Skip to main content
Monthly Archives

June 2014

චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන්, මුරගල් හා කොරවක්ගල් නිර්මාණය වූ වගයි …

By All Posts

චෛත්‍යරාජයන් වහන්සේ නමක් උදෙසා සදකඩ පහන් කොරවග්ගල් නිර්මාණය කරන්න අපිට හැකි අනා. කුරුණෑගල නයිලියි ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයටයි මේ පරිත්‍යාගය සිදු උනේ.

මේ පින්කමට දායක උනේ

දිල්ශාන් ප්‍රබෝධ මහතා
සම්පත් ජයසුන්දර මහතා
මංජුල සිල්වා මහතා

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ‍ප්‍රමාණය කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,
Read More

ආර්ථික අපහසුතා ඇති විහාරස්ථානයකට රු. 15,000/= ක් වටිනා විදුලිය ලබාගැනීමට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කල වගයි.

By All Posts

මේ පින්කමට දායක උනේ මීට කලින් සිදුකල ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදුන් අයමයි. මොකද ඒ වැඩ සටහනේ ඉතිරි මුදල් මේ වෙනුවෙන් යෙදෙව්ව.

අජිත් මහතා
සුමිත් මහතා
නිම්මි නදී අක්කා
ජනක සම්පත් මහතා
මදුෂ රණතුංග මහතා

මෙහි ඉතිරි මුදල වන රු. 17,550/- ආර්ථික අපහසුකම් ඇති විහාරස්ථානයකට විදුලි උපකරණ පරිත්‍යාග කරන්න යොමු කලා.
යාලුවනේ විදුලි ආලෝක පූජාව පහන් පූජාවේ ආනිසංස වලට බොහෝ දුරට සමාන වෙනව. ඒ නිසා පහන් පූජාවේ ආනිසංස බලමු.
Read More

ආර්ථික දුෂ්කරතා ඇති විහාරස්ථාන නගාසිටුවීමට රු. 20,000/= මුදලක් ගලිගමුවේ ඥානදීප හිමියන් වෙත පූජා කල වගයි …

By All Posts

2014 ජූනි විසිවෙනිදින පැවැත්වූ ගලිගමුවේඥානදීප හිමියන්ගේ ධර්ම දේශනය අවස්ථාවේදී රු. 20,000/= ක මුදලක් උන්වහන්සේ වෙත ප්‍රදානයකිරීම සිදු උනා. උන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුකම් ඇතිවිහාරස්ථාන නගා සිටුවීමේ අරමුණින් දියත්කරන වැඩසටහනට ශක්තියක් වීමටයි මේ මුදල ප්‍රදානයසිදු උනේ.

ඉතින් මේ මුදල පූජා කිරීම සිදු උනේබහරේන්වල සේවයේ නියුතු මංජුලා මහත්මියගේ දායකත්වයෙන්. පින්වත් සොහොරුරිය විසින්සිදුකල මේ පින්කම ඉතාම පින්වත් විපාක ලැබෙ පිල්කමක්. විශේෂයෙන්ම විහාරස්ථානයක් ප්‍රතිසංස්කරනයටදායක වීම ඉතාම පින්වත් ක්‍රියාවක්. කල්ප ලක්ෂ ගණන් විපාක ලැබෙ පින්කමක්. අනිත්අතින් මේ සදා පින්වැඩෙන පින්කම්. ඒ කියන්නෙ අපි මිය ගිය දවසක පවා නිතර පින්රැස්වෙන පින්කම්. ඊලගට අට මහා කුසල් වලට පවා අයත් වන මහා බලගතු පින්කමක්. අපි සිදුකල ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න මේ පින්කමට පුලුවන්.
Read More

ආර්ථික දුෂ්කරතා ඇති දූ දරුවන්ට පාසැල් නිල ඇදුම්, පාවහන් හා පාසැල් උපකරණ පරිත්‍යාග කල වගයි …

By All Posts

ආර්ථික අපහසුතා ඇති දරුවන්ට පාසැල් උපකරණ, නිල ඇදුම් හා පාවහන් ලබාදෙන්න පුලුවන් උනා.  මේ පින්කම වෙනුවෙන් මුදල් ලබා දුන් අය මෙසේයි.

අජිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි)
සුමිත් මහතා ( ඔහු සම්පූර්ණ නම දානවට අකමැතියි)
නිම්මි නදී අක්කා
ජනක සම්පත් මහතා
මදුෂ රණතුංග මහතා

ඉතින්  උදව් කල ඔබසියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ බලයෙන් යහපතම උදාවේවා…
ඔබ වන් දූ පුතුන් සැදු පින්වත්දෙමාපියන්ට දීර්ගායුෂ වේවා. ඔවුන් මියගොස් ඇත්නම් ඒ ඇත්තන්ට මේ පි්කමේ බලෙන්අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා … Read More

මුහුණුපොතේ මිතුරු මිතුරියකගේ දායකත්වයෙන් පැන් පොකුණක් නිර්මාණය කල සම්බුදු සසුනට පූජාකල වගයි …

By All Posts

බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයේ මල් පැන් දොවනය කිරීම සදහා ඉදිකල පැන් පොකුණ පසුගියදා සම්බුදු සසුනට පූජා කලා. ඒ ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනය අවස්ථාවේදීයි.
පින්කම සදහා රු. 35.000කට ආසන්න මුදලක් වැයවූ අතර ඒ සදහා දායකත්වය ලබා දුන්නේ බහරේන් වල සේවය කරනා මංජුලා මහත්මියයි.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක උන අපේ දයාබර පින්බර සොයුරිය මේ සිදුකලේ මහ පිනක්. විහාරස්ථානයට ගෙනෙන මල්වලට පැන් දෝවනය කරනව කියන්නෙ මල්වල ඇති දූවිලි හා අපද්‍රව්‍ය ඉවත් කිරීමක්. බුදු හිමියන්ට පූජා කිරීමට පෙර මල් පිරිසිදු කිරීමක්. ඉතින් ඒ සදහා පහසුකම් සැලසීම කියන්නෙ මහා වටින පින්කමක්. බුදුහිමියන්ට රන්වන් පැහැති සමක් ලැබුනෙ සසර පුරාම මේවගේ මහ පින්කම් සිදුකල නිසා. ඒ විතරක් නෙවෙයි. කුණු දූවිලි නොරදන සමක් ලැබුනෙත් මෙවන් මහා පින්කම් සිදුකල නිසයි. ඉතින් මේ පින්කමමේ බලය මෙපමණයි කියල කියන්න බැහැ. මේ මහා පින්බලෙන් ඔබවන් දරුවකු බිහිකල මව සුගති ගාමි ආත්මයක සිටීනම් යස ඉසුරු වර්ධකය වේවා. අභව්‍ය ස්ථානයක සිටීනම් මේ පින් ලැබී සුගති ගාමී ආත්මයක උපදීවා. Read More