Skip to main content

පින්වත් මිතුරෙකුගේ දායකත්වයෙන් පිරිවෙන් විහාරස්ථානයක සිදුකල අටුවා ටීකා පූජාව …

By July 24, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

අප විසින්පසුගිය දින අටුවා ටීකා පූජාවක් සිදුකලා. ඒ දඹදෙණිය කවුඩුමුන්න පිරිවෙන් රජමහා විහාරයේය.

මේ වෙනුවෙන් පූර්ණ මූල්‍ය දායකත්ය ලබාදුන්නේ පින්වත් සංජය මහතා විසින් …

ලැබීම්
ලබාදුන් මුදල රු 100,000.00

මුලු වියදම්.
අටුවා සහ ටීකා —රු 71,430.00
වානේ අල්මාරිය -රු 12,500.00
ප්‍රවාහන වියදම     රු 3,520.00
—————————————
මුලු වියදම්         රු 87,450.00

ඉතිරි මුදල———————————————– රු 12,550.00
එදිනට සම්බන්ධ අනික් පින්කම් වලින් ඉතුරු මුදල රු 5,011.99
——————————————————————————–
සම්පූර්ණ ව්‍යාපෘතියෙන් ඉතිරි මුදල —————-රු 17,561.99

ඒ සියල්ල නොවැම්බර් 17 – 18  සෝමාවතී දළදා පූජාවට යෙදෙව්වා …

අටුවා සහ ටීකා  පොත් වහන්සේ පූජාව …

පින්වත් යාලුවනේ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

ධර්ම දානය හා සමකල හැකි කිසිද්‍දු දානයක් නෑ.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
  2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  3. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

  1. ධර්ම දේශනා කිරීම
  2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  4. ධර්මය ඉගැන්වීම
  5. පිරිස් වලට බණපොත් කියවීම
  6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  7. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම
  9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ ද මෛත්‍රි බුදුන් දකිති’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

ඊට අමතරව මේ  විහාරස්ථානයට පැමිණ මේ පොත්වහන්සේලා කියවා ධර්මය ඉගෙන ගන්නට සෑම අයෙකුටම අවස්ථාව ලබාදේවි. ඉන් ජනිත වන්නේ අපමණ කුසලයක්. ස්වාමීන් වහන්සේටත් ධර්මය ඉගෙනගැනීමට මෙම පූජාව මහා රුකුලක් වේවා.

බුදු පිලිම නිර්මාණය හා පූජා කිරීමේ ආනිසංස

දිනක් බුදු පිළිම නෙළීම පිළිබඳ ව කොසොල් රජු බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

යේ ජීව ලොකේ පටිමා කරෙයිය
කිමානි සංඝං ලහෙතෙ මුනින්ද
පුජ්ජාමි තං සාධු – වදෙහි මයිහං
ඉදම්බ රූපී කොසගෙ භූමි පාලෙයි

(යම් මිනිසෙක් ලෝකයේ පිළිමයක් නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද?)

එම පැනයම ආනන්ද හිමියන් බුදුන් වහන්සේගෙන් මෙසේ විමසනවා.

“මුනින්ද රාජේන සුදෙසියෙත
ධම්මේන ලෙවෙයිය
පණිතං දෙසං කිමානි සංසං ප්‍රතිමාලංච
දේසේතු පුච්ජාටිහි අජ්හේ පහාසිං”

යමෙක් බුදුන් විසින් දේශනා කරන ප්‍රණීත ධර්මය ලියන්නේ ද, ප්‍රතිමා නෙළන්නේ ද එයින් ලැබෙන ආනිසංස කවරේ ද? යනුවෙනි.

එයට පිළිතුරු ලෙස අප ගෞතමයන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.

භයානකා පාසික සතත සංතුලෙ
දුරා සදෙ අගගි සිඛා නිරන්තරේ
මහාට්ඨපායෙ සුව සොල සුස්සාදෙ
හරායරේ ලේඛක බිම්බ කාරනා

“භයානක වූ පාපයික සත්ත්ව සමූහයාගෙන් ගැවසුන අතොරක් නැති ගිනිසිළු කරන කොටගෙන බැලිය නොහැකි වූ අටමහ නරකයෙහි හා ඔසුපත්වල භය පෙන්වා ධර්මය ලියන්නා වූ සැදහැවතුන් හා ප්‍රතිමා කරන්නවුන් අගතියෙහි නූපදිති” (පාලිගාථා විස්ස – කෝසල බිම්බ වර්ණනාව)

ඒ වගේමයි උන්වහන්සේ දේශනා කරනවා බුදු පිළිම නිර්මාණයේ විපාක කියලා නිමකරන්නත් බැහැ කියලා. ඒකට උපමා කීපයකුත් භාවිතා වෙනවා.

සෘද්ධි සම්පන්න පුද්ගලයන් විසින් සියලු සක්වල පුරා ඇතිවෙන උඳු, මුං, තල වගේ දේවල් තමන්ගේ සෘද්ධි බලයෙන් ගණන් කරලා මෙපමණයි කීවත් ඒ පුද්ගලයන්ට පවා බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න සක්විත රජෙක් තිස් හත් ලක්ෂ දස දහස් තුන්සිය පනහක් යොදුන් උස සක්වල පර්වතය උසට සත් රුවන් සහ උඳු, මුං පුරවලා ගණන් කරලා මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මහානුභාව සම්පන්න දේවතාවක් මහා සාගරයේ ජලය නැලි සිය දහස් ගණනකින් මෙපමණයි කියලා කීවත් බුදු පිළිම කරවීමේ ආනිශංස මෙපමණයි කියලා කියන්න බැරි බවත්,

මුඛ සීයකින්, දහසකින් වුවත් එක් බුදු පිළිමයක් කරවීමේ පින කීවත් කියා නිම කළ නොහැකි බවත් බුදුන් වහන්සේ දේශනා කරනවා.

ඒ සමඟම බුදුන් වහන්සේ පෙර භවයක තමන් වහන්සේ රජතුමෙක්ව සිටි බවත් බුදු පිළිමයක කැඩී තිබුණු ඇඟිල්ලක් දැකලා ඒ කැඩී තිබුණු ඇඟිල්ල නැවතත් බුදු පිළිමයට සම්බන්ධ කරපු පිනෙන් මහත් තේජවන්තභාවයට පැමිණි බවත් රජතුමා යුද්ධයට යද්දී ඇඟිල්ලක් උස් කිරීමෙන් හා නැමීමෙන් පවා සතුරන් පරාජය කළ බවත් වට්ටාංගුලි රජතුමා නමින් ඒ නිසා හැඳින්වූ බවත් දේශනා කරනවා.

ඉතින් බුදු පිළිම කරවීම පූජා කිරීම විශාල පිංකමක් බවත් බුදු පිළිමවලට පුද පූජා පැවැත්වීමත් විශාල පිංකමක් බව පැහැදිලියිනේ. ඒක නිසාමයි අට මහා කුසල්වලින් එකක් ලෙස බුද්ධ ප්‍රතිමා කරවීම දක්වලා තියෙන්නේ.

තෛකාලික මහා සංඝරත්නය කෙරෙහි පූජා කිරීම

උතුම් වූ ඒ ධම්ම සේනාධිපති / මහා සාරිපුත්ත අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ නායකත්වයෙන් යුත්,/ උතුම් වූ / අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ / උතුම් වූ / මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, උතුම් වූ ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා කොයිත මහරහතන් වහන්සේ ද, උතුම් වූ/ මහා කප්පින මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / ආනන්ද මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / උපාලි මහරහතන් වහන්සේ ද,/ උතුම් වූ / මහා චුන්ද මහරහතන් වහන්සේ ද./ උතුම් වූ / මන්තානිපුත්තපුණ මහරහතන් වහන්සේ ද ඇතුළු/ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / ප්‍රධාන කොට ඇති මහා සඝරත්නය / පරම්පරා අනුපිළිවෙලින් / උපාලි මහරහතන් වහන්සේ ද./ උපාලි මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / දාසක මහරහතන් වහන්සේ ද./ දාසක මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / සෝණක මහරහතන් වහන්සේ ද,/ සෝණක මහරහතන් වහන්සේන්ගේ සද්ධි විහාරික / සිගව සහ බඩවජිරි මහරහතන් වහන්සේලා ද,/ සිග්ගව සහ චණ්ඩවර්ජි / මහරහතන් වහන්සේලාගේ සද්ධි විහාරික/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ද,/ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ සද්ධි විහාරික / දීපඅප්‍රසාදක වූ / මිහිඳු මහරහතන් වහන්සේ ද සහිත වූ සඝ පීතෘ පරම්පරාව නිසා / ලක්දිව ප්‍රථමයෙන් / අරිටිය මහරහතන් වහන්සේගේ පහළ වීම සිදුවිය./ අරිට්ඨ මහරහතන් වහන්සේන්ගෙන් ආරම්භ වූ/ ලක්දිව මහා සඝ පරපුර / තිස්සදත්ත මහරහතන් වහන්සේ ද / කාළසුමත මහරහතන් වහන්සේ ද / දිඝනාමක මහරහතන් වහන්සේ ද දිසසුමන මහරහතන් වහන්සේ ද වශයෙන් / පරම්පරානුගතව / අද දක්වාම පැවත එන සේක./

අපගේ මෙම දානයට වැඩම කලා වූ / ස්වාමින් වහන්සේලා ද / එම මහා සඩිස පරපුරෙන් පැවත එන සේක. ඒ එම නිසා ඒ අප ඉදිරියෙහි වැඩ වසන්නා වූ ස්වාමින් වහන්සේලා අතීත සඝ පරපුර / නියෝජනය කරන සේක් ම ය. / වර්තමානයෙහි වැඩවසන්නා වූ / ස්වාමින් වහන්සේලා නිසා / අනාගත සඝ පරපුර ද ? බිහිවන්නාහු ම ය. / එම නිසා ම පවත්නාහු ම ය. / එහෙයින් / අප ඉදිරියෙහි වැඩවසන්නා වූ ස්වාමින් වහන්සේලා / අනාගත සස පරපුර ද / නියෝජනය කරන සේක් ම ය. ඒ අප ඉදිරියේ වැඩවසන්නා වු ස්වාමින් වහන්සේලා / කර්ම වාක්‍ය ප්‍රකාශ කරන්නේ සියලු සඝරත්නයෙහි / නියෝජිත භාවය ලබා ඇත්තාහු ම ය./ එම කාරණය විශේෂයෙන් සිහිපත් කරමින් / එම නියෝජිත භාවය සහිත ස්වාමින් වහන්සේලා සාක්ෂකොට / අතීතයෙහි වැඩ විසුවා වූ ද / අනාගතයෙහි පහළ වන්නා වූ ද වමානයෙහි වැඩ වසන්නා වූ ද ඒ සියලු දිසාවන්ගෙන් පැමිණි

නොපැමිණි / උතුම් වූ ඒ භාග්‍යවත් වූ / අරහත් වූ / සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනයෙහි / උතුම් වූ සංඝරත්නය කෙරෙහි / අප විසින් ශ්‍රද්ධා ගෞරව පෙරදැරිව / පිළියෙල කරන ලද / මෙම සියලු පූජාවෝ / වන්දන මානන සහිත ව / පූජා කරන්නෙමු./

අප කෙරෙහි අනුකම්පාවෙන් ම / අපගේ නිවන පිණිස ම / අප නිවන් දන්නා තුරු 7 නිරවද්‍ය වූ ත් / පහසු වූත් / සැප සහිත වූත් / වාසය කිරිම පිණිස ම / අප නිසා නිවන් දක්නා වූ / සියලු සත්වයන් හට / අනුකම්පා පිණිස ම / ඔවුන්ගේ ම නිවන පිණිස ම / මෙත්‍රි පෙරදැරිව පිළිගන්නා සේක්වා! කරුණා පෙරදැරිව පිළිගන්නා සේක්වා! අනුකම්පා කරමින් ම පිළිගන්නා සේක්වා!

ඉතින් පින්වත් ඔබට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායිකමානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසානොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පිනහේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ටඅභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නටනොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන්ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙනපරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපතලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා.සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා,අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නටනොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා.බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතරවරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒඅයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍,රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් ,තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන්වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදීඋප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක්ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම්සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක්තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වාවිහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන්දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතුසමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන්විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්,සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත්පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරනචන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්,කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ,ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලුසර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී,පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී,වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින්සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම්වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහසෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත්බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලකදෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්,පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදිදෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්,සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධකරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනයකරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.‘

අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා …

සියලු චායාරූප නරඹන්න

Atuwa tika pujawa

Atuwa tika pujawa – kawdumunna Rajamaha viharaya