Skip to main content

මුහුණුපොතේ මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් එක් දරුවෙකුට ශිෂ්‍යත්වයක්ද සමග ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකුට පාවහන්, නිල ඇදුම් ඇතුලුව අවශ්‍ය සම්පූර්ණ උපකරණ ලබාදුන් වගයි.

By January 8, 2015April 12th, 2016All Posts

ආර්ථික අපහසුකම් ඇති දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් අද දින අප පාසැල් උපකරණ පරිත්‍යාගයක් සිදුකලා. මින් එක් දරැවෙකු වෙනුවෙන් මාස්පතා පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ද ලබාදුන්නා.

මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නේ

සේපාලිකා  නංගියාත්, එරන්ග විතාරණ මහතාත්, උදාරි නංගියාත්, තව නම සදහන් නොකල පින්වත් සොයුරියක් යන මේ පිරිසයි.

නිල ඇදුම් සදහා –  රු 976.00

ලිපිද්‍රව්‍ය – රු 2040.00

උපකාරක පොත් රු 640.00

පාවහන් සදහා රු 2680.00 ( මේ වෙනුවන් රු 1000.00 වටිනා වවුච් දෙකක් ලද බැවින් අමතරව ගෙවන ලද්දේ 680.00 පමණි.)

ආවරණය සදහා කවර වෙනුවෙන් රු 15.00

_____________

මුලු මුදල. රු. 6351.00

_____________

වවුචර් හැර අතින් දුන් මුදල රු 4351.00

ඔවුන් වෙනුවෙන් පාවහන්,  නිල ඇදුම්, හා අනිකුත් පාසැල් උපකරණ මෙහිදී පිරිනැමුන. ඒ පිලිබද සියලු බිල්පත් පහතින් දක්වා තියෙනව.

පින්කම වෙනුවෙන් සහය දැක්වූ සේපාලිකා නංගී  මෙවන් පින්කම් රාශියක් සදහා මේවන විට රු. ලක්ෂයකට අධික මුදල් කන්දරාවක් මා වෙත එවා තියෙනව. මාව පුද්ගලිකව හදුනන්නෙත් නැතිව, මා කවුරුන්ද කියා දන්නෙත් නැතිව, අඩුම තරමින් මගේ කටහඩවත් අහන්නෙ නැතිව ඔබ මා කෙරේ තැබූ විශ්වාසය මට මහත් අභිමානයක්.

එසේම එරන්ද මහත්මා මීට පෙර පින්කම් කිහිපයකට දායක වෙන්න හැදුවත් එතුමාට ඒ වෙනුවෙන් ඉඩක් ලැබුනෙ නැහැ. එතුමා අවසානයෙදි “ මේකක් හරි පින්කමකට යොදවන්න”යි කියමින් විශාල මුදලක් මාවෙත එව්වා.

එසේම අපිට නිරන්තර උදව් උපකාර කරන උදාරි නංගියාත් මේ පින්කම වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. දරුවන්ගේ පාවහන් ලබාදුන්නෙ උදාරි නංගියා විසින්.

ඒ වගේම ශිෂ්‍යත්වය ලබාදුන්නේ නම සදහන් නොකල පින්වත් සොයුරියක් විසින්.

ඉතින් සේපාලිකා නංගිගේත් එරන්ද මහතාගේත් මුදල් වලින් අසරණ පවුලක් වෙනුවෙන් තාවකාලික නිවහනක් ඉදිවෙනව. ඉතිරි උන මුදල් තමයි මේ දරැවන් දෙදෙනා ගේ පාසැල් උපකරණ අවශ්‍යතා යොමුකලේ.

ඉතින්  උදව් කල ඔබ සියලු දෙනාටම මේ පින්කමේ අප්‍රමාන ආනිසංශ ලැබෙනව. දරැවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් අත දීම පුංචි පින්කමක් නෙවෙයි. අනිත් අතින් ඒක ඔබ රට වෙනුවෙන් කල මහා පරිත්‍යාගයක්. විශේෂයෙන්ම සිංහල අපි වදවෙලා යන යුගයක මෙවන් උත්තරීතර පරිත්‍යාගයනක් තුලින් සිංහලයාගේ පැවැත්මට සිදුවන්නේ මහා මෙහෙවරක්..

ඔබවන් පින්වත් දරුවන් මෙලොවට බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඒ ඇත්තන් කොහි සිටියත් මේ පින් ඒකාකාරවම ලැබී ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදි සියල්ල ලබත්වා.  ඔබේ පවුලේ සැමටත් මලගිය ඥාතීන්ටත් මේ පින් ලැබේවා . සැපතින් සැපතට පත්වේවා. ඒ ඇත්තන්ට මේ පින්කමේ බලෙන්අනන්තවත් දිව්‍ය සලු, දිව්‍ය ආභරණ, දිව්‍ය ආහාර ලැබේවා …

‍ පින්වත් ඔබට නිවන් දක්නා ජාති දක්වාම කිසිදු  අඩුපාඩුවක් නොවේවා … සියලු සැප සම්පත් පහලවේවා …

ඔබේද   දූ දරුවන්ගේඇතුලු පවුලේ සමීපයන් සියලු දෙනාටද මේ පින් ලැබේවා. සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා … සියලු විභාග කඩඉම් ජයගන්නට මේ කුසලය හේතු වාසනා වේවා…

ඉතින් ඔබවන් කළණ මිතුරන් ආශුය මහා සැපක්.  මෙවන් මහ පින්කමක් සිදුකල පින්කවත් යාලුවනේ. ලෝකයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නාවූද, මෙවන් ශාසනික කාර්යයන් වෙනුවෙන් අපිට ආධාර උපකාර කරන, මිත්‍ර මෛත්‍රී බොධිසත්වයන් වහන්සේ , ශක්‍ර දෙවියන්, සතරවරම් දෙවියන් ඇතුලු අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට අනුමොදන් වේවා. සතුටු සිත් ඇති දෙවියෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් කරගැනීමට අපට ආශිර්වාද කරත්වා.

 

පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුරනේ. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ඥානය ලබන්නට මහා වාසනාවක් තියෙන්නට ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එතුලින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ….

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා …

දරුවන් දෙනෛකුට උපතාර කිරීම

දරුවන් දෙනෛකුට උපතාර කිරීම