්ක කරනකල් ඔබට ගොඩනැගෙනව. ඉතින් හරියට ස්ථාවර තැන්පතුවකින් අඛණ්ඩව පොලිය ජනිතවනව වගේ. කිසියම් දිනක කුමන රෝගයකින් හෝ පීඩා වින්දොත් වහාම මේ පින්කම සිහිපත් කරන්න. ක්ෂණික සහනයක් ලබා දෙන්නට තරම් මේ සිදුකල පරිත්‍යාගය මහා ආශ්චර්යජනකයි. මේ පින් බලෙන් ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා. යන එන සියලු ගමන් වලට ඇති බාධාවෝ හිරුදුටු ගණදුර මෙන් විද්වංසනය වේවා. ගිනි දුටු  ඉටි මෙන් ඔබේ සියලු බාධාවෝ විනාශ වේවා.  අනන්ත බුදුගුණ සිහිපත් කරමින් අප සිදුකල මේ පින්කම බොහෝම පිරිසිදු සිතින් කල එකක්. ඉන් අපමණ ඵල ලැබේවි. සියලු කටයුතු අතිශයින් සාර්ථක වේවා. වැඩි වැඩියෙන් පින්කම් කිරීමට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා. ධන සම්පත් සමග ආධාත්මික වර්ධනයත් ඇතිවී රහසින් වත් වරදක් කරන්නට සිත් පහල නොවේවා. සසර පුරාවටම සතර වරම් දෙවියන් සතර වටින් ආරක්ෂා කරත්වා. සසර පුරාවටම කළණ මිතුරන්ම මුනගැසේවා.නිවන් දක්නා ජාති දක්වා නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටවත් නොලැබේවා. සුමේධා දයාබර බිරිදටත්, තෙනුක පුංචි පුතුටත්, පවුලේ සියලු දෙනාට මේ පින් ඒකාකාරවම ලැබේවා.  සියලු කරදර රෝ දුක් දුරුවේවා. පුතුගේ අධ්‍යාපන කටයුතු සිතන පතන අයුරින්ම සාර්ථක වේවා. කෙලවර අමාමහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

කෙලවර ජාතියක් ජරාවක් නැති අමා මහ නිවනින් සියලු දෙනාටම සැනසීම උදාවේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා

 

 

රෝදපුටු දෙවන වටය - කුරුණෑගල රෝහල

රෝදපුටු දෙවන වටය – කුරුණෑගල රෝහල