Skip to main content

පුංචි නෙතග සතුටු කදුලු නංවමින් රු. 56,000/= ක් වටිනා පාවහන් පාසැල් දූ දරුවන්ට බෙදාදුන් වගයි …

By January 8, 2015All Posts

පි විහාරස්ථාන වලට වගේම ආර්ථික අපහසුකම් ඇති පාසැල් දරුවන්ටත් හැකි අයුරින් උදව් උපකාර කරනව. අද අපි එවන් මහ පින්කමක් කලා. පොල්ගහවෙල පොල්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ආර්ථික අපහසුකම් ඇති දුවා දරුවන්ට රු. 56,000/= ක් වටිනා පාවහන් ප්‍රදානය කලා.

මේ සදහා දායකත්වය ලබාදුන්නෙ මෙන්න මේ අපේ යහලුවන්.

01. එරංග සෙනෙවිරත්න මහතා – රු. 5,000.00

02. ඉෂාර ප්‍රනාන්දු මහතා. – රු. 4000.00

03. සමීර මධුරංග මහතා – රු.2000.00

04. මාධව ජයසේන මහතා – රු. 14,000.00

05. නදීරා තේජානි මිය- රු. 15,000.00

06. ගිහාන් ගමගේ මහතා – රු. 2000.00

07. ඉෂංක නානායක්කාර මහතා – රු.2147.00

08. අටපිරිකර පූජාවේ ඉතිරි. රු. 21343.00

එකතුව – රු. 65490.00

( අට පිරිකර පූජායට මුදල් ලබාදුන් අය මෙසේයි. රුවන් එස්. ජයසිංහ මහතා, ඉෂාර ප්‍රනාන්දු මහතා, ප්‍රභාත් සමින්ද්‍ර මහතා, ලයනල් ගුණතිලක මහතා, ජිත් විජේසිංහ මහතා, ලක්ෂාන් රණසිංහ මහතා

පාවහන් සදහා වියදම් උන මුදල රු. 55776.60 ක්. ප්‍රරවාහන වියදම රු 150.00 යි.

DSI ආයතනය මූක ප්‍රවාහන පහසුකම දින කිහිපයකට කලින් අපේ නිවසට නොමිලේ ලබාදුන්න. ප්‍රවාහන වියදම් ගියෙ නිවසේ සිට පාසැලට අරන් යන්න.
මින් ඉතිරිවන රු. 9563.60 ක මුදල වෙනත් පින්කමක් සදහා යොදාගන්නව.

ඉතින් පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරුකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ.

අසරණ දරුවන්ට ඉගෙනිමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම මගින් එයාලගෙ ඉගෙනීම් කටයුතුවලට ඇති බාධා ඉවත් වෙනව. චිත්ත පීඩා ඉවත් වෙනව. ඒමගින් සිතේ සැනසීමෙන් ඉගෙනීම් කටයුතු කරගන්න පහසුවෙනව. ඉතින් ඒ අයගෙ සිතේ ඇතිවන සතුට අපිට කුසලයක් විදිහට අනුමෝදන් වෙනව. මොකද අපි එයාලට අවශ්‍ය පහසුකම් ලබාදුන් නිසයි එයාලට සතුටින් ඉගෙනීම් කටයුතු කරගන්න හැකියාව ලැබුනෙ.

අනෙක් අතින් මේ සියලු දෙනා සිංහල බෞද්ධ දරුවො. ජාතිය රැකගන්න ෆේස්ුබුක්එකට වෙලා කෑගහන කීබෝඩ් වීරයො නොවී අපි සැමදෙනා ජාකිය රැකගන්න ප්‍රායෝගිකව දායක උනා. ජාතිය රැකෙනව කියන්න ආගමත් රැකෙනවයි කියන එකමයි. මේ දරැවො හොදින් ඉගෙනගෙන බුද්ධිමත් දරුවො විදිහට සමාජගත වෙනවනම් ඒක අපි ලබන ලොකු පිනක්.

ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතිගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …

මේ පිනට ඔබ වෙනුවෙන් දායක වීමෙන් ලබන අප්‍රමාණ පුණ්‍යස්කන්ධයෝ මෙවන් පින්කම් වැඩි වැඩියෙන් සිදුකිරීමට ශක්තිය ලබා දේවා … ගෞතම සාම සංදේශය ලෝපුරා ගෙනයමින් සත්වග සිත් දුක්ගිනි සිදලන්නට හැකියාව ලැබේවා … මා පතන බෝධියෙන් උතුම් නිවන් මගට පිවිසෙමින් ලෝ සත දුකින් මුදවාලන්නට මේ පින් හේතුවාසනා වේවා …

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

පාවහන් බෙදාදීමේ ‍විශේස අවස්ථා …

දරුවන් දෙනෛකුට උපතාර කිරීම

දරුවන් දෙනෛකුට උපතාර කිරීම