Skip to main content

නවවසරේ කිරිගවයන් තිදෙනෙක් මරණයෙන් නිදහස් කරගතිමු …

By January 15, 2018Uncategorized

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක ‍
www.facebook.com/buddhist.foundation

සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet

නවවසර ආරම්භයේම අපි කිරි ගවයන් තිදෙනෙක් මරණයෙන් නිදහස් කරගත්තා. ඒ වෙනුවෙන් පහත පින්වත් පිරිස දායකත්වය ලබා දුන්නා.

ජනක මහතා රු 50,000/-
අසංක ඉන්ද්‍රජිත් මහතා සහ සුරේන්දු ප්‍රභාත් මහතා රු 41110/-
සේපාලිකා නංගි රු 10,000/-
ලලින්ද්‍ර මහතා රු 10,000/-
ප්‍රදීප් ගුනසේකර මහතා රු 10,000/-
ප්‍රදෟප් පෙරේරා මහතා රු 8355/-
සජිත් විදුශාන් මහතා සහ මිතුරා රු 8000/-
කොලිත අංජක මහතා රු 6000/-
නම් සදහන් නොකල රු 5760/-
මොශාන්ත නිරන්ජන් මහතා රු 5605/-
ලහිරු කුරුකුලසූරිය මහතා රු 5000/-
ඉශන්ක යහන්පත් මහතා රු 5000/-
කල්පනී සේනානායක සොයුරිය රු 5000/-
නදීශා රණවකා මහත්මිය රු 5000/-
කුමාරසිරි පියතිලක මහතා රු 5000/-
රිද්මා ධර්මසේන රු 2020/-
ශෙහානි බොතේජු නංගි රු 2000/-
යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 2000/-
යුරේනි සිල්වා මහත්මිය රු 1000/-
ප්‍රියාන් ග්‍රේෂ්ත සොයුරා රු 1000/-
රුවන් ජයසිංහ අයියා රු 1000/-
පුලනී වෑවලගේ මහත්මිය රු 1000/-
රජිත හෙට්ටිආරච්චි මහතා රු 1000/-
කෝසල දිසානායක මහත රු 1000/-
සුමිත් සිරිවර්ධන මහතා රු 1000/-
බුද්ධික මහතා රු 1000/-
‍කේෂලී නංගි රු 1000/-
තරිසු සේනාධීර මහතා රු 1000/-
හිරන්ත මදුසංක මහතා රු 650/-
චරිත් මහතා රු 500/-
අශාන් චතුරංග මහතා රු 200/-
පදනමින් රු 2800.00
————————————–
200,000/-

මුදල් ප්‍රමාණය 205,000/-ක් ලෙස කලින් සදහන් උවත් එකම මුදල දෙවරක් සටහන් කිරීම නිසා ඒ මුදල් ගැටලුව මතුවී තිබුන බව කරුණාවෙන් සලකන්න. හිග මුදල පදනමින් පියෙව්වා …

මේ කිරි ගවයන් නිදහස් කිරීමත් නව හිමිකරුට බාර දීමත් ග්‍රාම නිලධාරී තුමිය ඉදිරි පිටදී සිදුවූ අතර සියලු විස්තර පහත චායාරූප වලින් බලාගන්න පුලුවන්.

මේ මහා පින්කමේ ආනිසංස මොනවාද?

පංචශීල ප්‍රතිපදාවේ පළමු ශික්ෂා පදය වන පාණාතිපාතා වේරමණී ශික්ෂාවෙන් අදහස් කරන්නේ සත්ව හිංසනයෙන් පරපණ නැසීමෙන් වැළකීම යන්නයි. ලෝකයේ වෙසෙන සෑම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට පි‍්‍රය කරයි. අනතුරට, විපතට බිය වෙයි. නිරතුරුවම තම තමන්ගේ සුරක්ෂිත බව සඳහා කටයුතු කරයි.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍යන ඝාතයේ

යනුවෙන් ධම්මපද පාලියෙහි දක්වන්නේ සියලු සත්වයින් දඬුවමට බිය නිසා තමා උපමාවට ගෙන අන් සතුන් මරණයට පත් නොකළ යුතු බවයි. අවිහිංසාවාදී නායකයාණෝ වූ අපගේ ශාස්තෘවරයාණෝ වූ බුදුරදුන් හිංසනය කිසිවිටෙක අගය කර නැත. තමන් භාවිත කරන වචනයෙන් පවා කිසිවෙකු වේදනාවට, අසහනයට පත් නොකළ යුතු බව උන්වහන්සේ ගිහි පැවිදි දෙපිරිසටම ප්‍රකාශ කර ඇත.

එසේම අන් සත්වයෙකුගේ යහපත සතුට උදෙසා දුකක් උහුලන්නට පුලුවන් යමෙකු සිටී නම් ඔහු උතුම් පුද්ගලයෙකි. බෝධිසත්ව උතුමන් සිරිසඟබෝ රජ දවස හිස දන් දුන්නේ තව කෙනෙකුගේ සතුටක් පිණිසයි. එසේම වෙස්සන්තර රජ දවස දරු දෙදෙනා දන්දෙන්නේ ලෝක සත්වයාටම විමුක්තිය පසක් කරදීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. යමෙකුගේ සැපය පිණිස දුකක් උහුලන්නට හැකි කෙනෙකුට සුගතියේ දොරකවුළු විවරවනු සැබෑවකි.

සත්වයින්ට හිංසා කරන, ප්‍රාණඝාත සිදුකරන පුද්ගලයාට ලැබෙන්නේ දුක්ඛ විපාකයන් පමණි. අඩු ආයුෂ ලබමින් උත්පත්ති ලබන්නේද ප්‍රාණඝාත සිදුකළ අයයි. සත්ව හිංසනයට යොමුවුවෙකු ඉන් මුදාගත හැකිනම එය උතුම් ක්‍රියාවක්ම වෙයි. නමුත් පර පණ නැසීමෙන් තම වෘත්තිමය ආර්ථිකය ශක්තිමත් කරගන්නා පුද්ගලයින් පාපයෙන් මුදවා ලීම අසිරුය. දෙව්රම් වෙහෙර ආසන්නයේම සිටි සතුන් ඝාතනය කරන්නෙකු වූ චුන්දසූකර ඉන් ඉවත්කරලීමට බුදුරදුන්ටද නොහැකි වූයේ ඔහුගේ කර්මශක්තියේ බලපැවැත්වීමෙනි. පාපයෙන්, නරකෙන්, මුදාගත හැකි අයෙක් ලොව කොහේ සිටියත් බුදුරදුන් ඔහු නපුරෙන් ඉවත්කරගත් බව සැබැවකි. ‘ අංගුලිමාල’ නම් දරුණූ භයානක පුද්ගලයා, දමනය කිරීම, ආලවක යක්ෂයා දමනය කිරීම, සුචිරෝම කරරෝම යන යකුන් දමනය කිරීමාදියෙන් එය කදිමට පසක් වෙයි.

බෝධි සත්වයෝ පෙර භවයක කුසගින්න ඉවසාගත නොහැකිව තම පැටවුන් කන්න හචන සිංහ ධේනුවකගේ කටට පනින්නේ අනුන්, කරන්න ගිය ප්‍රාණඝාතයකින් මුදාලනු පිණිසයි.

සතුන් මැරීමටත්, මස් අනුභව කිරීමටත් සමහරුන් දහසක් සාධාරණ කරණු ඉදිරිපත් කරයි.සැමදෙනා ප්‍රාණ ඝාතයෙන් ඉවත් ව සිටීම බෞද්ධ දර්ශනය තුළ උතුම් ක්‍රියාදාමයක් ලෙස සලකයි. සත්වයෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමේ බරපතළ පාපකර්මයට බිය වන තමාගේත් අනුන්ගේත් ජීවිත සමාන ලෙස සලකන පුද්ගලයාගේ ජීවිතය ආලෝකවත්ය. එවන් පුද්ගලයින්ට ධර්මයම ආරක්ෂකයෙක් වනු නියතය. අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.

“අභයදානං දත්වාන
ජත්තුනො භයතජ්ජිතෝ
දයානිසංසේ අනුහොමි
කම්මානුචිජකෙ “

මරණයට කැප වූ බයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,

  1. උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම
  2. නිරෝගී සම්පත්තිය ලැබීම
  3. දීර්ඝායු සම්පත්තිය ලැබීම
  4. රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම
  5. දිව්‍යලෝක , බ්‍රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම
  6. කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම
  7. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම
  8. සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම
  9. උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම
  10. පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම

ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනයෙන් වැළකී සිටිමින් දුකට පත් අසරණ සත්වයින්ට පිහිට වන පුද්ගලයාට ලැබෙන සැප විපාක ස්වකීය දියුණුව පිණිසම හේතුවෙයි. පර පණ නැසීමෙන් ඉවත්වීම තුළින් තමන්ටත්, අනුන්ටත් සැලසෙන්නේ යහපතකි. එවන් පුද්ගලයින් නිසා සමාජයක සුගතිගාමි වෙයි. සැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වය කවරෙකුට වුවද වැළකිය නොහැකි වෙයි.

ඉතින් දායක වූ පින්වත් ඔබසැමට මේ පින් බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවබර කාලයක් උදාවේවා. විශේෂයෙන්ම කායික මානසික පීඩාවන්ගෙන්තොරව සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා.. තබන තබන පියවරක් පාසා නොබියව, නොසැලීදුර දක්නා නුවණින් ඉදිරියට යන්නටත්, බාධක කම්කටොලු අවම වන්නටත් මේ පින හේතුවාසනා වේවා.ස්වාභාවිකව ජීවිතයකට එල්ලවන අභියෝග සාමාන්‍ය දෙයක් උවත් ඒ සියලු අභියෝගයන්ට අභීතව මුහුණදෙන්නටඔබට මේ පින හේතුවාසනා වේවා. සසරපුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා. නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා. මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන්පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා. නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබත්වා. නිවන්දක්නා ජාති දක්වාම කිසිදු වස්තු සම්පතක් අඩු නොවේවා. කිසිදු කලෙක පිරිස් සම්පත් අඩුනොවේවා. සිතනිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා , සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙක සිත්නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා.

මේ භවයේ මේ චිත්තක්ෂණයේ පටන්ම සතර මහා නිධාන පහල වේවා, සතර වටින් මහා කප්රුක් පහලවේවා, අහසින් රුවන් වැසි වැටේවා, පොළවෙන් රන් මිණි මුතු මතුවේවා. නැහැ බැහැ කියන වචනයක් වත් අසන්නට නොලැබේවා, අපට කල දේ එකක්නම් ඒවා ඔබට පොලවේ වැලි කැට පමණට, මහ මුහුදේ ජල බින්දු තරමට ලැබේවා. බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා, සීවලී මහ රහතුන් වහන්සේ නළල් තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා. තව තවත් සම්බුද්ධ ශාසනයට සේවය කිරීමට සතර වරම් දෙවියෝ සතර වටින් ආරක්ෂා කරත්වා,ධාතු කරඩුවක් මෙන් ඔබව රකිත්වා. ඔබ පතන උතුම් අධිගම ලාභය ඒ අයුරින්ම ඔබට සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවා. ඒ ගමනේදී කරදර බාධක, මාරක බාධක, සතුරු උපද්‍ර‍, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන්, ගින්නෙන් ජලයෙන්,වස විසෙන් අවි ආයුධයන්ගෙන් මනුෂ්‍යයන්ගෙන් , තිසිසන් ගත සතුන්ගෙන් සීතලෙන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයන්ගෙන්. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් පින්නෙන් විසකුරු සර්පයන්ගෙන්, වාතයෙන්, පිතෙන්, සෙමෙන් තුන්දොසින්, රාග, දෝෂ, මෝහ ආදී උප පීලක උපඝාතක ආදී විපාක වලින්වත්, බියෙන්, තැතිගැන්මෙන්, රෝම උද්ගමනයක් හිස්සාවක්, පීඩාවක් ඉදුලක්, කිලුටක්, කිල්ලක්,ඇත්නම් ඒ සියල්ල ඉරු දුටු අදුරක්සේ නියත විද්වංසනය වේවා. වෙන්න දෙයක් ඇත්නම් සිහිනෙකින්වත් සිදු නොවේවා. තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්ස රැල්ලක් පාසාගෙවෙන විනාඩියක් තත්පරයක් පාසාරත්නත්‍රයේ අසීමිත ගුණානුභාවයේ බලයෙන් සම්, මස්, ලේ , නහර, ඇට, ඇට මිදුලු, දක්වා විහිදෙමින් සර්ව ආරක්ෂාව සැලසී නිදුක් නීරෝගී, ආයු, වර්ණ, සැප, බල, ප්‍ර‍ඥා පහල වේවා. වාප පිත් සෙම් තුන් දොස් සමනය වේවා, පඨවි ආපෝ, තේජෝ, වායෝ, සතර දෝෂ සමනය වේවා,කර්ම, ඍතු, ආහාර, චතු සමුට්ඨානික, ඍතු සමුට්ඨානික රූප කලාප නිරධෙ වේවා. සියලු රෝගාබාධ ගතවන පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය, චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය, සුවපත් වේවා. දෙදෙව්ලොවට අධිපත්, සක්දෙවිදුන්, සුමන සමන්දෙවියන්, විෂණු කතරගම ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන්, ගේ අරක්ෂාව නිබද දවසින් දවසම ලැබේවා. මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා.

ජයශ්‍රී මහබෝ සමිදු බලෙන්, රුවන් වැලි මහ සෑ රජුන්ගේ බලයෙන්, තව්තිසා දෙව්ලොව සිලුමිණ සෑආනුභාවයෙන්, කේෂධාතූන් වහන්සේ, ලලාට ධාතූන් වහන්සේ,ග්‍රීවා ධාතූන් වහන්සේ, අකු ධාතූන් වහන්සේ,සතර දලදා වහන්සේ, ආනුභාවයෙන්, සතර ශ්‍රීපාද ස්ථානයේ ආනුභාවයෙන්, බුද්ධගයා බෝධීන් වහන්සේ හාවජ්රාසනයේ ආනුභාවයෙන්, තුන්ලෝකය පුරා වැඩ සිටිනා බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑරදුන්වහන්සේලා, සියලු සර්වඥ ධාතූන්වහන්සේලාගේ ආනුභාවයෙන්, විශ්වයේ පහලවූ සියලු බුදු, පසේබුදු, මහරතුන්වහන්සේලාගේ ආනුභාවයෙන්, තණ්හංකර, දීපංකර, මේධංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත,අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුනීත, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධත්ත, තිස්ස, ඵුස්ස,විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසද, කෝණාගමනථ කාශ්‍යප, ගෞතම යන බුදුවරුන් වහන්සේලාගේ බුදුවරයෙකුටපවා කල්පයකින්වත් කියා නිමකල නොහැකි අසම සම, අනන්ත, බුදුගුණ බලයෙන්ද ඔබගේ මතු අනාගතයඅතිශයින් සාර්ථක වේවා.

මතුබුදුබව පතා තව්තිසා දෙව්ලොව වැඩවසන්නාවූ අසම සම, මහා කාරුණික, යම් දිව්‍යරාජයෙක් වේද මෛත්‍රී නම් වූ ඒ දිව්‍යරාජයන් වහන්සේද, සක්දේව රාජෝත්තමයානන් වහන්සේද, මාතෘ දිව්‍යරාජයන් වහන්සේද, රන්වැලි මහ සෑරදුන් ඉදිකලකල, රට ජාතිය එක්සේසත්කල, සම්බුද්ධ ශාසනයට අපරිමේයසේවයක් සිදුකල මතු බුදුවන මෙත් බෝසතුන්ගේ දකුනත්සව් හා වමත්සව් වන දුටුගැමුණු, සද්ධාතිස්ස මහදෙවියන්ද, ශාසනාරක්ෂක, ලෝකපාලක දෙවියන්ද විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, දෘතරාශ්ඨ ආදී සතරවරම්දෙවියන්, මෙන්ම විශ්ණු, කතරගම, සමන්, පත්තිනි සතර මහා දෙවියන්ද නුවණට අධිපතිකම් කාරන්නාවූ ගණදෙවියන්, ශිල්ප ශාස්ත්‍රයට අධිපති සරස්වතී ආදි දෙවියන් ඇතුලුව දැඩිමුන්ඩ, විභීෂණ, ලක්ෂ්මී,කලුදේවතාබණ්ඩාර ආදී තිස්තුන්කොටියක් දෙවියන්ද මේ පින් අනුමොදන් වෙත්වා. ඔබට සියලු දෙවියන්ගේආශිර්වාදය, ආරක්ෂාව, ආකර්ෂණය ලැබේවා. රට ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහා සේවයක්ඉටුකර උපන් බිමට ණය ගෙවන්නට ඔබ සියලු දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. ගතවන චිත්තක්ෂණයක් පාසා මේ උතුම් ගාම්භීර චතුරාර්ය සත්‍යය නිවැරදිව සුවසේ අවබෝධ කරගෙන දාන සීල භාවනා තිවිධ පුණ්‍ය ක්‍රියා සිදුකරමින්, සිල සමාධි ප්‍ර‍ාව ආදිී ත්‍රි ශික්ෂාව වර්ධනය කරගෙනපතන බෝධියෙන් අමා නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා.

අපද පතන බෝධියෙන් නිර්වාණ සුවය අවබෝධ කරගන්නට මේ පින හේතුවාසනා වේවා …

2018 කිරිගවයන් නිදහස් කිරීම

කිරිගවයන් නිදහස් තිදෙනෙක් කිරීම