Skip to main content

මුහුණුපොතේ පින්වත් මිතුරන්ගේ දායකත්වයෙන් භාවනා යෝගී පින්වත් ස්වාමීන්වහන්සේ නමකට ශ්‍රවණාධාර උපකරණයක් පරිත්‍යාග කල වගයි …

By August 10, 2015April 11th, 2016All Posts

මුහුණුපොතේ පින්වත් මිතුරන්ගේ දායකත්වයෙන් භාවනා යෝගී පින්වත් ස්වාමීන්වහන්සේ නමකට ශ්‍රවණාධාර උපකරණයක් පරිත්‍යාග කල වගයි …

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ ගුවන් විදුලිය
www.ifbcradio.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජණීය නාගොඩ සද්ධාලෝක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම මත ආරණ්‍ය සේනාසනයේ වැඩවෙසෙන පින්වත් ස්වාමීන් වහන්සේ නමකට මේ පරිත්‍යාගය සිදු කෙරුනා

මෙම පරිත්‍යාගය සිදු කෙරුනේ බ්‍රිත්‍යාන ජාතික බිහිරි පුද්ගලයෙකු වන ඇලෙස් නොවැක් මහතා විසින් කසුන් හා එක්ව සිදුකෙරෙන ශ්‍රවණාධාරක පරිත්‍යාග වැඩසටහනක් වන “ශ්‍රවණාභිමානී” වැඩසටහන මගිනි. මේ සදහා වෛද්‍ය පරීක්ෂණ කටයුතු කලේ මාතර යුනිහීල්ත් ආයතනය මගිනි.

මෙම ශ්‍රවණාභ්හිමාණි වැඩසටහන පිලිබද විස්තරයක් පහත ලින්කුවෙන් දැන ගත හැකියි.

https://www.youtube.com/watch?v=lKpJPRkTfMg

කසුන් මල්ලි විසින්රු 500.00 මුදලක් ලබා දුන්නා.
චන්දිමා පීරිස් මහත්මිය රු 10,000.00
විකුම් දලුවත්ත මහතා රු 5,000.00
හිරන්ත මදුසංක මහතා රු 1,000.00
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1,000.00
ඉෂාන් උදය මහතා රු 1200.00
තිළිණ විජේවර්ධන මහතා රු 500.00
—————————————-
මුලු එකතුව රු 19,200.00

ස්වාමීන් වහන්සේ‍ට හම්බන්තොට සිට මාතර දක්වා ගමන් විදම රු 7,000.00
ස්වාමීන් වහන්සේගේ වෛද්‍ය පරීක්ෂණ සදහා රු 3500.00
—————————————
මුලු වියදම රු 10,500.00

රු 19200 – රු10500 = රු 8,700.00

ඒ මුදල ශ්‍රී ගෞතම සම්බුදු සෑයේ ශ්‍රමදාන කටයුතු වෙනුවෙන් යොමු කලා.

පින්කමට ආදාල චායා රූප නරඹන්න

http://sasuna.blogspot.com/2015/08/blog-post_9.html
http://wp.me/p4XCOM-jk

යාලුවනේ අද වනවිට පින්වත් ස්වාමීන් වහන්සේට හොද ශ්‍රවණ තත්වයක් ලැබෙන බව අපේ පූජණීය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලා. මේ මහා පින්කමට දායක වූ පින්වත් ඔබ සියලු දෙනා සිදුකර ගත්තේ අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක්.

විශේෂයෙන්ම මේ ස්වාමීන් වහන්සේ සසර කෙටිකරගන්න උත්සාහ කරන උත්තමයෙක්. උන්වහන්සේට ධර්මය ඇසීමට, ධර්මය ධාරණය කරගැනීමට මේ උපකරණයෙන් මොනතරම් නම් පිටිවහලක් ලැබේවිද? උන්වහන්සේ ධර්මය ඇසීමෙන්ද, ධර්මය ධාරණය කරගැනීමෙන්ද, ධර්මය අවබෝධ කරගැනීමෙන්ද මහා පුණ්‍යස්කන්ධයක් රැස්කරගනීනම් ඒ සියලු පින් අපි සැම දෙනාටම හිමිවෙනව. ඒ අනුව බලපුවාම මේ සිදුකරල තියෙන්නෙ සම්බුද්ධ ශාසනයටම සිදුකල මහා ධර්ම දානයක්. ශාසනය කියන්නෙ පොත්පත් නෙවෙයි. ධර්මධර විනයධර සුපටිපන්න මහා සංඝරත්නයයි. උන්වහන්සේලාට පහසුකම් සැපයීම සම්බදුධ ශාසනයට සිදුකරන මහා සේවයක්. ශාස‍නයේ චිරස්ථිතියට කරන මහා මෙහෙවරක්. වශේෂයෙන්ම මේ ශ්‍රවණාධාර උපකරණය පරිත්‍යාගකරන්නට මුල් උනේ අපේ කසුන් චන්දන මල්ලියයි. ඇලෙස් නොවැක් මහතා තමයි අදාල පරිත්‍යාගයන් සිදුකර තියෙන්නෙ.

එසේම චන්දිමා පීරිස් මහත්මිය හා පවුලේ සියලු දෙනා අපිට නිරන්තරයෙන් මේ පින්කම්වලට දායකත්වය දරනව.

ඒ වගේම විකුම් දලුවත්ත මහතාත් නිරන්තරයෙන් අපිට සම්බන්ධ වෙමින් ආධාර උපකාර කරන පින්වතෙක්.

හිරන්ත මදුසංක මහතාත් බොහෝමයක් පින්කම් වලට අපිට දායකත්වය ලබා දෙනව.

යතින්ද්‍ර ගුණවර්ධන මහතා අපිට නිරන්තරයෙන් මුහුණුපොත හා සම්බන්ධ වෙමින් අප සමග කටයුතු කරනවා.

ඉෂාන් උදය මහතා සෑම විටම හැකි උපරිමයෙන් මේ පින්කම් වෙනුවෙන් දායකත්වය ලබාදෙනව.

තිළිණ විජේවර්ධන මහතානම් සහභාගි නෙවෙන පින්කමක් නැති තරම්. පින්කමක් තිබුනත් නැතත් කීයක් හරි පින්වැඩ සදහා වෙන්කරන්න එක එතුමාගේ සිරිතක්.

ඉතින්විශේෂයෙන්ම ඇලෙස් නොවැක් මහතාටත් කසුන් මල්ලිට ඇතුලු මේ මහා පික්තමට දායක වූ ඔබ සියලු දෙනාට මෙපින්බලෙන් සසර පුරාම නිවන් දක්නා ජාති දක්වාම කිසිදු කලෙක ශ්‍රවණාබාධ ඇති නොවේවා. සසර පුරාවට දිව්‍ය කන්ම පහලවේවා. තබන තබන පියවරක් පාසා ධර්මයම ඇසේවා. පරුෂ වචන, හිස් වචන, පිසුණු වචන නොඇසෙන මානයකම උපත ලබත්වා. යොදුන් දහස් ගණන් දුර දෙසන බණපද පවා තමා ඉදිරිපිට දසන බණපද මෙන් ඇසේවා. එක් වරක් කීදෙයක්, අපහැදිලිව කීදෙයක්, නොඇසෙන ලෙස කීදෙයක් ඉතා හොදින් ඇසේවා.

එසේම මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ නමින් පරලොව ගිය සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්,නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.
මේ පින්කම සිදුකල සිදුකල ඔබටත් පවුලේ සියලු දෙනාටත් මේ පින් බලයෙන් ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්ෂාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා. මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා. සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …
මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

ශ්‍රවණාධාර උපකරණ පරිත්‍යාගය

ශ්‍රවණාධාර උපකරණ පරිත්‍යාගය – වෙහෙරගල ආරණ්‍ය සේනාසනය