Skip to main content

ප්‍රාකාරයක් වෙනුවෙන් රු 15, 000ක් ගෞතම බුදුසසුනට පූජා කල වගයි …

2013 සැප්තැම්බර් 25 සිදුකල පින්කමක් මේ. ඒ තමයි පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමිපාණන්ගෙ විහාරස්ථානයේ ඉදිවන බෝධි ප්‍රාකාරයට රු. 15,000/-ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම. මේ සදහා දායක උනේත් බහරේන් හි රැකියාවේ නියුතු මංජුලා මහත්මියයි.
මේ පරිත්‍යාගය සිදු කලේ අපගේ ආරාධනයෙන් පැමිණ සිටි කුරුණෑගල ප්‍රාදේශී සභාවේ සභාපති ත්‍රමා අතිනුයි.
බෝධීන් වහන්සේ වෙනුවෙන් කරන පින්කම්වල වටයිනාකම ඔබ දන්නවද?
පින්වත් මිතුරනේ බොධීන් වහන්සේ නමක් පිරිසිදු කිරීමේ අනුසස් ලෙස පහත අනුසස් ටික විතරක් බලන්නකො. බෝධි මළුවක් පිරිසිදු කිරීමෙන් සම්මජ්ජක නම් රහත් මුනිඳුන් ලද විපාක විස්ස මෙසේ උන්වහන්සේගේ ථේරාපදානයේ සඳහන්

1. දුගතියකට නොගොස් දෙවියන් මිනිසුන් අතර පමණක් ඉපදීම
2.සම්පත් ඇති උසස් කුල වල පමණක් ඉපදීම
3. අංගසම්පූර්ණ රූමත් සිරුරක් හිමි වීම
4. ශරීරය රන්වන් පැහැ ඇති වීම
5. ඉතා මෘදු සිනිදු සමක් ලැබීම
6.ශරීරයේ දූවිලි හා කුණු නොරැඳීම
7. දුගඳ හමන දහඩිය නොගැලීම
8. රෝග නොවැළඳීම
9.කුෂ්ඨ, දද, හොරි, ගඩු, පිළිකා ආදිය නොවැලඳීම
10.චිත්ත පීඩා ඇති නොවීම
11.සතුරන් ඇති නොවීම
12.භෝගයන්ගේ ආහාරපාන, යාන වාහන අඩුවක් නොවීම
13. සොර, ගිනි, ජල, සතුරු, රාජ බියක් හෝ අනතුරක් නොවීම
14. දැසි දස්සෝද අනුචරයෝද කීකරු වීම
15.පරමායුශ විඳීමට ලැබීම
16.ගමේ රටේ සියළු දෙනාම තමන්ට කීකරු වීම
17. භෝග සම්පත්, යසස්, ශ්රියා ඇතියෙකු වීම, ඥාතීන්ට ප්රිය වීම හා කිසි බියක් සැකක් නැතිව විසීමට හැකි වීම
18. දෙවියෝද, අසුරයෝද, ගාන්ධර්වයෝද, යක්ෂයෝද යන යන තැන ආරක්ෂා කිරීම
19. දෙවි මිනිසුන් අතර පමණක් හිඳ නිවනට පැමිණීමට ලැබීම
20. මාර්ගඵල, අධිගම, ධ්යාණ ආදිය අධිකව දියුණු කර ගැනීමට ලැබීම

මේ තියෙන්නෙ බොධීන් වහන්සේ ඇමදීමේ අනුසස්. එසේනම් බෝධීන් වහන්සේ නමක් ආරක්ෂා කරගැනීමට සිදුකරන යමකට කොතරම් පිනක් රැස් වෙයි කියල ඔබ හිතනවද?

ඉතින් මේ පින්කමට සහය දැක්වූ දයාබර සොහොයුරියේ, ඔබ මෙපින් බලෙන් ඔබේ මියගිය ඥාතීන්ට මේ පින් හිමිවේවා. ජීවත්ව සිටීන අයවලුන් හට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, කියන කාරනා අපි හැමෝටම මුහුණ දෙන්න සිදුඋනත් මෙපින් බලෙන් ඒ ඇත්තන්ට අවමවශයෙන් ඒවන් දේවල් වලට මුහුණ දෙන්න ලැබේවා. කෙළවර අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා. මිය ගොස් ඇති අයට ඔවුන් සිටින භවයන් ඉතාම සුවබර භවයන් බවට පත්වේවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාවෙන් පිරි ජීවිත ලබේවා. ඔබේ සමීපතමයන්ටත් මෙපින් බෙලෙන් යහපතක් උදාවේවා. මෙවන් උදාරතර පින්කමක් සිදුකල දයාබර ඔබටත්, ඔබේ දරුවා ඇතුලු ඔබගේ පවුලටම අප්‍රමාණ කුසල් සම්පත් හිමිවේවා. ගෞතම බුදුසසුන තුල විරාජමාව පරම පවිත්‍ර බෝධීන්වහන්සේට නැවත ජීවය දුන් පින ඔබ පවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ වේවා. සියලු දුක් කරදර පහවී යේයා. සියලු නරක ග්‍රහ බලපෑම් මෙන්ම කර්ම බලපෑම් දුරුවී අනන්ත බුදුගුන බෙලෙන් එබට යහපතම උදාවේවා. ඔබේත්, දරුවාගේත් සියලු යහපත් ප්‍රාර්ථනා සියල්ල සාර්තක වේවා. කෙළවර සියලු දෙනාමටම අමා මහ නිවනින් සැනසෙන්නටම මේ පින් හේතු වාසනා වේවා.

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා