මුහුණුපොතේ පින්වත් මිතුරෙකු රොෂාන් ප්‍රගීත් මහතාත් පින්වත් මිතුරියක වූ වත්සලා ජීවපානී මෙනෙවියගේත් පූර්ණ මූල්‍ය දායකත්වයෙන් හෙළදිව සංස්කෘතික කවයේ සභාපති වෛද්‍ය දහම් රත්වත්තේ මැතිතුමාට දීර්ඝායුෂ පතා කතරගම කිරිවෙහෙර, අෂ්ඨපල බෝධිය, දේවලාය යන ස්ථානයන්හි පින්කම් පුද පූජා පැවැත් වුනා.
රොෂාන් ප්‍රගීත් මහතා රු 10,000.00කින්ද වත්සලා ජීවපානී මෙනෙවිය රු 1000.00ක්ද දායකත්වය ලබා දුන්නා.
වියදම්
අට පිරිකර සහ සිව්රු පිරිකර වෙනුවෙන් වියදම රු 9.000
නෙලුම් මල් වෙනුවෙන් රු 1 000.00
කතරගම දේව පූජාව රු 1250.00
————————————————-
මුලු වියදම රු 11,250.00
අය වැය පියවීම රු 250.00 අප විසින් සිදු කලා.
මෑතකාලයේදී මුහුණුපොතින් හැමදෙනාම පින්වත් දහම් රත්වත්තේ මහතා දුකින් පෙලෙන සත්වයන් හට සැනසීම ලබාදෙන සාදුවරයෙක් බවට ඉක්මනින් පත්වුනා. අපි විසින් පුද්ගලිකව දන්නා පරිදි බොහෝ පිරිසකට සැනසීම ලබාදෙන්නට එතුමා සමත් උනා. ඒ වෙනුවෙන් මැදිහත් වී කටයුතු කරන්නට හැකිවීම අප ලද සුවිශේෂ පිනක්. කෙසේ උනත් එතුමා පිපිලබද වැඩි දුර තොරතුරු එතුමා විසින් පැවසීම ප්‍රතික්ෂේප කිරීම නිසා අප එතුමා පිලිබද දන්නේ ඉතාම අල්ප තොරතුරුප්රමාණයක්. කොහොම නමුත් සැප්තැම්බර් 17 වැනිදාට එතුමාගේ ජන්මදිනය යෙදී තිබුනා. ඒ වෙනුවෙන් එතුමාට ආශිර්වාද පතා සැප් 16 වැනි දින රාත්‍රියේ කතරගම දෙවියන් අභියස විශේෂ පූජාවක් සිදුකලා. පසුදින කිරි ආහාර පූජාවක්, නෙලුම්මල් පූජාවක්, අෂ්ඨපරිෂ්කාර පූජාවක් සිදුකල අතර කතරගම පිහිටි අෂ්ඨඵලරුහ බෝධීන් වහන්සේට චීවර පිරිකර පූජාවක් සිදු කෙරුනා. එපින් පින්වත් රත්වත්තේ නිලමේතුමන්ටද හිමිවීම තුලින් එතුමාෙග් දේවාත්මය තවදුරටක් ශක්තිමත් වේවා. වඩ වඩාත් දිව්‍ය ඉසුරු හිමිවේවා.