Skip to main content

පින්වත් කළණ මිතුරියකගේ හා මිතුරෙකුගේ දායකත්වයෙන් අසරණ වැඩිහිටියෙකු අංගසම්පූර්ණ ලොතරැයි අලෙවි තුන්රෝද රථයක් පරිත්‍යාග කළ වගයි …

By January 8, 2015April 12th, 2016All Posts

2014/12/25  දින අපි තවත් පින්කමක් සිදු කලා. ඒ තමයි දායකත්වයෙන් අසරණ වැඩිහිටියෙකු අංගසම්පූර්ණ ලොතරැයි අලෙවි තුන්රෝද රථයක් පරිත්‍යාග කිරීම.

මේ පින්කම සදහා දායකත්වය ලබාගත්තෙ පින්වත් මිතුරියක් හා පින්වත් සොහොයුරෙක්

ඒ පින්වත් මිතුරිය  රු 30,450.00 ක් ලබා දුන් අතර ඇය සිය නම සදහන් නොකරන ලෙස ඉල්ලීමක් සිදු කලා. අකමැත්තෙන් උවත් ඒ නංගිගෙ ඉල්ලීම පරිදි මෙහි නම සදහන් කිරීම සිදු කරන්නෙ නැහැ.

ඊලගට අපිට හැමදාම උදව් උපකාර කරන අපේ පින්වත් ඉෂාර ප්‍රනාන්දු අයියා රු 5000.00 ක් මේ වෙනුවෙන් අපට ලබා දුන්න.

ඒ අනුව

නම සදහන් නොකල පින්වත් නංගියා ලබාදුන් මුදල  – රු 30,450.00

ඉෂාර ෆර්නෑන්ඩෝ මහතා ලබාදුන් මුදල රු 5000.000

_______________________________________

එකතුව  රු 35450.00

රෝද පුටුව සදහා ගිය මුදල රු. 23,000.00

ලොතරැයි පුවරුවට සදහා ලෑලි සහ වැඩ කුලී  නොමිලේ ලබාදුන් අතර ඒ සදහා යකඩ සහ ඇණ සදහා ගිය වියදම රු 390.00ක් උනා

ප්‍රවාහන වියදම – මිනුවන්ගොඩ සිට කුරුණෑගල දක්වා පින්වත් මහත්මයෙකුගේ දායකත්වයෙන් නොමිලේ ප්‍රවාහනය සිදුවූ අතර කුරුණෑගල සිට රැගෙන ඒම සදහා වියදම රු 300.00

ලොතරැයි සදහාරු 3000.00ක් වෙන් කල අතර අධික වැසිබර කාලගුණය නිසා විකිනීම ප්‍රශ්නයක් වන හෙයින් රු 1000.00 ලොතරැයි ලබාදී ඉතිරි 2000.00 අතට දුන්න. එහි මුලු වියදම 3000.00

—————————————————-

එකතුව                 රු 26,690.00

ඉතිරි මුදල රු 8760.00ක් වන අතර ඒ මුදල මරණය හමුවේ සිටින පුංචි දියණියකගේ ඉල්ලීම පරිදි 27 වන සෙනසුරාදා සාමණේර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සාංඝික දානයක් ලබාදීමට යොමු කරනවා.

පින්වත් යාලුවනේ අද මේ සිදුකලේ සුවිශාල පින්කමක්. මේ අසරණ සීය හදිසි අනතුරක් නිසා නිසි පරිදි ඇවිදගන්න බැරි තත්වයක ඉන්නෙ. සීයගෙ දුවගෙ මහත්තය එයාලව දාල ගිහින්. මුණුබුරාගෙත් කකුලක් හදිස්සි අනතුරක් නිසා කපල තියෙන්නෙ. ඉතින් ජීවත් වීම සදහා ඉල්ලගෙන කෑම සිදුකරන අතර තුරයි මා මිතුරු ආනන්ද අයියා විසින් මේ පණිවිඩය මට ලබා දුන්නෙ. කොහොම නමුත් අපි අද ‍ඒ කටයුත්ත සිදුකොට හමාරයි.

සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හයක් බුදු දහමේ සදහන් වෙනව

පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති

අප්පසය්හෝ සදා හෝමි – සබ්බාරක්ඛේහි රක්ඛිතෝ

ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම

  1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.
  2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.
  3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.
  4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.
  5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.
  6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

මේ සදහා දායක වූ නම සදහන් කිරිමට අකමැති පින්වත් නංගියේ. අද සමාජයේ බොහෝ දෙනෙකු වැඩ කරන්නෙ නම ප්‍රසිද්ධ කරවගන්න. තමන් මේ වගේ කෙනෙක් කියන කාරණය ලොකෙට පෙන්වන්න. ඒත් දයාබර නංගිය විශේෂ ඉල්ලීමක් සිදුකලා නම සදහන් කරන්න එපා කියල. සැබැවින්ම නංගිය සිදුකලේ විශිෂ්ට පින්කමක්. නංගිය ධර්මශාලාව ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන්  මීටත් වඩා විශාල මුදලක් එවල තියෙනව. නංගියා මා සමග කථා කලේ ඉතා කුඩා වේලාවක් පමණක් උනත් ඒ වචනවල සැබැවින්ම පින්කිරීමේ අදහස් ගැබ්ව තිබුන. කාන්තාවන් කියන්නෙ ටිකක් වියදම් වැඩි අය උනත් නංගියා නොමසුරුව මේ සියලු මුදල් පරිත්‍යාග කලා.

ඉෂාර අයියගෙ නම සදහන් නොවන පින්කම් තියෙන්නෙ බොහොම අඩුවෙන්. තව විදිහකින් කිව්වොත් මම කරන බොහෝ පින්කම්වලට ඉෂාර අයිය සම්බන්ධ වෙනව. හැබැයි ලොකෙට පේන්න නෙවෙයි. හදවතින්ම සසුන වෙනුවෙන්. තනියමත් නෙවෙයි. පුංචි දූත් එක්කයි මේ පින්කම්වලට සම්බන්ධ වෙන්නෙ. නිතරම මට කථා කරල ආශිර්වාද කරනව විතරක් නෙවෙයි. ම‍ට මග වියදම් පවා දෙන්න අයිය කාරුණික වෙනව.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ අපේ නංගියාත්, ඉෂාර අයියා යන ඔබ දෙපලගේම නමින්මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම් සැපවත් තැනකඋපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා මහ නිවන අත්වේවා. ඔබටමෙලොව උත්පත්තිය ලබාදුන් දයාබර මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට වගේම පවුලේ සියල්ලන්ටත් මේ පින් හිමිවේවා.  (ඉෂාර අයියයේ ) ඔබගේ බිරිදට,  දූ දරුවන්ට යහපත් අනාගතයක්අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා. විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා.සියලු යහපත් පැතුම් සාර්ථක වේවා.

විශේෂයෙන්ම ඉෂාර අයියගේත් පුංචි දුව කේෂරා කෙත්මිණි ෆනෑන්ඩෝගේ සියලු ග්‍රහ අපල දුරුවේව‍ා. යම් කිසි අනතුරක සේයාවක් හෝ ඇත්නම් මේ පින්බලෙන් වගේම තුනුරුවන් සතු අනන්ත සූවිසි ගුණ බලෙන් ඒ සියලු අපල අන්තරාවෝ දුරු වේවා. පුංචි දූ කුමාරියගේ සියලු ඉගෙනීම් හා බාහිර අද්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදුකරන්නට හැකිවේවා.

දයාබර නංගියාගෙත් පවුලේ සියලු දෙනාගේත්  ඉෂාර අයියගේත් පුංචි දුවගේත් පවුලේ සියලු දෙනාගේත් මේ සත්ක්‍රියාවට දායක වූ සියලු දෙනාගේත් සියලු යහපත් පැතුමන් ඉටුවේවා. කරන කියන හිතන පතන සියල්ල කප්රුක හමුවේ පැතුවාක් මෙන් සිතන පවාවට ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා. සම්බුද්ධ ශාසනයටත් රට ජාතියටත් තවත් මෙවන් මහ පින්කම් කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. සූවිසි මහා අනන්ත තෙරුවන් ගුණ බලෙනුත්, ලෝක ශාසනික කාර්යන්හිදී නොමද සහය ලබාදෙන අල්පේශාක්‍ය මහේෂාක්‍ය දෙවියන්ගේත් ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා. නිරන්තර සතරවරම් දෙවියන් සතරවටින් ආරක්ෂා කරත්වා.

මෙලොවත් පරලොවත් දෙලොවම සුභ සිද්ධිය ලබමින්, කිසිදු කලෙක නැහැ බැහැ කියන වචන අසන්නටවත් නොලැබෙමින් සුගති ලෝකයන්හිම උත්පත්තිය සිදුවේවා. කෙලවර ජාතියක්, ජරාවක්, ව්‍යාධියක් මරණයක් නැති අජරාමර නිවන්සුවයෙන්ම සැනසීම ලබත්වා …

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇතිහෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිටවාසනාව ලැබේවා. කෙළවර පැතූ බෝධියෙන්ම සුවහසක් ජනසිත් නිවනින් සනසමින් නිවන් සුවයම ලැබේවා …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා …

රෝද පුටු පරිත්‍යාගය

රෝද පුටු පරිත්‍යාගය