Skip to main content

සිව්වන සූර්ය බල ආලෝක පූජාව කැබිතිගොල්ලෑව මහ වනයකදී සිදුකල වගයි …

By July 13, 2016July 26th, 2016Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

මේ සදහන් කරන්නේ ස්ථාන වශයෙන් ගත්විට තුන්වන  පූජාවයි. පැනල් පූජාවලින් ගත්විට හතරවන පැනල පූජාවයි. ඒ එක ස්ථානයකට අවස්ථා දෙකකදී පැනල දෙදක් පූජා කිරීම නිසයි. ඒ අකුනු සැර වැදීම නිසා. ඇත්තටම අපිට මේ ස්වාමීන් වහන්සේ මුණ ගැසුනේ කැබිතිගොල්ලෑවට ආසන්න ප්‍රදේශයකදී. මහ ඝන වනයක් තුලදීයි.. කොහොම  නමුත් ඉතා දුෂ්කර වන ලැහැබක වැඩ වෙසෙනා ස්වාමීන් වහන්සේ නමක් වෙනුවෙනුයි අපි මේ පූජාවත් සිදුකලේ

මේ සදහා දායක වූවන් පිලිබද විස්තර මෙන්න මේ කලින් පැනලය ලබාදුන් විස්තරයේ සදහන් වෙනව

http://wp.me/p4XCOM-q9

මේ වෙනුවෙන් දැරූ වියදම

කටවුට් බල්බ් ආදිය සදහා රු 7180.00
වයරින් උපකරණ සදහා රු 898.00
බැටරිය සදහා රු 7460.00
————————————-
එකතුව රු 15538.00

ඉතින් මේ පින්කමටත් කලින් වගේමයි පින් දෙන්න වෙන්නෙ. ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියල කියල්ල බැහැ. උන් වහන්සේ පරණ සෝලා පැනල් එකක් සමගින් ලන්තෑරුම් දෙකක් පත්තු කරගෙන තමයි මෙපමණ කාලයක් වැඩ හිටියෙ.

කොහොම නමුත් ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරන පින්වත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මෙවන් පද්ධතියක් සවි කරන්නට ලැබීම අප ලද භාග්‍යයක්ත මීට පෙර සවිකල සූර්ය පැනල පමණක් නෙවෙයි. කෝටි ගණන් මුදල් වැය කර අපි සිදුකල සියලු පින්කම් ඔබට මුලින් සදහන් කල වෙබ් අඩවි වලට ගිහින් බලා ගන්න පුලුවන්.

ඉතින් වෙනද වගේම ඔබට සුපුරුදු පින් අනුමෝදනාව සිදුකරන්නම්. මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

සියලු චායාරූප

 

සිව්වන සූර්ය බල ආලෝක පූජාව - කැබිතිගොල්ලෑව

සිව්වන සූර්ය බප ආලෝක පූජාව – කැබිතිගොල්ලෑව මහ ගණ වනාන්තරයකදී සිදුකල වගයි …

වීඩියෝව නරඹන්න