Skip to main content

රු 32,000/-ක් වටිනා පන්සිය පනස්ජාතකපොත් වහන්සේ ශ්‍රවණාරූඪ කල විශ්වබල චෛත්‍යරාජයාණන් වහන්සේ ‍ෙගෟතම බුදු සසුනට පූජාකල වගයි

By October 2, 2015April 11th, 2016All Posts

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින ‍ හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.

පින්කමවෙනුවෙන් පහත නම් සදහන් පින්වත් කළණ මිතුරැ මිතුරියන් දායකත්වය ලබාදුන්නා.

රොශාන් ප්‍රගීත් මහතා රු 62,000/-
කල්පන අතුරුගිරිය මහතා රු 40,000/-
මදුභාශිනි මිය හා රොෂාන් මහතා රු25,000/-
කැලූම් සම්පත් මහතා රු 25,000/-
දීපිකා මෙනෙවිය හා මිතුරියන් රු 20,700/-
දුලිප් දෙකනවක මහතා රු 16080/-
සේපාලිකා නංගි රු 16,000/-
පුබුදුනි අක්කා රු15,000/-
සුජී ආරච්චිගේ මිය රු 11,000/-
අසංකා ජයමාලි මිය රු 10,000/-
රජිත තෙන්නකෝන් මහතා රු 8,000/-
වසිත පේරේරා රු 4,000/-
එරංග සෙනෙවිරත්න මහතා රු 3,500/-
නුවන් මලින්ත මහතා 3,000/-
ඉෂාන් උදය මහතා රු 2,000/-
සුපුන් චතුරංග මහතා රු 2,000/-
තිළිණ විෙජ්වර්ධන මහතා රු 1,000/-
හිරන්ත මදුසංක මහතා රු 500/-
චෛත්‍ය ශ්‍රමදානයේ ඉතිරි රු 5,530/-

————————————————————

සම්පූර්ණ වැඩසටහනට යොමුකල මුදල රු 270,310.00

මෙම විශ්වබල චෛත්‍යරාජයන් වහන්සේ වෙනුවෙන් වැය වූ මුදල රු 32,000.00

මෙම යන්තුය මිලදී  ගැැනීම සදහා සුජී ආරච්චිගේ මිය විසින් විශේෂයෙන්ම  රු 11,000/- ක මුදලක් පරිත්‍යාග කලා.

මේ යන්ත්‍රය තුල ධාතු කරඩ්‍රවක්, බුදුපිලිම වහන්සේ නමක් වගේම පන්සිය පනස් ජාතක පොත් වහන්සේ  සජ්ජායනය පටිගත කර ඇත. පන්සිය පනස්ජාතක පොත් වහන්සේ ‍ෙග් ශ්‍රවණය කිරීමට අවශ්‍ය ජාතක කථාව දුරස්ථ පාලකයෙන් සටහන් කලවිට එම ජාතක කථාව ඇසිය හැකිය.

ඉතින් මේ එක පින්කමක් තුල පින්කම් රාශියක් අයිති වෙනව. ධාතු කරඩු පූජාව, බුදුපිලිම පූජාව, ජාත පොත් වහන්සේ පූජාව මෙන්ම ධර්ම දානය මෙම පින්කමට ඇතුලත් වෙනවා.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

 

බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)

කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

 

සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය.

නව කපපං සුත ධමමං
අට්ඨ කපපං ච යාචිතො
එක කපපං අනුමොදනතුං
දෙසිතො ච අසංඛයො

ධර්මය ඇසීමෙන් නව කල්පයක් ද ධර්මය දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක් ද එහි පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක් ද ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්‍යයක් ද සුගතියෙහි සැප ලැබෙන බව එයින් කියවේ. අටුවාවෙහි එසේ කීවද ධර්ම දානයෙහි ආනිසංස සීමාකර කිව නොහැකි වන්නේමය.

සදධමම දේශනා කාලෙ
සාධු සාධුති හාසනො
මුඛතො වායතෙ ගනෙධා
උපපලංව යථොදකෙ

ධර්ම දේශනා කරන කාලයෙහි ධර්මාලම්බන ප්‍රීතියෙන් සාධු ! සාධු !! යැයි කීමෙන් උප නූපන් ජාතියෙහි කටින් මහනෙල් මල් සුවඳ හමන්නේය යනු එහි අදහසය. ධර්ම ශ්‍රවණය කරන්නාට එසේ නම් ධර්මය දේශනා කරන්නාට කෙබඳු විපාක ලැබිය යුතු දැයි සලකා ගත යුතුය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර ප්‍රමාණකර නොකිව හැකි බවම ත්‍රිපිටකයෙහි සඳහන්ය.

 

එසේම බුදුපිලිම පූජාවේ ආවිසංස මෙසේ සදහන් වෙනව

කෝසල බිම්බ වර්ණනාවේදී බුදු පිලිම නිර්මාණයේ ආනිසංස බුදුහිමියන් දේශනා කල  ආකාරය මෙසේ දැක්වෙනව;

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

එසේම අනුසස් දසයක් ගෙන දුන්පූජා  ලෙස

මහා සැළි හා කරඩු පිදීම.

ආහාරපාන පිදීම

බෙහෙත් පිදීම

සුවද දුම් පිදීම

ආදිය අතුලත් වෙනවා.

මේ ආදී වශයෙන් අප්‍රමාණ ආනිසංස රාශියක් මේ පින්කම මගින් සිදු උනා.

මේ පින්කමේ බලයෙන් ඔබගේ වරිග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ට අපමණ කුසල් ලැබේවා. ඒ අය සතුටට පත්ව අපවත් සම්බුද්ධ ශාසනයත් රකින දේව ආත්ම ඉවටම පත්වේවා.

මේ මහා පින්කමේ බලයෙන් ඔබට සසර පුරාම දුකින් කදුලින් ‍ තොර ජීවිතයක් ලැබේවා. සුගතියෙහිම උපත සිදුවේවා. නිතර බුදුබණ ඇසෙන. නිතර පන්සිල් සුරකින යහපත් සුදී ජනයන් අතරම උපත සිදුවේවා. සසර පුරාවට නැහැ, බැහැ, කියන වචනයක්වත් අසන්නට නොලැබේවා.  වැඩි වැඩියෙන් මෙවන් මහ පින්කම් කරගන්නට තව තවත් අවස්තාව ලැබේවා. සිදුකල අපමණ කුසල් බලෙන් ඔබගේත්, දූ දරුවන්ගේත්, සැමියා බිරිද ආදී ඔබේ ලබැදියන්ගෙත් සියලු ග්‍රහ අපල, අනවින කොඩිවින දෝෂ දුරුවේවා. අමනුෂ්‍ය උපද්‍රව දුරුවේවා. කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව අපමණ හිමිවේවා.  කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසීම උදාවේවා …

මෙවන් පින්කම් සිදුකිරීම තුලින් අප බලාපොරොත්තු වන්නා වූ බෝධියෙන් නිවී සැනසෙමින් අසරණ සත්වයන් දුකින් මුදවාලීමට මේ පින් හේතුවාසනා වේවා …

විශ්ව බල චෛත්‍යරාජයන් වහන්සේ

විශ්ව බල චෛත්‍යරාජයන් වහන්සේ – හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය