Skip to main content

පින්වත් මිතුරකු සමගින් සිදුකල 17 වන සූර්යබල ආලෝක පූජාව …

By June 13, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
https://www.youtube.com/channel/UCR8f66CDB3M_fy2OMizsDBw

පින්වත් යාලුවනේ අපි පහුගිය දවසක දා හත්වන වන සූර්ය බල ආලෝක පූජාව සිදු කලා. ඒ පූජාව සිදුකලේ පින්වත් සංජයමහතාගේ පූර්ණ දායකත්වයෙන්.

ව්‍යාපෘතිය සදහා ලද මුදල රු 45,000.00

වියදම්

සූර්ය පැනලය සදහා වියදම රු 14,000.00
බැටරිය සදහා —————————-රු  11,500.00 ( *)
කන්ට්‍රෝලරය  හා බල්බ————— රු     4,000.00
ගමන් වියදම (කි.මී. 445 X 25 )———-රු    11,125.00
——————————————————————
මුලු වියදම ———————————-රු 40,625.00

ඉතිරි මුදල  රු 45,000.00 – රු 40,625.00 = රු 4375.00

(*) බැටරියේ වටිනාකම රු 23,000.00 ක් වන අතර කලින් බැටරිය ලබාදුන් නිසා 50% ක් මුදල අඩු කලා.
ඉතින් මේ සිදුකලෙ පින්කම මහා ආලෝක පූජාවයි. එහි අනුසස් මෙතැකැයි කියා නිම කරන්නනොහැකියි.

මහ ගන වනාන්තරයක් තුලයි මේ සූර්ය පැනලයන් සවිකලේ. උන් වහන්සේලාගේ එකම ආලෝක ප්රභවය වන්නේඑයයි. ඒ නිසා එහි ආනිසංස මෙතැකැයි කියන්න බැරි තරම්. අනෙක් කාරනය වන්නේ මෙම ස්ථානයට කලින් සවිකල සූර්ය පැනලයට අකුනක් පතිත වීම නිසා විනාශ වී ගියා. මේ නැවත සවි කිරීමක්.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –

ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

ලෙස අනුසස් රාශිකය් ධර්මයේ සදහන් වෙනව.

“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයිතථාගතයන් වහන්සේ වදාළසේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි.

ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකයඇති තැනදීපමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම  ඇස් පිදීමක්වැනි පින්කමෙකි. සෑම පිනකින්ම දෙව්මිනිස් සැප ලැබිය හැකි ය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන්ලැබෙන අනුසස් ද ඇත්තේ ය. පහන් පූජාව ප්‍රඥාවලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැනහොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස්ලැබීමට ද මෙය විශේෂපින්කමෙකි.

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත්වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තරබුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂ්‍යයෙක්ව සිටි බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහදන් දී අවසාන දිනයේ පිරිවරසහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන්පිරිනිවීමෙන් ඒ ධනවතාමහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ”යි ඇසීය. “උපාසකය,එයසඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිසපදුමුත්තර බුදුරජාණන්වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙතදහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස්දහසක් කරවීය.

ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහාපහන් පූජාවක්කෙළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේබරණැස් නුවර පොහොසත් පවුලකඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරුකැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදිකාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණචෛත්‍යය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබාදල්වා හිස මත තබාචෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කෙළේ ය. ඒඅනුරුද්ධථේරාපදානනයිය.

මේ මහා පින්කම නිසා ස්වාමීන් වහන්සේලාට ඉතාම හොදින් මහණදම් පුරන්නට අවස්ථාවලැබෙනව. ඉන් ජනිතවන්නෙ මහා පිනක්.

ඉතින් ඔබ සියලු දෙනා සිදුකරගත්තෙ මහා පින්කමක් ඒ පිනේ ආනිසංස කොච්චරද කියලකියල්ල බැහැ.ලන්තෑරුමක්  සහ පුංචි ටෝච් එකක් පමණක් තියාගෙන අතිශය දුෂ්කර දිවියක්ගෙවන ස්වාමීන් වහන්සේ වෙනුවෙන්ආලෝකය ලබාදීමේ පින මෙපමණයි කියල නිම කරන්නබැහැ.

මේ පින්කම වෙනුවෙන්, වෙහෙස මහන්සි උන බොහෝම දෙනෙක් ඉන්නව. ඒ වගේම මේ පින්කමකරගන්නලැබුනෙ ගෞරවණීය මහා සංඝරත්නය නිසා. උන්වහන්සේලා ඇතුලු දායක වූ වෙහෙසමහන්සි වූ ඒ හැම දෙනාටම මේපින් ඒකාකාරව හිමිවේවා.

මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසිකපීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබනපියවරක් පාසා නොබියව, නොසැලී දුරදක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලුඅවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා. ස්වාභාවිකවජීවිතයකට එල්ලවන අභියෝගසාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නට ඔබට මේපිනහේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා.නිවන් දක්නා ජාතිදක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින්බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම්ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාමසද්ධර්මය ඇසෙන පරිසරයකම උපත ලබන්නටත්, සද්ධර්මයනොඇසෙන කාලයන්හිදීඅඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන් දක්නා ජාති දක්වාම කිසිදුවස්තුසම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිත නිරන්තරයෙන්ම දහමටනැඹුරුවේවා ,සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑමවිටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින්හේතුවාසනා වේවා. ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑරජුන්ගේ බලයෙන්,තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑ ආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාටධාතූන්වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ, සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාදස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හා වජ්රාසනයේආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩසිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර,මේධංකර,කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත,පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප,ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුට පවාකල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම,අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතුඅනාගතය අතිශයින් සාර්ථක වේවා. මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොවවැඩවසන්නාවූ අසමසම, මහා කාරුණික, යම් දිව්‍ය රාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන්වහන්සේද,සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍ය රාජයන් වහන්සේද, රන්වැලි මහසෑරදුන්ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේය සේවයක් සිදුකල මතුබුදුවන මෙත්බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහ දෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලකදෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදීසතරවරම් දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්,පත්තිනි සතර මහා දෙවියන්ද නුවණටඅධිපතිකම් කාරන්නාවූ ගණ දෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදිදෙවියන් ඇතුලුවදැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී, කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේපින්අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රටජාතියවෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක් ඉටුකර උපන් බිමට ණයගෙවන්නට ඔබ සියලු දෙනාටයෝධ බල යෝධ ශක්තිය ලැබේවා. කෙළවර අමා මහ නිවනින්සැනසෙන්නට මේ පින හේතුවාසනා වේවා.

පින්කල සංවිධානය කල අපටත් සියලු සත්වයන්හට නිවන් මග පෙන්වමින් පැතූ බෝධියෙන්නිවනින් සැනසෙන්නටමේ පින් හේතුවාසනා වේවා’

මේ පින්කමට අදාල වීඩියෝව ඉතාම ඉක්මනින් පලකරන බව කරුණාවෙන් සලකන්න.

17 වන ආලෝක පූජාව ...

17 වන ආලෝක පූජාව … කහටගස්දිගිලිය