Skip to main content

පින්වත් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් මහා ආලෝක පූජාවක් සිදුකල වගයි … (පලමු පූජාව)

By July 1, 2016July 27th, 2016Uncategorized

තණමල්විල මහ කැලයක් මැද අලි කොටි වලසුන් ඇසුරේ තනිව බවුන් වඩනා පින්වත් යතිවරයන් වහන්සේ නමකට අපි මෙයට කලින් සූර්ය පැනලයක් හා කුටියක් පූජා කලා. නමුත් ඒ සූර්ය පැනලය අකුණක් වැදී විනාශ වී ගියා. ඒ නිසා අපි ඉතාමත් සතුටින් නැවතත් සූර්ය පැනලයක් පූජා කලා. මේ දැක්වෙන්නේ ඒ වෙනුවෙන් සූර්ය පැනල දෙකක් වෙනුවෙන් දායක වූ පින්වත් මිතුරු මිතුරියන්ගේ නාම ලේකනය. අනිත් සූර්ය පැනලය පූජා කල ආකාරය ඊලග ලිපියෙන් දක්වන්නම්.

පුබුදුනී අක්කා රු 13000/-
සේපාලිකා නංගි රු 10,000/-
රීටා දැකුම්පිටිය මහත්මිය රු 10,000/-
නලින් අමරසිංහ මහතා රු 10,000/-
ශමිල විජේසිංහ මහතා රු 5000/-
චානක සිරිනුවන් මහතා රු 5000/-
ඉසුරු කරුණාරත්න මහතා රු 5000.00
සුමිත් නන්දන මහතා රු 5000.00
චමික සදරුවන් මහතා රු 4000/-
ඉෂාර ප්‍රනාන්දු මහතා රු 3000/-
ක්‍රිෂාන්ත ගමගේ මහතා රු 3000/-
අමිල විදාන ගමගේ මහතා රු 3000/-
රන්නජය මදුසංක මහතා රු 2000/-
රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා රු 2000/-
තරිදු චමල් මහතා රු 2000/-
ශමීන් බණ්ඩාර මහතා රු 2000/-
ඉෂාන් උදය මහතා රු 2,000/-
හිරන්ත මදුසංක මහතා රු 1500/-
විජිතා වීරසිංහ මහත්මිය රු 1000/-
ගයාන් ගුනතිලක මහතා රු 1000/-
නුවන් කරුණාවර්ධන මහතා රු 500/-
චන්දන මදුරංග මහතා රු 500/-
චතුරි විසුම්පෙරුම සොයුරිය රු 200/-
———————————————
මුලු එකතුව රු 90,700/-

වියදම්
සූර්ය පැනල කට්ටල දෙකක් ලබාගත් අතර එහි සියලු වියදම් පහත දැක්වේ. සූර්ය පැනල, බැටරි, ඉන්වේටර්, කටවුට්, බල්බ් හා වයර් වියදම රු 53054.00

පැනල සදහා ආධාරකයන් අප විසින් නිර්මාණය කල අතර එහි සමහර කොටසක් ගෙනයාමේ අපහසුකම් මත හම්බන්තොටදී පෑස්සුම් සිදුකල අතර ඒ සදහා වියදම රු 350.00

ත්‍රීරෝද රථයක් යොදාගත්තේ අවම වියදමින් ප්‍රවාහනයන් සිදු කරගැනීමට වන අතර ඒ සදහා වියදම කිලෝමීටරයකට රු 20 බැගින් කිලෝමීටර 670ක් සදහා රු 13400.00.

තණමල්විල ස්වාමීන් වහන්සේට ජල ප්‍රශ්නය විසදා ගැනීමට පරිත්‍යාග කලා රු 5,000.00

දින තුනක් සදහා රියදුරු මහතා ඇතුලු සියලු දෙනා සදහා වියදම රු 1600.00
———————————————————
මුලු වියදම රු 730404.00

මෙහි සදහන් වන්නේ පලවෙනි කට්ටලය පරිත්‍යාගය පිලිබද විස්තර වන අතර මීලග ලිපියෙන් දෙවන කට්ටලය පරිත්‍යාගය පිලිබද දැක්වේ.

ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියල කියල්ල බැහැ. ලාම්පු කුප්පියක් සහ පුංචි ටෝච් එකක් පමණක් තියාගෙන අතිශය දුෂ්කර දිවියග් ගෙවන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආලෝකය ලබාදීමේ පින මෙපමණයි කියල නිම කරන්න බැහැ. බුද්ධ රත්නය, ධම්ම රත්නය දෙකම රුගෙන යන්නේ සංඝරත්නය විසින් එවන් මහ බුදු පුතනුවන්ට කල පූජාව ඉතා ශ්‍රේෂ්ඨයි. ඒ අනුව ගත්විට මේය බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටම කල පූජාවක්. සම්මා සම්බුදු කෙනෙක් ලොව පහල වන්නේ තනියම නොවේ. තව කෝටි ප්‍රකෝටි ගණනකගේ උදව්වෙන්. උපකාරයෙන්. ඉතින් මේ කල පූජාව නිසා මේ ස්වාමීන් වහන්සේ පහසුවෙන් වැඩ ඉදිමින් අන් අයටත් නිවන් මග කියා දීමෙන් ඍජුව හෝ වක්‍රව බුදු, පසේබුදු, මහ රහතුන් වන අයට ධර්මය දේශනා කරාවි. මෙය ඔබ මුලු සසුනටම කල පූජාවක්.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන් තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලී දුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප

තණමල්විල සූර්ය පැනල 02

තණමල්විල දෙවන වරට සූර්ය පැනල ලබාදීම

වීඩියෝව