Skip to main content

මුහුණුපොතේ පින්වත් කළණ මිතුරෙකුගේ දායකත්වයෙන් ආරාමයක දාන උපකරණ පිලිවෙලට අසුරා ගැනීම සදහා රු 12,250/- ක් වටිනා වානේ අල්මාරියක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි …

By February 14, 2015April 12th, 2016All Posts

පහුගිය කාලය පුරාවට ලක්ෂ 30කට ආසන්නව කරපු පින්කම් සියල්ලත්, සම්බුදු දහම ඉගෙනීමටත් එන්න අපේ වෙබ්අඩවියට

පින්වත් අමල් ආර් මහගෙදර මහතා විසින් ආරාමයක පිගන්, කෝප්ප, ආදී දාන  උපකරණ පිලිවෙලට අසුරා ගැනීම සදහා රු 12,250/- ක් වටිනා වානේ අල්මාරියක් ගෞතම බුදු සසුනට පූජා කලා. පූජාව සිදු කලේ කුරුණෑගල, නැලව, විවේක වන සෙනෙසුන වෙතටයි.

අමල් මහතා විසින් රු 31,000/- ක් අප වෙත අවල තිබුන. ඉන් රු. 16 000/- ක් 18 රියන් බුදුපිළිම වහන්සේ වෙනුවෙන්ද රු 15,000/- ක් මේ වානේ අල්මාරිය වෙනුවෙන්ද පූජා කරන්නට මට කියල තිබුන. ඉතින් අල්මාරිය ගැන කිහිප තැනකින්ම බලල වෙහෙස මහන්සියෙන් හරි හොද තත්වයේ අඩු පිරිවැයක් ඇති වානේ කබඩ් එකක් තෝරගත්ත. ලංකාවෙ ප්‍රසිද්ධ ආයතන වල රු 16,000/-යි කියපු එකම කබඩ් එක සමහර තැන්වල ඊට ගොඩක් අඩුයි. ගණන් වැඩි ආයතන වලින් කියන්නෙ කොලිටිය හොද නිසා ගණන් වැඩි බව. ඒත් වර්ග දෙකම එක බව හොදට තේරෙනව. ඒ නිසා අල්මාරිය රු 12,250/- කට ලබාගත් අතර කි.මී. 8ක් 10ක් දුර සදහා රු 300/-ක් ප්‍රවාහනවයට අය කලා.

 

ඒ අනුව අල්මාරිය සදහා  වෙන් කල මුදල රු 15000.00

අල්මාරිය සදහා  වැය වූ මුදල –  රු 12250.00

ප්‍රවාහනයට රු 300.00
————————————————————–

ඉතිරි මුදල ඉතිරි මුදල  =රු 2450.00

ඉන් රු 450.00 ක මුදල අමල් මහතාගේ පරිත්‍යාගයෙන් දිනපතා අප අසරණ සතුන් වෙනුවෙන් දෙන දානය වෙනුවෙන් අයින් කලා. ඉතිරි රු 2000.00 බුදුපිලිම වහන්සේ නිර්මාණයට යොමු කලා.

ඒ අනුව කලින් එවූ රු 16,000.00 ට ඉතිරි වූ රු 2000.00 එක් කල විට රු 18,000.00 ක් බුදුපිලිම වහන්සේගේ නිර්මාණ කටයුතු සදහා වෙන් කලා.

අල්මාරිය පූජා කිරීමේ පින්කමට අදාල සියලු බිල්පත්, චායා රූප, ආදී සියලු විස්තර මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

සසුන වෙනුවෙන් සිදුවන මෙවන් පින්කම් ඉතාම දුර්ලභයි. ඊට හේතුව තමයි අලේ පින්වතුන් වැඩිදෙනෙක් උත්සාහ කරන්නෙ ආහාර දානය,  අට පිරිකර, වගේ දේවල් පූජ කරන්න. නමුත් බොහෝ දෙනෙක් නොදන්නව උනාට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පහසුකම් සැලසීම කියන්නෙ මහත් පින්කමක්.  මේ අල්මාරිය යොදාගන්නෙ එවන් දෙයකට. මේ කුඩා ආරාමයේ නිසි පිලිවෙලට මුලුතැන් ගෙයක් නැහැ. ඉතින් සියලු පිගන් කෝප්ප ආදිය තියෙන්නෙ එකට. අලුතින් ආරාමයට එන ගිහියන් භාජනයක් අවශ්‍ය  උනහම  භික්ෂූන් වහන්සේලාගේ භාජනත් පරිහරණය කරනව. ඇත්තටම ඒක ගිහියන්ගෙ වැරැද්දක් නෙවෙයි. වෙන වෙනම තබා ගැනීමේ අපහසුව.

ඉතින් මේ ප්‍රශ්නය සංඝයා වහන්සේලාට සිදුකරන අඩුපාඩුවක් නිසා අපි සෙනෙසුන වෙනුවෙන් අල්මාරියක් පරිත්‍යාග කලානම් හොදයි කියල හිතුන. පින්වත් අමල් මහතා විසින් ඒ වගකීම ඉතාම සතුටින් බාරගත්ත. අමල් මහතා අපිට ආගන්තුකයෙක් නෙවෙයි. මීට කලින් පින්කම් කිහිපයකටම එතුමා සහභාගි උනා. ඉතින් මෙවරත් එතුමා සිය උපන්දිනය වෙනුවෙන් මහ පින්කමක් සිදුකරගත්තෙ.

ඉතින් මේ පින්කම සිදුකිරීම මගින් ආරාණ්‍යයේ භාජන  නිසි පරිදි ආරක්ෂා කරගන්නත්, අපද්‍රව්‍යවලින් කුණු දූවිලි වලින් බේරාගන්නත් පුලුවන් වේවි. ස්වාමීන්වහන්සේලාට භාවිතා කරන පිගන් කෝප්ප සදහා නිසි ගෞරවය ලැබේවි. පිරිසිදු බව රැකේවි. පිලිවෙල රැකේවි. ඒ මහා කුසල සම්පත් අමල් මහතා වෙනුවෙන් ජනිත වෙන ඒවායි.

මේ මහා පින් බලෙන් ඔබතුමාට සසර පුරාම නිවන් දක්නා ජාති දක්වාම පිලිවෙල පිලිබද ගැටලුවක් ඇති නොවේවි. නිසි කාලයේදී ඉගෙනීමත්, නිසි කාලයේදී රැකියාවත්, නිසි වයසේදී ආවාහ විවාහ කටයුත්තත්, දරුවන් ලැබීමත් ආදි මේ සියල්ල පිලිවෙලට සිදුවේවි. නිවන් දක්නා ජාති දක්වාම කුණු දූවිලි ආදියෙන් පීඩා නොවෙන්නත්, මුලු සිරුර බබලන රන්කදක් මෙන් දීප්තිමත් වන්නටත් මේ පින්කම හේතුවේවි. එසේම යන යන තැන නිසි ගරුත්වය හිමිවේවි. හැමදෙනාගේම ආදරයට, ගරුත්වයට භාජනය වේවි.  එසේම නිරන්තර ආරක්ෂාව සැලසේවි. ඔපේ චිත්ත පාරිශුද්ධිය ඇතිකරගන්න මේ පින්කම මහා අනුබලයක් ලබාදේවි. මෙවන් පින්කම් මගින් ඇතිවන පුණ්‍ය විපාක මගින් ඇතිවන ආරක්ෂාව කිසිදු දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, නාගයෙකුටවත්, යක්ෂයෙකුටවත් නැති කරන්න බැහැ. බුදුරජානන් වහන්සේට කිසිවෙකුට අතක්වත් තියන්න නොහැකි උනේ ඒ මහා පුණ්‍ය ශක්තිය නිසයි. මාරයාගේ ඊතල පවා මල්ලෙති වී බුදු පාමුල වැටුනේ එවන් මහා පාරමිතා ශක්තීන් නිසයි. ඉතින් ඒ මහා අාරක්ෂාව ඔබට සසර පුරාම ලැබෙන්න මේ පින්කම හේතු වෙනව.

පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් කළණ මිතුර. ඔබට මේ භවයේ පටන් නිවන් දක්නා ජාති දක්වා  සියලු දුක් කරදර දුරුවේවා. ඉදිරි ගමන යහපත් වේවා. සියලු රෝග පීඩාදීන් දුරුවී නිදුක් නිරෝගී ජීවිතයක් උදාවේවා. විශේෂයෙන්ම ධර්ම ඥානය ලබන්නට චිත්ත පාරිශුද්ධිය ඕනිමයි. ඕනි. ධර්මය අවබෝධ කරන්න පුලුවන් ප්‍රඥාවන්තයින්ට පමණයි. ඔබට උපදින හැම භවයකදීම මෙපින් බලෙන් චිත්ත පාරිශුද්ධිය ඇතිවී එතුලින් මහා ප්‍රඥා සම්පත්තිය පහල වේවා.  එමගින්   නිතරම නිවුනු සැනසුනු ජිවිතයක් ගෙවන්න ලැබේවි.  එසේම මේ පින් බලෙන් උපදින උපදින හැම භවයකම නැහැ බැහැ නොකියන මහේෂාක්‍ය ජීවිතයක්ම ඔබට ලැබේවා. අත දිගහැර මහ පින්කම් කරන්න පුලුවන් මහා ධනස්කන්ධයක් හිමිවේවා. කිසි කලෙක හිග නොවන මහා භාණ්ඩාගාර පහල වේවා. එසේම සිය බත්පත පවා දන්දෙන්න තරම් ධර්මයෙන් සැනහුන නිර්ලෝභී සිත් පහල වේවා. එතුලින් මහා පින්කම් කරන්නට තව තව අවස්ථාව ලැබේවා. කෙතරම් ධනයෙන් , බලයෙන්, පිරිවරෙන්, වස්තුසම්පත් වලින් පිරුනත් නිර්ලෝභී සිතිවිලිම පහල වේවා. උපදින හැම භවයකදීම සුදන ඇසුරම, කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන්ම උපදින හැම භවයකදීම  නිවන් දක්නා ජාති දක්වාම සතර වරන් දෙවියන් සතරවටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කුරා කුහුඹුවකුගෙන් වත් කිසිදු හිංසාවක් නොවේවා. ඉතාම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති අජරාමස සංඛාත අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්කම හේතු වාසනා වේවා ….

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇති හෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිට වාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..

බුදුන් වදාල මගයමින් අප්‍රමාන පින්කම් කරන ඔබ සියලු දෙනාට පතන බෝධියෙන් නිර්වාණ සුවයම ලැබේවා …

 

නැලව ආරාමය අල්මාරිය

නැලව ආරාමය අල්මාරි පරිත්‍යාගය