එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
අපි දසවන ධාතු කරඩු පූජාව හම්බන්තොටට සිදුකලා. මෙහිදි කරඩු දෙකක් පූජා කල අතර එකක් චෛත්‍යරාජයන් වහන්සේ තුල තැන්පත් කිරීමටත් අනික ධාතු මන්දිරයටත් පූජා කල. මේ කරඩු වෙනුවෙන් රු 75,000/- ක් වියදම් උනා. ඒ වෙනුවෙන් දායකත්වය කුමෝෂා අබේවීර නංගි වන විසිනුයි.
කරඩුවක් කියන්නෙත් දාගැබක්.
බුදු හිමියන්ගේ ශ්‍රී මුඛ දේශනා වල දාගැබ්නිර්මාණය කිරීමේ ආනිසංස මෙසේ දැක්වෙනවා …
“ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්බුදු රජහු ස්තූප තනවා පිදීමට සුදුසු වෙත්ද? මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයා සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව් ලොවෙහි උපදිති….. සිව් මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේය. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද සකසා වන්දනා කරන්නාහු ද සිත හෝ පහදවා ගන්නාහු ද එය ඔවුන්හට බොහෝකල් හිත සුව පිණිස වන්නේය.”