Skip to main content
Monthly Archives

November 2013

චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පුද ලද වගයි …

By All Posts, චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පුද ලද වගයි

2013/11/10  දිනයේ පොල්ගහවෙල, පනලිය, රන්සිරි විජයාරාම විහාරස්ථානයේ පවත්වන ලද කඨින පින්කම වෙලාවෙදි අප විසින් ප්‍රතිසංසකරනය කරන ලද චෛත්‍යරාජයන් වහන්සේ ගෞතම බුදුසසුනට පූජා කලා.
ඉතින් ඒ අවස්ථාවෙදි චෛත්‍යරාජයන් වහන්සේ අටපිරිකර අටකින් පූජා ලැබුව. ඒ වෙනුවෙන් දායක උනේ මුහුණුපොතේ යහලුවන් අටදෙනෙක්.

01.  රුවන් එස් ජයසිංහ මහතා – (රු. 3250 /=)
02.  මොශාන්ත නිරන්ජන් මහතා – (රු. 2874 /=)
03.  ඉෂාර ප්‍රනාන්දු මහතා – (රු. 3502 /=)
04.  නෙව්ෂිකා හේරත් මිය – (රු. 2000/=)
05.  වත්සලා ජීවපානී මෙනෙවිය. (රු. 1000/=)
06.  මදුෂ රණතුංග මහතා (රු.2500/=)
07.  ලයනල් ගුණතිලක මහතා (රු. 5000/=)
08.  මංජුලා මහත්මිය (රු. 2000/=)

මෙහි එකතුව රු 22126/=ක් වෙනව. පිරිකරක් රු.2750/= ක මුදලට ගත්තෙ. ඒ අනුව රු. 22000/= ක මුදලක් වැය උනා. 126/= ක මුදල වෙනත් පින්කමක් සදහා බැංකු පොත තුල ඉතිරිවෙනව. මේ සියලු විස්තර, බිල්පත, හා ඡායාරූප ලිපිය අවසානයේ තියෙන ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
මේ අටපිරිකර චෛත්‍යරාජයන් වහන්සේට පූජ කරල පස්සෙ සාංඝික කරල පූජ කලා. ඉතින් ඒකෙන් දෙවරක්ම අටපිරිකර පූජා උනා.

හොදයි දැන් අටපිරිකරක් පූජා කිරීමේ ආනිසංස බලමු.
Read More

සෝනි මයික්‍රෝෆොනයක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි …

By All Posts, සෝනි මයික්‍රෝෆොනයක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි

මෙයට පෙර සිදුකල සැරියුත් මුගලන් පලිම වහන්සේලා දෙනමක් පරිත්‍යාග කල කල්පන අතුරුගිරිය මහතා විසින් මේ පින්කම වෙනුවෙන් දායක උනා.

අපේ කල්පන මිතුරා මේ සිදුකරගත්තෙ පුංචි පින්කමක් නෙවෙයි. බුදුහාමුදුරුවො දේශනා කරනව සියලු දානයන් අභිබවා ධර්ම දානය උතුම් කියලයි.

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.
Read More