2013 සැප්තැම්බර් 25 සිදුකල පින්කමක් මේ. ඒ තමයි පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමිපාණන්ගෙ විහාරස්ථානයේ ඉදිවන බෝධි ප්‍රාකාරයට රු. 15,000/-ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම. මේ සදහා දායක උනේත් බහරේන් හි රැකියාවේ නියුතු මංජුලා මහත්මියයි.
මේ පරිත්‍යාගය සිදු කලේ අපගේ ආරාධනයෙන් පැමිණ සිටි කුරුණෑගල ප්‍රාදේශී සභාවේ සභාපති ත්‍රමා අතිනුයි.
බෝධීන් වහන්සේ වෙනුවෙන් කරන පින්කම්වල වටයිනාකම ඔබ දන්නවද?
පින්වත් මිතුරනේ බොධීන් වහන්සේ නමක් පිරිසිදු කිරීමේ අනුසස් ලෙස පහත අනුසස් ටික විතරක් බලන්නකො. බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්
පින්වත් යහලුවනේ 2013 සැප්තැම්බර් 25 වැනිද ධර්ම දේශනාවක් පැවැත්තුව. ඒ අවස්ථාවේ සරත් කුමාර කියල මුහුණුපොතේ දයාබර අයිය කෙනෙක් තමයි මේ පින්කම සිදුකලේ. තමන්ගෙ පියාටත්, එයාගෙ බිරිදගෙ අම්මටත් පින්පිණිස තමයි මේ පින්කම සිදුකලේ. මේ පින්කම ගැන සදහන් කරල විනාඩි කිහිපයක් ඇතුලත ඒ පින්වත් සහෝදරය ඒ පින්කම බාරගත්ත.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති” කියල අපි අහල තියෙනව. ධර්මදානය සියලු දානයන් අභිබවයි කියල. එතකොට ධර්ම දානය කියන්නෙ ධර්මය කියවීමම පමණක් නෙවෙයි.
ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.
Read More
ඉතින් අපි 2013.09.25 දින ධර්ම දේශනයක් පැවැත්තුව කියල මීට පෙර පෝස්ට් එකේ තිබ්බ. එදාම අපි අහිංසක දූ දරුවන් ඉන්න පාසැලක දිලිදු දරුවන්ට පාසැල් නිල ඇදුම් ලබා දුන්න.
විශේෂයෙන්ම කියන්න ඕනි මම ඉල්ලුවෙ එක නිල ඇදුමකට පමණක් සල්ලි. ඒනිසයි ගොඩදෙනෙක් පොඩි මුදල් දීල තියෙන්නෙ. ඒක මම හිතපු විදිහ. නමුත් මගෙ පින්වත් යහලුවො මම හිතුවටත් වඩා විශාල මුදලක් මට රැස් කරල දුන්න. එක් නිල ඇදුමකට මුදල් දුන්න අය දුක් වෙන්න එපා. මොකද ඒ මම ඉල්ලුපු විදිහනෙ. ඉතින් මේ නිල ඇදුම් පාසැලේ ගුරුවරයෙක් විසින් බොරැල්ලේ කොවිද හිමිපාණන් අතින් බාරගත් අයුරු ඔය රූපයේ තියෙන්නෙ. ඉතාම ඉක්මනින් විදුහල්පතිතුමා ලබාදෙන ස්තුති කිරීමේ ලිපිය ලැබෙන්න සලස්සන්නම්.
Read More
පින්වත් යහලුවනේ අපි (2013/09/25) සුමධුර ධර්ම දේශනාවක් පැවැත්තුව. ඒකට පූර්ණ දායකත්වය දුන්නෙ බහරේන් වල රැකියාවේ නියුතු මුහුණුපොතේ මන්ජු අක්කයි. ඒත් එක්ක ධර්මාසනයක් පූජ කල. එයත් මුහුණුපොතේ මගෙ අයිය කෙනෙක්. එයාගෙ නම සරත් කුමාර අයිය. ඊලගට අපි දිලිදු දරුවො හතලිහකට පමණ පාසැල් ඇදුම් අරන් දුන්න. ඒ සදහා
1.ලයනල් ගුනතිගක මහතා
2. දිනුෂ විජේතුන්ග මහතා
3.රුවන් එස්. ජයසිංහ මහතා
4.නෙව්ශිකා හේරත් මිය
5.චාමර මහතා
6.මගෙ මංජු අක්ක වගේම එයාගෙ යාලුවො ටික.
රුවන් හෙට්ටිආරච්චි හා මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා
රන්ජිත් මුණසිංහ , රේණුකා හේරත් රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ කියන මේ අය මුදල් ලබා දුන්න. මේ පිලිබද වෙනම පොස්ට් මීලගට පලවෙනව. ඒ නිසා මෙතන මුදල් ප්රමාණයන් දාන්නෙ නැහැ.
බිනර පෝදා ලද නිවාඩුවකින් අපි ප්‍රයෝජන ගත්ත. අද පාන්දරම කල්පනා උනා දන්සැලක් දෙන්න. හිත මිතුරු අයිය කෙනෙකුට කථා කලාම එයාගෙ තාත්ත නැතිවෙලා අදට මාස අටක්. ඉතින් තව යාලුවො දෙන්නෙකුත් එකතු කරන් හදිසියේම දන්සැල දෙන්න ලැහැත්ති කලේ. ඔය ඉහත ඡායාරූපයෙ ඉන්නෙ ඒ අයිය. මේවගේ පින්කම් දමන්නෙ කාගෙන්වත් ලකුණු දාගන්නනම් නෙවෙයි. ඔයාලට විශේෂයෙන්ම අපේ විදෙස්ගතව ඉන්න අපේ සොයුරු සොයුරියන්ට පින් අනුමොදන් වෙන්නයි. සාදු කියල මේ පින ඔබත් අනුමොදන් වන්න.
වැඩිය ඡායාරූප ගන්න ගියෙත් නැහැ. ඉතින් ඒක එච්චර හොද වැඩකුත් නෙවෙයිනෙ මේ වෙලාවෙ. ඡායාරූප දෙකක් ගත්ත. මෙන්න මෙතනින් බලන්නකො ගත්ත ඡායාරූප ටික.
අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … …
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.