Skip to main content
Monthly Archives

February 2014

10,000/= ක් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීමට පූජා කල වගයි …

By All Posts

මේ චෛත්‍යරාජයන් වහන්සේ ඉදිවන්නේ බුලුගොල්ල තියඩෝර්වත්ත විහාරස්ථානයේයි. ඉතික් චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් අපි රු 10,000/- ක මුදලක් පරිත්‍යාග කලා.

මේ පින්කම වෙනුවෙන්  දායකත්වය ලබාදුන්නේ

පද්මිණි දේවේනද්‍ර මහත්මිය  (රු. 5000/=)
අමල් ආර්. මහගෙදර මහතා (රු. 3000/=)
නිම්මි නදී මහත්මිය (රු. 2000/=)

යන පින්වත් සොයුරු සොයුරියන් විසින්.

චෛත්‍යරායන් වහන්සේ නමක් ඉදිකරන්නට දායක වෙන එක මහා පින්කමක්. ඒක අටමහ කුසල් වලින් එකක්. ආනන්තරිය පාපකර්ම හැර අන් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහ පිනක්. ඒ විතරක් නෙවෙයි සදා පින්වැ‍ඩෙන පින්කමක්. අපි මියගියත් හැමදාම පින් ජනිතවෙනව. මොකද මේ චෛත්‍යයට හැමදාම මල් පූජ කෙරෙන නිසා. ඊලගට අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව. Read More

රු. 68,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි.

By All Posts

පින්වත් යහලුවනේ අපි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. කුරුණෑගල බෝයගනේ බෝගමුව මහා විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 68,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.

මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.

Read More

පින්වත් මිතුරකු සිය උපන්දිනය වෙනුවෙන් ඉපැරණි බුදුගෙයක වහලයක් අලුත්වැඩියා කල වගයි …

By All Posts

අමල් ආර් මහගෙදර නම් අපේ  මුහුණුපොතේ පින්වත් යහලුව පෙබරවාරි 09 වැනි දිනට  ( අද දින ට)  යෙදෙන උපන්දිනය වෙනුවෙන් මේ ඉපැරණි විහාරස්ථානයේ වහලය අලුත්වැඩියා කරන්න තීරණය කලා. අමල් මහතා අපිට මේ පින්කම වෙනුවෙන් රු 26200/= ක මුදලක් එවා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ වියදම් පිලිබද විස්තරය.

ලද මුදල රු. 26200.00

උලු සදහා වැයවූ මුදල                       – රු. 18480.00

රීප්ප සදහා  ( අඩි 500)                   – රු. 4000/=

ඇණ සදහා සහ අනිකුත් සුලු ද්‍රව්‍ය        -රු. 380/=

ප්‍රවාහන වියදම්                                   – රු. 300/=
————————
එතතුව                                          – රු. 23,160.00

ඉතිරි මුදල රු. 3040/= වන අතර ඒ මුදලට තවත් මුදලක් එකතු කර  මේ සතිය තුල  අභිනවයෙන් ඉදිවන චෛත්‍යරාජයන් වහන්සේ  නමක් කපරාරු කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනව.
Read More