Skip to main content

දෙවන වරටත් නා‍ගොල්ලාගම ප්‍රදේශයේ ආර්ථික අපහසුකම් ඇති පාසැලක් වෙනුවෙන් රු 55,000 කට ආසන්න වියදමක් දරමින් පුස්තකාල පොත් සහ වානේ අල්මාරියක් ලබාදුන් වගයි ..

By July 16, 2015April 12th, 2016All Posts

 

පින්වත් මිතුරනි ඔබට මතක ඇති මීට දින ගණනකට පෙර නිකවැරටිය දිගන්නෑව  ප්‍රදේශයේ පාසැලකට  පුස්තකාලයක් සහ පොත් අල්මාරියක් පරිත්‍යාග කලා. එහිදී අප අත ඉතිරි වූ මුදලක් තිබුන. රු රු 56,110.00 පහත ලින්ක් වලින් ඒ සියලු විස්තර බලන්න පුලුවන්.

http://sasuna.blogspot.com/2015/07/blog-post.html

http://wp.me/p4XCOM-ij

https://www.facebook.com/buddhist.foundation/posts/383699391836566:0

ඉතින් ඒ ඉතිරි මුදල් තමයි මේ අයුනිර්න පුස්තකාලයක් ලබාදෙන්න වැය කලේ.

පොත්මිලදී ගැනීමට රු 40,600.00

වානේ අල්මාරිය සදහා රු 12250.00

ප්‍රවාහන වියදම රු 1300.00
______________________
මුලු වියදම  රු 54150.00

 

මේ සදහා මැදිහත් උනේ තිඹිරියාගෙදර උපදුම්රිය ස්ථානාධිපති චන්දන මැතිතුමායි. එකම පින්කම දෙකක් නිසා කලින් පන්කමේ ආකාරයටම ආශිර්වාද කරන්නම්.

 

පින්වත් යහලුවනේ මේ සිදුකලේ බුද්ධ පූජාවක්. බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ධ වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. මේ පුස්ථකාගය නිසා අසරණ අහිංසක දරුවන් මොනතරම් සතුටු වෙයිද?  මේ විදුහලේ සමහර සිසු දරු දැරියන් ජීවිතය පවා නැතිකරගන්න උත්සාහ කල අවස්ථා තියෙනව. ඒ ඉගෙනීමට නිසි අවශ්‍යතාවයන් නොලැබීම නිසායි. එවන් සිසු දරු දැරියන්ට මේ  පුස්තකාලය මහගු පිටුවහලක් වේවිඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුස ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය, ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා…  සරස්වතී වරමින් ඉහල බුද්ධිමට්ටම්  රැකියා කටයුතු ආදියෙන් ඉහලටම යන්නට මේ පින හේතුවාසනා වේවා.  සම්බුද්ධ ශාසනයේ චතුරාර් සත්‍යය අවබෝධ කරගන්නට මහා හැකි ප්‍රඥාව පහල වේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …

 

මේ පින්කම සදහා ආධාර උපකාර කල බෞද්ධ නොවන පින්වත් අපේ මිතුරු මිතුරුියන්ටත් තම තමන්ගේ ආගම දහම අනුව බලාපොරොත්තු වන්නා වූ උතුම් පදවිය හිමිවේවා …

 

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

යාපව් මහා විද්‍යාලයට පුස්ථකාල පොත් පරිත්‍යාගය

යාපව් මහා විද්‍යාලයට පුස්ථකාල පොත් පරිත්‍යාගය – නාගොල්ලාගම