Skip to main content

රු. 130,000/ ආසන්න වියදමක් දරා ආරාමයක සිවිලිමක් නිමවූ වගයි …

පින්වත් යහලුවනේ අපි පහුගිය කාලෙ පින්කම් රාශියක් සිදුකලා. මේ පින්කම් වලින් මුලින්ම කල පින්කම තමයි මේ සටහන් වෙන්නෙ. සියලු පින්කම් අපේ වෙබ් අඩවියෙන් නරඹන්න පුලුවන්. http://ifbcnet.org/our-projects/ බුදුදහම ප්‍රචාරය කිරීම පිණිස අපි සංවිධානයක් පිහිටුවා ගත්ත. ඒ සංවිධානෙ නම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම. එහි නිළ පිටුව මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්. https://www.facebook.com/buddhist.foundation අපි පටනගත්ත පමු පින්කමට ලොකු බාධා එන්න පටන්ගත්ත. නොයෙක් චෝදනා එන්න පටන්ගත්ත ඒත් දයාබර සොහොයුරියක් මගෙ කථාව විශ්වාස කලා. ඇය මට උදව් කරන්න පොරොන්දු උනා. ඇයගේ අකමැතිකම නිසා ඇයගේ නම හෙලිදරව් කරන්න විදිහක්නම් නෑ. මේ ආරාමයේ කුටිය හදල තිබුනෙ. වැඩ නිමකරන්න වෙන්කල මුදල මදිවෙලා තිබුනෙ. ඒ නිසා සිවිලිම නැතිව තිබූ අවස්ථාවකයි අපි මේ වැඩේ බාරගත්තෙ.

මුලින් අපි ගණන් හැදුවෙ රු. 67 000/= කට විතර. නමුත් හාමුදුරුවන්ගෙ අවශ්‍ය තාවය අනුව සිවිලිම කිරීමේදී අවසානයේදී බඩුමිල වැඩිවීමත් එක්ක ඒ මුදල රු 135 000/= දක්වා වැඩි උනා. ඒත් ඒ සෑම දෙයකටම නොසැලී ඒ සොහොයුරිය මාව නිරන්තරයෙන් දිරිමත් කලා. මට නිතර කථාකරල සහයෝගය ලබා දුන්න. දයාබර මවුකෙනෙක් වගේ. අවසානය ඉතාම සුන්දර උනා. අද අපි ඒ ඉලක්කය ජයගත්ත. යහලුවනේ මේ වගේ පින්කම් සදා පින්වැඩෙන පින්කම්. මේ පින්කමට උදව් කල මගේ දයාබර් අක්කේ. කවද හරි අවුරුදු සියයක් ගිහිල්ල හරි මේ සිවිලිම විනාශවෙනකල් අපිට අඛණ්ඩව පින් ලැබෙනව. හරියට බැංකු පොතේ ස්ථාවර තැන්පතුවක් දැම්මම අඛණ්ඩව පොලී ගලා එනව වගේ. ඒ විතරක්ද උපන් උපන් ආත්මවල මහේශාක්‍ය සම්පත් ලබනව. අව්වැසි පීඩා නොලබනව. නිවන් අවබෝධකරගන්න ඉතාම පහසු වෙනව. ආරාමයක් හදල පූජ කරනව කියන්නෙ අටමහා කුසල් වලින් එකක්. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. අරාමයක් හදල පූජ කරන එක මේ අටමහ කුසලයට අයත්. දැන් මේ සිවිලිම ගහපු එකත් ඒ වගේම හරිම පින්කමක් නිසා ඒ පිනත් ආරාමයක් හදන කටයුත්තට දායක වීමක් නිසා මහ ලොකු පිනක්.. මොකද කරදරයක් නොවී භාවනා කරන්න මේ සිවිලිම හරි ප්‍රයෝජනවත්. කොහොම උනත් තව මේ ආරාමෙ අඩුපාඩු ගොඩක් තියෙනව. මේ කුටිය තියෙන්නෙ අඩි සියයකට කිට්ටු උසක් තියෙන කන්දක. යන්න හරි හමන් පාරක් නෑ.පොලවෙ පඩිපෙල කපල තියෙන්නෙ. ගොඩක් දුෂ්කරයි ඉහලට නගින්න. ඒවත් කැඩිල ගිහින්. මෙහි වැඩවෙසෙන්නෙ භාවනා කරන තායිලන්ත ස්වාමීනව් වහන්සේ නමක්. පහල කුටියෙයෙනම් අපේ සිංහල ස්වාමීන්වහන්සේ නමක් ඉන්නෙ. පන්සලට උදව් කරන්න ඉන්න දායකවරු ඒතරම් ආර්ථික මට්ටමක් ඇති අය නෙවෙයි. ඔයාලට පුලුවන්නම් මේ පඩිපෙල ඉදිකරන්න ඒක මහා කුසලකර්මයක් වෙනව. ඒ විතරක් නෙවෙයි. පහත ආනිසංස ලබනව. පුත්‍රයෝ බොහෝ ලබති තැතිගැනීමක් නැත හැමකල්හි අනුන් විසින් පීඩා නොකලහැක්කෙක් වේ සැම විටම සැම පැත්තෙන්ම ආරක්ෂාවේ වැරදීම් සිදුනොවේ සිතෙහි පෙලීමක් නැත මීට අමතරව ඔයාලගෙ ශරීරය බොහොම ශක්තිසම්පන්න වෙනව. වැටීම් පෙරලීම් සිදු නෙවේවි. යෝධ බල යෝධ ශක්තිය ලැබේවි. අපි හොයන මුදල් නිකන් නිස්කාරනේ නොයෙක් දේවලට වියදම් කරන වෙලා මුලු සසර පුරාවටම වැදගත් දෙයක් කරන්න පුලුවන්නම් ඉතාම වටිනව. ඔයාලට මේ වෙනුවෙන් ටිකක් ලොකු වියදමක් දරවන්න වේවි. කිහිප දෙනෙක් එකතුවෙලා හරි මේ පඩිපෙල ඉදිකරල දෙන්න පුලුවන්නම් ඔබට නිවන් දකින ජාති දක්වා පලදෙන මහ පිනකමක් වේවි. ඒ සදහා ඔබේ කාරුණික අවධානය යොමු කරත්වා. සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා එරන්ද ලක්මාල් විසින් හදපිරි සොයුරු දමින් බැදී මේ සත්කාර්යය ගෝතම සාක්‍ය සිංහ ශාසනය තුල මෙසේ නිමකල වගයි.

සිවිලිම නිර්මාණයේ මතක සටහන් …

සිවිලිම නිර්මාණය

සිවිලිම නිර්මාණයේ මතක සටහන්