Skip to main content

තවත් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරනය කර සසුනට පූජා කල වගයි … …

By May 14, 2014April 12th, 2016All Posts

2014 මැයි මාසෙ වෙසක් පුන් පෝදා මේ පින්කමට දායකත්වය ලබා දුන්නේ විදෙස් රටක සේවය කරන මිතුරු මිතුරියව් තිදෙනෙක් විසින්. ඒ පහත නම් සදහන් අයයි.

රන්ජිත් විජේසිංහ මහතා  –  රු. 10,000/=
පද්මිණි දේවේන්ද්‍ර හහත්මිය රු. 4500/=

අපි වෙසක් පොහොය දිනම රු. 32,000/= වටිනා නාම පුවරුවක් පරිත්‍යාග කලා. ඒ සදහා දායකත්වය දුන්නෙ දුලිප් දෙනවක මහතායි. රු. 32,000/=න් වියදම් උනේ රු. 31,440/= ක් පමණයි. ඉතිරි රු. 520/= මේ චෛත්‍යය වෙනුවෙන් යෙදෙව්ව.

එතකොට චෛත්‍ය වෙනුවෙන් ලද මුලු මුදල රු. 15,020/=ක්. ඒ මුදල් වියදම් උන විස්තර බිල්පත් සමගෙ මෙහි පහල සටහන් වෙනව.

ඉතින් මේ මහ පින්කම සිදුකල අපේ පින්වත් මිතුරු මිතුරියන් තිදෙනා මා ගැන විශ්වාසය තියල මේ මුදල් මාවෙත යොමු කලේ. ඒ පිලිබද මුලින්ම ස්තුතියි වෙන්න ඕනි. ඒවගේම ඔබ සතුටුවෙන්න ඕනි මෙවන් මහ පින්කමක් සිදු කිරීම පිලිබද. චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරනව කියන්නෙ කියල නිම කරන්න බැරි මහ පිනක්. මේ බලන්නකො.

අපි දැන් දාගැබ් කරවීමේ හා ප්‍රතිසංස්කරනය කිරීයේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.

මෛත්රී බුදුන් දකින්නෝ කවරහුද යත් … … තවද ඒ මෛත්රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්රී බුදුන් දැක නිවන් දක්නාහුය.

දැක්ක නේද? මෛත්රී බුදුන් දකින්නෙ කවුද කියල.
මේ බලන්න …

මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ.

තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ “චණ්ඩ ඵුල්ලයන්ථෙර” යන නමින් හඳුන්වන ලදහ.
ඉතින් පින්වත් යහලුවනේ චෛත්යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්යයක් හදල දොඹමල් පූජ කරල අප්රමාන දිව්ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.ශරීරයේ විවිධ රෝග හට නොගනී.
2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී

3.දිව්ය මනුෂ්ය දෙගතියෙහි උත්පත්තිය ලබයි
4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි
5.අපි්රයයන් එක්වීමක් සිදු නොවේ. පි්රයයන් හා එක්වේ
6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ
7.සක්විති රජ පදවිය හිමි වේ
8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ
9.ප්රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ
10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ
11.නිර්වාණය අවබෝධ වේ
12.එතෙක් කිසිදු දුගතියක නූපදී

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්රාස්ත්රයක් දන්නා මනුෂ්යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්යාවක් යයි කට්ටිය ප්රතික්ෂේප කලත් එම ශ්රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්රමය යොදවා පිළිසකර කර ඒවා ප්රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

මේ තරම් පහ පින්කමක් කල මගෙ මිතුරු මිතුරියන් තතිදෙනා මෙවන් පින්කමකට අපවත් සම්බන්ධ කරගැනීමෙන්ද අපමණ පින් රැස්කරගත්ත.

මේ සියල්ල චෛත්‍යයන් සම්බන්ද ආනිසංශයි.

ඉතින් මේ පින්කමට සම්බන්ධ වූ සියලු දෙනාටත් ඔබේ බිරිද හෝ ස්වාමි පුරුෂයාටත් දරු මුනුබුරන්ටත් දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. මේ අප්‍රමාණ පූජාවේ ආනුභාවයෙන් ඒ දෙමාපියන්ට ස්වභාවිකව ඇතිවන පංචස්කන්ධ‍යේ දුර්වලකම් පවා අවම මට්ටමකට පත්වේවා. ඇස් පෙනීම අඩුවීමෙන් කණ් ඇසීම අඩුවීමෙන් ඇතිවන පීඩාවන් පවා අවම වේවා. ඒ පින්වත් දෙමාපියන් මියගොස් ඇත්නම් ඔවුන් දුක්ඛිත ස්ථානවල සිටීම සුවදායී ස්ථානයන්ට පැමිණේවා, සුවදායි ස්ථාන වල සිටීනම් තව තවත් ඒ සැප සම්පත් වර්ධනය වේවා. විශේෂයෙන්ම අපේ පද්මිණි අක්කගෙ පින්වත් මෑණියන් පරලෝ සැපත්වෙලා දැන් ටික කාලයක් වෙනුව. එතුමියගේ ප්‍රාණකාරයාත් මේ පින් ලබත්වා. සැපතින් සැපතටම පත්වේවා.

මෙපින් බලෙන් ඔබ සියලු දෙනාගේම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව යන සියලු කාරණාවෝ වර්ධනය වේවා. ඔබට ඇති දුක් හිරිහැර බාධා සියල්ල දුරුවේවා. සසරේ සිදුකල ආනන්තරිය පාපකර්ම හැර සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් පින් ඇති මේ කුසලයෙන් ඔබේ සියලු නරක කර්ම විපාක යටපත් වේවා.  සැගවී ඇති පුණ්‍යස්කන්ධයෝ මතුවේවා. හොද නරක හොදින් හදුනාගෙන හොද මගේ යාමට ඔබට වාසනාව ලැබේවා. සම්බුද්ධ ධර්මය හොදින් හදුනාගෙන අවබේධ කරගෙන ඒ මහගේ ගමන් කිරීමටත් කෙළවර පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමටත් ඔබට මේ පින්කම් හේතුවාසනා වේවා.
අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා …බෞද්ධ සන්නිවේදන පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සින්වා …

චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරනය කිරීම

චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරනය කිරීම