Skip to main content

පින්වත් මිතුරියකගේ දායකත්වයෙන් පාසැල් දරුවන්ට ශාලාවක් ඉදිකරන්නට මුදල් පරිත්‍යාග කල වගයි …

By April 27, 2016Uncategorized

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සත්කාර සමාජ සේවා පදනම විසින් සිදුකරනු ලබන පාසැල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘකිය වෙනුවෙන් පින්වත් මිතුරියක් මගින් දායක වන්නට අපිටත්  හැකි උනා.  ඒ තෙලදින්නන්වැව විදුහලට ගොඩනැගිල්ලක් ලබාදීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන්. මේ සදහා චන්ද්‍රාණි මැණිකේ පින්වත් සොයුරිය විසින් ලබාදුන් දායකත්වය අනුව රු 10,000/-ක මුදලක් පරිත්‍යාග කරන්න හැකි උනා.

බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. මේ පාසැල්වල දරුවන් බොහෝ විට නොමග යන්නෙ ඉගෙනීමට අවශ්‍ය පහසුකම් නැති නිසයි.. එවන් සිසු දරු දැරියන්ට මේ  මෙය මහගු පිටුවහලක් වේවි.   මේ වෙනුවෙන් වෙහස මහන්සි වී වැඩ කටයුතු කරන සත්කාර පදනමටත් අපි ස්තුතිය පිරිනමනව. එක පාසැලක් අරිනව කියන්නෙ හිර ගෙවල් 100ක් වසනව හා සමානයි කියලයි කියන්නෙ. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් පියාණන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. මිය පරලොව ගිහින් ඇති මවමේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා.

නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වානිවන් දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා. දාන වස්තූන් ලබාගන්නට මහා පින්වත් පුරුෂයන් ඔබට ලැබීමෙන් දාන චේතනා මස්ථකප්‍රාප්ත වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන් වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතය අතිශයින් සාර්ථක වේවා.
මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා. පින්කම සිදුකල දයාබර පියාටත් මවටත් මෙපින් බලෙන් ඒ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආකරෂණයත්ලැබේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා. පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

චායාරූප නරඹන්න

පාසැල් සංවර්ධන වැඩ සටහන - දඹුලු හල්මිල්ල වැව ...

පාසැල් සංවර්ධන වැඩ සටහන – දඹුලු හල්මිල්ල වැව – මුදල් පරිත්‍යාගය