Skip to main content

ආරාමයකට යන මාර්ගයක් ප්‍රතිසංස්කරණයට රු. 104,500/= ක මුදලක් ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

ඉතින් යාලුවන් අපි මාර්ගයක් කොන්ක්‍රීට්කරන්න මුදල් පරිත්‍යාගයක් අද සිදු කලා. රු104,500/=ක්.  මෙහෙණනි් වහන්සේලා වැඩ ඉන්න ආරාමය තියෙන්නෙ පොල්ගහවෙල පනලිය ප්‍රදේශයේ. මේ විශාල මුදල් කන්දරාව අපිට ලබාදුන්නෙ මුහුණුපො‍තේයහලුවන්. මේ තියෙන්නෙ ආධාර ඉල්ලපු  පොස්ට්එක.

මේ පින්කම වෙනුවෙන් පින්වත් යාලුවො බොහෝදෙනෙක්මුදල් පරිත්‍යාගයන් කලා.:

කැලුම් සම්පත් මහතා
සංජය ජයතුන්ග මහතා
ශ්‍රියාණි පතිරාජ මෙනෙවිය
නෙව්ශිකා හේරත් මිය
ඉදුනිල් ලියනගේ මහතා
දුල්මිනි සිල්වා මිය
දමිත් නියාල් පෙරේරා මහතා
චමිලාකි ජයවික්‍රම මිය
දිල්හාන් ප්‍රබෝධ මහතා
දිලූකා පෙරේරා මිය
මේ සදහා තවත් පින්වතෙක් මුදල් යොදල තිබ්බ. ඒත් ඒ මුදල් ලබා දුන් කෙනාගෙ නම ගම පිලිබද විස්තර හොයාගන්න බැරි උනා.
පින්වත් යාලුවනේ ඔබ මේ සිදුකරගෙන තියෙන්නෙ මහ පින්කමක්. මේ අටමහා කුසල් ගණයටවැටෙනව. ආරාම ආදිය තනවා සගසතු කිරීම අටමහ කුසලයට අයිතියි. එතකොට මේ කරල තියෙන්නෙත්ඒ හා සමාන පින්කමක්. ඉතින් අටමහ කුසල් වලට පුලුවන් ආනන්තරිය පාප කඒම පහ ( මවමැරීම, පියාමැරීම, රහතුන් මැරීම, බුදුන්ගේ ආගේ ලේ සෙලවීම, සංඝභේදය )  හැර ඔබ කර ඇති අැති සියලු අකුසල් යටපත් කරන්නට.ඉතින් එවන් මහ පින්කමක් මේ ඔබ සිදුකරන් තියෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි මේ බලන්න.

ආරාමරෝපා වනරොපා
යෙ ජනා සෙතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තෝ ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා
තෙ ජනා සග්ගගාමිනොති

 

මෙහි අදහස නම්, “ යම්ජනයෝ මල්වතු පලතුරු වතු (ආරාම) වවන්නෝ ද, වන ලැහැබ් වවන්නෝ ද, ඒදඬු, පාලම්, මංමාවත් ආදිය කරන්නෝ ද, පැන්හල්, වැව්පොකුණු කරන්නෝ ද, වාසස්ථාන කරන්නෝ ද දිවා රෑ හැමවිටම ඔවුන්ගේ පින් වැඩේ. ධර්‍මයෙහිපිහිටි, ශීල සම්පන්න ඒ ජනයෝ සුගතිගාමී වෙති.”

මේ පින්කම් වලින් සැමදාම පින් වැඩෙනව.මොකද අපි මැරුනත් මේ පාරවල්වල මහා සංගරත්නය වැඩම කරනව. ඉතින් ඒ වඩිනගානෙ අපිට පින්රැස්වෙනව. ඡත්ත මානවකය තවුතිසා දෙව්ලොවට යන්න හේතුඋනේ මේවගේ පින්කම් සිදුකිරීමෙන්.

ඉතින් මේ මහ පින්කම තුලින් රැස්වනකුසල් ඔබවන් දූපුතුන් බිහිකල ඒ පින්වත් දෙමාපියන්ට පලමුකාට පූජා වේවා. ඒ අයමියගොස් ඇත්නම් සුගතිගාමීවේවා. ජීවත් වන්නේනම් නිදුක් නිරෝගී සුවබර ජීවිතයක්ලැබේවා. ඔබේ පින්වත් දරුපැටවුන්ට, බිරිදට හෝ ස්වාමියාටත් මේ පින් ලැබේවා.  ඒ අයත් නිදුක් නිරෝගී වේවා. දරුවන්ගේ අධ්‍යාපනකටයුතු සාර්ථක වේවා. ඔවුන් විශිෂ්ඨ ප්‍රතිඵලම ලබත්වා. රටට දැයට වාසනාවන්ත දරුවන්වේවා. ඔපේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන් මේ පින් ලබත්වා සැපවත් වේවා.

මේ මහ පින්කම සිදුකල ඔබට යහපතමවේවා. සතුරු කරදර දුරුවේවා. සියලු දෙනාටම ප්‍රිය ජනක වේවා. රැකියා කටයුතු, වෙලහෙලදාම් ආදී සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු පැතුම් ඉටුවේවා. මතුඅමාමහ නිවනින් සැනසීම ලබත්වා.

මේපින් ලෝක පාලන දෙවියෝද , ශාසනාරක්ෂක දෙවියන්ද, ඒ ආරාමයට හා බෝධින්වහන්සේට අධිගෘහිත සෙවියන්ට ද මේ පින් අනුමෝදන්වඔබට ආරක්ෂාව සලසත්වා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තරපදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල් ද සිල්වා …

.

DSC00763