Skip to main content

පාරමිතා පදනමේ අනුග්‍රහයෙන් බිම් උලු පරිත්‍යාගයක් සිදුකලෙමු … …

යහලුවනේ පාරමිතා පදනමේ ඉන්නෙ විදේශ රටවල ඉන්නඅපේ සහොදර සහෝදරියො එකතු වෙලා හදාගත්ත එකක්. ඇත්තටම පාරමිතා පසනම කියන්නෙ විදෙස්ගතව සිටින අපේ සහෝදර සිංහල බෞද්ධයන් එක්වෙලා පිහිටුවගෙන සිටින සංවිධානයක්. එයාල දහදිය මහන්සියෙන් හොයන මුදල්වලින් කොටසක් සිංහල බෞද්ධයා මෙන්ම විහාරස්ථාන ගොඩනැගීම පිණිස වෙන්කරනව.

ඉතින් මේ සංවිධානයට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් විදිහට මම රැකියාව කරන ප්‍රදේශයේ දිලිදු විහාරස්ථානයක් වෙනුවෙන් උදව් කරන්න අවස්ථාවක් මට ලැබුන. ඒ කුරුණෑගල බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයයි. ඒ පන්සලේ සංඝාවාසයේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍ය බිම් උලුවලින් කොටසක් ලබාදන්න අපිට පුලුවන් උනා. ඒ විහාරස්ථානයේ ඡායාරූප තමයි ඔබට ඔය දකින්න තියෙන්නෙ. පාරමිතා කණ්ඩායමේ අපි පසුගිය බක් පොහෝ දිනයෙදි ඒ පන්සලට ගිහින් එදිනම මේ බිම් උලු ටික ලබාදුන්න. ඒ විතරක් නෙවෙයි. එදා සිල් අරන් සිටි උපාසක අම්මලට තාත්තලට එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන බෙහෙත් ද්‍රව්‍ය පාර්සලයක් ලබාදෙන්නත් දහම් පත්‍රිකා බෙදා දෙන්නත් අපිට පුලුවන් උනා. මේ පාරමිතා පදනමේ අපි ගැන විස්තර මෙන්න මේ වෙබ් අඩවියෙන් බලන්න පුලුවන්. –http://www.sriparamitha.com/index.html පාරමිතා පදනමේ මුහුණුපොතේ පිටුවකුත් තියෙනව. https://www.facebook.com/groups/buddhistparamitha/?fref=ts ඔබටත් පාරමිතා පදනම හා එක්වෙන්න පුලුවන්. මේ තියෙන්නෙ පාරමිතා පදනමේ ටයිල්ස් ලබාදුන්න අවස්ථාවේ ගත්ත ඡායා රූප.

බිම් උලු පරිත්‍යාගය

බිම් උලු පරිත්‍යාගයේ මතක සටහන්