Skip to main content

බුදු පිළිම වහන්සේගේ අව් වැසි ආවරණය ( කොන්ක්‍රීව් වහලය ) දක්වා ඉපැරණි බෝධි සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියරේ මුල් කොටස නිමකල වගයි …

By May 29, 2015All Posts

වසර දෙදහසකටත් වඩා ඉපැරණි ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේගේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන ආකාරය ඔබ පසුගිය කාලය පුරාවට දකින්නට ඇති. එම සංවර්ධන කටයුතු වල දෙවන අදියරේ පළමු කොටස පසුගිය දා නිමාවට පත් උන බව ඔබ දුටුවා නොදැක්ක අයට ඒ පිලිබද විස්තර මෙතනින් බලන්න පුලුවන්.

http://wp.me/p4XCOM-hp

 දෙවන අදියර ලෙස බුදුපිලිම වහන්සේගේ කුටිය සෑදීමේ කටයුතු සිදුකල අතර පළමු අදියරෙන් ඉතිරි වූ රු 65001.00 මුදල සමග දෙවන අදියරට මුදල් ලැබීම් පිලිබද විස්තර පහත දැක්වෙනව.

 පළමු පියවරෙන් ලද ඉතිරි මුදල   රු 65001/-
සේපාලිකා සොයුරිය රු 40 000/-
රොෂාන් ප්‍රගීත් මහතා රු 15 000/-
සුමිත් නන්දන  රු11 000/-
තිළිණි හෙට්ටිආරච්චි නංගියා ( පියා වෙනුවෙන්) රු 4000/-
තිළිණ විජේවර්ධන රු 500/-
මදුසංක  රු 500/-

……………………………………
එකතුව රු 136,001/-

බාස්වරුන් සදහා කුලී                     රු 42400/-
සැටලිමට                                           රු 5000/-
සිමෙන්ති                                          රු16830/-
කොන්ක්‍රීට් ගල්                               රු 13400/-
ප්‍රවාහන                                               රු 5600/-
වැලි රු                                                   8500/-
කම්බි                                                 රු 22680/-
විදුලි උපකරණ ( බුදුගෙය වෙනුවෙන් ) රු 1040/-
කොන්ක්‍රීට් කණු                                  රු 9700/-
ඇණ, ලණු ආදිය සදහා                         රු 2840/-
සුලු වියදම්                                         රු 1675/-

—————————————————–

මුලු වියදම                                        129665’00

කෝසල බිම්බ වර්ණනාවේදී බුදු පිලිම නිර්මාණයේ ආනිසංස බුදුහිමියන් දේශනා කල  ආකාරය මෙසේ දැක්වෙනව;

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

 ඉතින් මේ බෝධිරාජයාණන් වහන්සේ සංවර්ධනයට  දායක වූ බුදුපිලිම වහන්සේ නිර්මාණය කිරීමට දායක වූ සියලු දෙනාටම අනන්තවත් පින්සිදු වේවා. අපිට නිර්න්තරයෙන් නිතර උදව් පදව් කරන සේපාලිකා නංගියාටත්,  වැඩ කටයුතු නිතර සොයා බලා උපදෙස් දෙන රොෂාන් මහත්මාටත්, අපි අපහසුතාවන්හි වැටුනු තැන්වලදී නිතර උදව් උපකාර කරන සුමිත් මහතාටත්, සිය පියා වෙනුවෙන් මහ පින්කමට දායක වූ  තිළිණි හෙට්ටි ආරච්චි නංගියාටත්, සඍම පින්කමක් වෙනුවෙන් හැකි පමණින් ආධාර කරන තිළිණ මල්ලියාටත්,  නම පලකරනවාට පවා අකමැතිව පුණ්‍ය කටයුතු වෙනුවෙන්ම මුදල් වෙන්කල මදුසංඛ මහතාට යන සියලු දෙනාට අනේක වාරයක් පින්සිදුවේවා.

 විශේෂයෙන්ම අපි පිලිබද විශ්වාස කොට මෙතරම් මුදල් ප්‍රමාණයක් ලබාදීම පිලිබද අනේක වාරයක් පින්සිදු වෙනව. මේ පින්වල නොඉදුල් කොටස අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අලේලේශාක්‍ය මහේශාක්‍ය සම්‍යදෘෂ්ඨික දෙවිවරුන්ට හිමිවේවා. මේ මුදල් ලබාදුන් ඔබ සැම මෙලොවට පිහිකල පින්බර දෙමාපියන්ට මේ පින් ඉහලින්ම හිමිවේවා. විශේෂයෙන්ම  තිළිණි හෙට්ටි ආරච්චි නංගියා තමන්ගෙ පියාට අප්‍රමාණ කුසල් ප්‍රාර්ථනා කරමින සිදුකල මේ පිනෙන් එතුමටත් අප්‍රමණව පින් හිමිවේවා. පින්කම සිදුකරන්නට සිත් පහල කරගත් අවස්ථාවේ පටන් පින්වත් ඔබ වෙත පුණ්‍ය සංස්කාරයන් ගලාගෙන එන්නට ඇති. බුදුපිලිම වහන්සේ නමකට සෙවන සෑදෑම ඔබට සසර පුරා ලොව්තුරු සම්බුදු සසුනේ සෙවන ලබන්නට හේතුවේවි.

සිදුකල අපමණ කුසල් බලෙන් ඔබගේත්, දූ දරුවන්ගේත්, සැමියා බිරිද ආදී ඔබේ ලබැදියන්ගෙත් සියලු ග්‍රහ අපල, අනවින කොඩිවින දෝෂ දුරුවේවා. අමනුෂ්‍ය උපද්‍රව දුරුවේවා. කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව අපමණ හිමිවේවා.  කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසීම උදාවේවා …

මෙවන් පින්කම් සිදුකිරීම තුලින් අප බලාපොරොත්තු වන්නා වූ බෝධියෙන් නිවී සැනසෙමින් අසරණ සත්වයන් දුකින් මුදවාලීමට මේ පින් හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිටව්දනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …