Skip to main content

රජරට බොදුහඩ සංවිධානය සමග සම්බන්ධ වී දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදුන් වගයි

රජරට බොදුහඩ සංවිධානයේ ඉල්ලීමක් අනුව රජරට දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදෙන්න අපි කටයුතු කලා.

ඒ වෙනුවෙන් අපිට ලයනල් ගුණතිලක මහතා රුපියල් 5000/= ක පරිත්‍යාගයකුත් නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නම සදහන් කිරීමට අකමැති වූ පින්වත් සොහොයුරියක් පාසැල් උපකරණ එවීමෙනුත් දායකත්වය ලබා දුන්න.

ඉතින් ඒ අසරණ දරුවන්ට ඉගෙනීමට ඔබ ලබාදුන් ශක්තියෙන් අප්‍රමාණ කුසල් ජනිත වෙනෙව. ඉන් ලබන කුසල් ඔබ වන් පින්බර දූපුතුන් හැදූ වැඩූ ඒ දයාබර දෙමාපියන්ටත් පින්පඩුරක් ලෙසින් පූජා වේවා. ඔබේ දරුවන්ටත් සොයුරු සොයුරියන්ටත් මේ පින් ඒකාකාරවම ලැබේවා. ඔබේ නමින් පරලෝ සැපත් යම් ඥාති ප්‍රේතයන් කොටසක් පින් බලාපොරොත්තු වේනම් ඒ අයටත් මේ පින් ලැබිල සුගති ගාමී වේව‍ා. මෙවන් පින්කමක් සිදුකල ඔබටත් මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම අධ්‍යාපන කටයුතු, ව්‍යාපාර කටයුතු ඇතුලු සියලු වැඩ කරගන්නට ඉතාම හොදින් කරලන්නට හැකියාව ලැබේවා. බුද්ධිය, ප්‍රඥාව පහල වේවා. කෙලවර අමා මහ නිවනින් සැනසීම ලැ‍ෙබ්වා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදීම - අනුරාදපුරය

දිලිදු දරුවන්ට පාසැල් උපකරණ ලබාදුන් අයුරු