Skip to main content

සමාධි බුදුපිලිම වහන්සේට මල් පොච්චි දෙකක් පූජා කල වගයි …

අභිනවයෙන් ඉදිකල සමාධි බුදුපිළිම වහන්සේ ට විශාල මල් පෝච්චි දෙකක්  පූජා කිරීම සිදු කලා. පින්කම වෙනුවෙන් දායක උනේ නිම්ම නදී අක්කා.
මේ පින්කම මහා අනුහස් ඇති පින්කමක්.

මල් පූජාවේ අනුසස්
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

ඉතින් ඔබ සිදුකලේ එක මලක් දෙකක් නෙවෙයි. මේ බුදුපිලිම වහන්සේ මෙතැන වැඩ සිටින තාක්කල් මේ මල් පෝචිචිවල බුදුහිමියන් නමට මල් පිපේවි.

ඉතින් මේ මහ පින්කම සිදුකලේ විදෙස්ගතව සිටින නිම්මි නදී මහත්මිය. ඉතින් මේ පින්වත් සොයුරිය සිදුකල අප්රමාණ කුසල් ඔබවන් පින්වත් දරුවකු බිහිකල දයාබර දෙමාපියන්ට පින් පිණිස හේතු වාසනා වේවා. ඔබේ සියලු පැතුමන් ඒ අයුරින්ම සාර්ථක වේවා. ඔබේ පින්වත් ස්වාමියාටත් මේ පින් ඒකාකාරව ලැබී ඔහුගේ ජීවිතය පවා වාසනාවන්ත වේවා. ඔබේ පින්නවත් දරුවන්ට නිදුක් නිරෝගී නාගතයක් උදාවේවා … ඔබේ මෙලොව ජීවිතය දුක් කරදර කම්කටොලු දුරුවේවා. මේ සියලු පින් බලෙන් ඔබට මෙලොවත් ජයගෙන, පරලොවත් ජයගෙන, සසරත් ජයගැනීමට මේ සියලු පින්කම් හේතු වාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්යන්කර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

පොච්චි දෙකක් පූජා කිරීම

පොච්චි දෙකක් පූජා කිරීම