Skip to main content

පින්වත් කළණ මිතුරන්ගේ දායකත්වයෙන් ධර්ම සන්නිවේදනය සදහා සන්නිවේදන උපකරණ ගෞතම බුදු සසුනට පූජාකල වගයි …

By January 8, 2015All Posts

අපි ලෝකයේ උතුම්ම පූජාවක් කලා. ඒ තමයි සන්නිවේදන උපකරණ කට්ටලයක්  අදදින කුරුනෑගල බෝගමුව ජේතවන විහාරස්ථානයට පූජා කිරීම සිදු කලා. මේ පරිත්‍යාගයට පූර්ණ අනුග්‍රහයලබාදුන්නේ මා හිතවත් කඝ්‍යාණ මිත්‍රයන් වන ජීවන් විජේතුංග මහතාත්, තනුජය විජේතුංග මහතාත් විසින්.

ජීවන් විජේතුංග මහතා ලබාදුන් මුදල රු 30,490.00

තනුජය විජේතුංග මහතා ලබා දුන මුදල රු 5,000.00

_______________________________________

එකතුව  රු 35490.00

ඈම්ප් එකට සහ හෝන් දෙකට රු – 31450.00

වයර් රෝල සහ මල්ටි ප්ලග් එකට රු – 2550.00

ප්‍රවාහන වියදම                    රු 900.00

—————————————————-

එකතුව                 රු 34,000.00

ඉතිරි රු1490.00  වෙනත් පින්කමක් සදහා යොමු කර දැනුම් දෙන්නම්.

මෙහි ප්‍රවාහන වියදම් සදහා 900/- වියදමක් ගියේ අඩු මුදලට වැඩි වටිනාකමක් ඇති උපකරණ සොයා ගියනිසයි. මේ උපකරණ කට්ටලයක් රු 47,000/-ක් පමණ මිලවන බව බොහෝ තැන් වලින් කිව්ව. ඉතින්අඩුමිලට ගන්න පුලුවන් තැනක් හොයල තමයි මේ ගත්තෙ. ඒ නිසා ප්‍රවාහන වියදම ටිකක් වැඩි උනා.

පින්වත් යාලුවනේ ඔබ හතන්නෙ මේ දානය කුමන වර්ගයට අයත් එකක්ද කියලද ? මේක මහා ධර්මදානයක්. කලින ල්ප්ය තියෙන්නෙ ත්‍රිපිටක පොත් පූජාවක් ගැන. මෙතනදිත් කියන්න වෙන්නෙ ඒ ලිපියෙඅන්තර්ගත දේවල්මයි. කොහොම නමුත් මා හිත මිතුරන්ගේ පහන් සන්නිවේදනය සදහා ඒ ලිපියයේඅන්තර්ගතය නැවත පලකරනව.

පින්වත් යාලුවනේ, බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ.‘

වරත් බුදුහාමුදුරුවො දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා ”කියල. ධර්මය ඉක්මවා ගිය  මවෙක්පියෙක් නොමැත කියලයි කියන්නෙ.

ඊලගට “ ධම්මෝෂධ සමං නත්ථි – ඒතං පිවත භික්ඛවෝ ” කියල කියනව. ඒ කියන්නෙ  ධර්මය හා සමානශසුවක් නැත, එය පානය කරව් කියල.

ඊලගට “සබ්බ දානං ධම්ම දානං ජිනාති ”

ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිටවැදගත්ද කියල ඔබට හිතෙනව ඇති.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

  1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)
  1. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
  1. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
  1. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
  1. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

  1. ධර්ම දේශනා කිරීම
  1. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම
  1. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම
  1. ධර්මය ඉගැන්වීම
  1. පිරිස් වලට බණපොත් කියවීම
  1. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම
  1. දරුවන්ට ධර්මය උගන්වා ධර්ම දේශකයන් කරවීම
  1. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හාසිවුපසය ආදිය සැපයීම
  1. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම
  1. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දුකරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම
  1. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,
  1. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම
  1. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම
  1. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම
  1. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්‍ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවනබව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝතුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදුකර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය.සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන්දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත්ලදින් සුවපත් වූවෝ මෙතේ්බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාරකළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්නපුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1.කඨින සිවුරක් පූජා කිරීම

2.අටපිරිකර පූජාකිරීම

3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5.බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්පකෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම,පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය )අනිත් සියලු පව් යටපත් කරන්නතරම් මේ පින්කම් බලවත්.

දිනපතා මේ විහාරස්ථානයේ ත්‍රිපිටක පොත් වහන්සේලා සජ්ජායනය කෙරෙනව. පිරිත් සජ්ජායනය කරනව,ඊට අමතරව සියලු සාමණේර භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා පුරුදු කරන්නත් බලාපොරොත්තු වෙනව.

ඉතින් මෙවන් දානාදි පින්කම් වලට සම්බන්ධ වූ ජීවන් විජේතුංග මහතාත්, තනුජය විජේතුංග මහතාත් යනඔබ දෙපලගේම නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අත්වැරදීමකින් හෝ දුක් සහිත තැනක ඉපදී ඇත්නම්සැපවත් තැනක උපදිත්වා. සැපවත් තැනක ඇත්නම් වැඩි වැඩියෙන් සැප ලැබේවා. කෙලවර අමා හම නිවනඅත්වේවා. ඔබට මෙලොව උත්පත්තිය ලබාදුන් දයාබර මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට වගේමඔබගේ බිරිදට,  දූ දරුවන්ට යහපත් අනාගතයක් අතිවේවා. නිදුක් නිරෝගී සුවබර ජිවිතයක් ලැබේවා.විශේෂයෙන් දූ දරුවන්ගේ ඉගෙනීම් සාර්ථක වේවා. සියලු යහපත් පැතුම් සාර්ථක වේවා. විශේෂයෙන් ජීවන්විජේත්‍රංග මා කළ්‍යාණ මිත්‍රයා නිරන්තරයෙන් විශාල වශයෙන් මා වෙත මේ පින්කම් සදහා මුදල් වෙන්කරනවා. ඔබතුමා මා කෙරේ තබා ඇති විශ්වාසයට අනේක වාරයක් පින් සිදුවේවා. ඔබ විසින් දුක්මහන්සියෙන් හරි හම්බකල මුදල් නිරන්තරයෙන්ම පින්කම් වෙනුවෙන් යොමු කිරීමට ඔබතුමාගේ සිත්පහලවීමම ඔබ ලද මහා භාග්‍යයක්. එසේම තනුරජ මහතා මේ පින්කම වෙනුවෙන් කිහිප විටක්ම මා අමතාඉතාම උනන්දුවෙන් මේ වෙනුවෙන් කටයුතු කලා. යමෙක් දෙවියෙකු කරන්නේද. තිරිසනෙකු කරන්නේද මේසිතයි. ඉතින් ඔබ සිත නිවැරදිව හදුනාගෙන යහපතෙහිම යෙදවීමට කයටුතු කිරීම ඔබේ දෙලොව ගමනමසාර්ථක කරවන්නක්. ඔබවන් කළණ මිතුරන් නිසා මා සිදුකරගන්නා කුසල් ප්‍රමාණයද අප්‍රමාණයි. එසේහෙයින් සසර පුරාවටම ඔබවන් කළණ මිතුරන්ම ආශ්‍රයට ලැබේවා. මේ සියලු පින් ඔබටත්පවුලේ  සියලුදෙනාටත් දෙව් මිනිස් සැප කෙළවර ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නොමැති පරම ශාන්තනිවන්මග පතන බෝධියෙන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා.

මේ සියලු පින්කම්වලින් එකුදු සතයක් හෝ අප අයුතු පරිභෝජනයක් සිදුකර නොමැති බවට මා සතුව ඇතිහෘද සාක්ෂිය ඉතා බලවත්. ඒ සත්‍ය බලෙන් තව තවත් මෙවන් පින්කම් කිරීමට හැකියාව ලැබේවා. සම්බුද්ධශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් වැඩි වැඩියෙන් කිරීමට අපිටවාසනාව ලැබේවා.

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා …

කුරුණෑගල ‍රෝහලට රෝද පුටු පරිත්‍යාගය.

කුරුණෑගල ‍රෝහලට රෝද පුටු පරිත්‍යාගය.