Skip to main content

උතුම් නවම් පෝදා කදුකර ආරණ්‍යයකට විදුලි පහන් කණු 06ක් පූජාකල වගයි ..

By February 4, 2015April 12th, 2016All Posts

2015/02/03 නවම් පුන් පෝ දින අපි පින්කමක් සිදුකර ගත්ත. ඒ විදුලි පහන් ආලෝක කණු හයක් සම්බුදු සසුන වෙත පූජා කිරීමයි මේ වෙනුවෙන් අපිට පූර්ණ දායකත්වය ලබාදුන්නේ මුහුණුපොතේ පින්වත් මිතුරන්. මේ වෙනුවෙන් රු 24,518/= ක මුදලක් වැය උනා. ස්ථානය හරියටම කියනවනම් කුරුණෑගල, මල්පිටිය, නැළව විවේක ආරාමය. මුහුණුපොතේ මිතුරන් විසින් ඉතාම ශ්‍රද්ධාවෙන් මේ කටයුත්තට දායක උනා. මේ පින්කම හදුන්වන්නේ ආලෝක පූජාවක් විදිහටයි. ඒනිසා පහන් ආලෝක පූජාව උනත්, විදුලි ආලෝක පූජාව උනත් මහත්ඵල  මහානිසංස ‍ලබාදෙන පූජාවක්.
අපිට මේ වෙනුවෙන් පහත පින්වත් මිතුරු මිතුරියන් ආධාර ලබා දුන්න.

පුබුදුනී නංගියා 10,000/-
චන්දන ලියනගේ මහතා 5000/-
ශානි මාරසිංහ සොහොයුරිය 5,000/-
එරංග සෙනෙවිරත්න මහතා 5000-/
ධම්මික අබේසේකර මහතා 500/-
තිළිණ විජේසිංහ මල්ලි සහ ඔහුගේ යෙහෙලිය 1500/-
නම සදහන් නොකර එවූ මුදල් රු- 2500/-

____________________________________________

මුලු මුදල = රු 31,500.00
වියදම් වූ ආකාරය මෙහෛමයි.

වියදම්
සිමෙන්ති කොට්ටය සහ ඩවුන් පයිප්පය රු 1250.00

ඒවා ප්‍රවාහන වියදම රු 250.00

ස්ට්‍රීට් ලෑම්ප් ( බල්බ හොල්ඩර් සහිත බටය ) 650.00 X 6 = 3900’00

යකඩ බටවලට රු 10818.00

වයර් රෝලට රු 1800.00

තින්ත හා තිනර් රු 440.00

ලනු කැරල 6ක් = රු 60.00

බට රැගෙන ආ ලොරියට (කුරුණෑගල සිට මල්පිටියට ) රු 1500.00
හැදුම් කුලී රු 2000.00

සාදන ලද කනු ප්‍රවාහනයට රු 500.00

වලවල් කපා කනු සවි කිරීමට දින දෙකක වියදම 1000 X 2 = 2000.00
________________________________

මුලු වියදම රු 24518.00

ඉතිරි මුදල් වන රු 6682.00 තවත් මහ පින්කමකට යොදවල ඔබට දැනුම්දෙන්නම්.

හොදයි දැන් අපි බලමු පහන් පූජාවේ ( ආලෝක පූජාවේ ) අනුසස් මොනවද කියල.
පහන් පූජාවේ අනුසස්,

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයිතථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේදආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි.එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑමපිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද

 

ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් ( ආලෝක) පූජාවේ අනුසස් –

ප්‍රඥාව ලැබීමට හේතු වීම

හො‍ද ඇස් ලැබීමට හේතු වීම

දිවැස් ලැබීමට හේතු වීම

පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම

ඍධිමය හැකියා පහළ වීම

ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම

ඇස් රෝග නොවැලදීම

දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

 

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝඅනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත්මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවරසහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ.පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමටකළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේවදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළසත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවාළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන්පූජාවක් කෙලේය.

 

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත්පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වාහිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටාතබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටාසර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.

එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස්ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන්වහන්සේ)

ඉතින් ඒ හා සමාන මහ පින්කමක් අපේ මිතුරු මිතුරියන්  විසින් සිදු කරගත්තෙ. ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ඔවුන් විසින් මේ කටයුත්තට දායක උනේ. මේ පින්කමේ  බලය මෙතකැයි කියන්න බැරි තරම්. බොහෝමයක් පින්කම්වල පලවිපාත ලැබෙන්නෙ පහුවෙලා. ඒක හරියටම කියනවනම් දෙවූ මී පැණි  මිදෙන්න වෙලාව ගතවෙනව වගේ පසුව පල විපාක ලැබෙන පින්කම්. උදාහරණයක් කිව්වොත් අපි චෛත්‍යයක් හුණු ආලේප කලොත් ඒ චෛත්‍යය දිහා බලල බොහේ අය සිත පහදගන්නව. ඒ අයට සිත පහදවා ගැනීමේ පිනට ප්‍රතිවිපාක  ලැබෙන්නෙ පසුව.

හැබැයි අපේ මිතුරු මිතුරියන් සිදුකලේ එවලෙම විපාක ලැබෙන පින්කමක්.  මොකද මේ විහාරස්ථානය පිහිටල තියෙන්නෙ කැලයක් අසල. ඒ ප්‍රදේශය ගොඩක් අදුරු වෙලයි තිබුනෙ. ඉතින් පහන් කණු සවිකල නිසා දැන් ඒ ප්‍රදේශයම ඉතාම ආලෝකමත් වෙලා. බලන්න ලස්සනයි. හරියටම කියනවනම් පුන්සද පෑව්ව වගේ. ඇත්තටම කදුකර ආරාමයක් නිසා කැලෑව මැද්දෙ කදු මුදුනෙ තමයි භාවනා කුටි පිහිටල තියෙන්නෙ. ඉතින් පඩිපේලිය පවා තාම  හදල නැති නිසා යන්න එන්න අමාරුයි. තාවකාලිකව දාල තිබ්බ බල්බ් වලට වතුර ගිහින් අක්‍රිය වෙනව. ස්වාමීන් වහන්සේලා රාත්‍රියට ගොඩක් අපහසුතාවට පත්වෙනව. ඉතින් ඒ අපහසුකම් අද සිට මගහැරෙනව. ස්වාමීන් වහන්සේලාට පහසුකම් සලසනව කියන්නෙ කියල නිම කරන්න බැරි පින්කමක්.

ඉතින් පින්වත් යාලුවනේ, යෙහෙලියනේ  ඔබ සිදුකල මේ මහානර්ඝ පින්කමේ බලයෙන් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා.  ඔබ සිදුකලේ පුංචි පින්කමක් නෙවෙයි. අතීත, වර්තමාන, අනාගත සංඝයා විෂයෙහි සිදුකල මහා බලසම්පන්න ආලෝක පූජාවක්. පහනකින් ආලෝකය ලැබෙන්නෙ කුඩා පුදේශයකට. ඔබ කල පරිත්‍යාගයෙන් විහාරස්ථාන භූමියේ අතිවිශාල වපසරියක් ආලෝකමත් වෙලා. හරිම ප්‍රිය ජනක ආලෝකයක්. ඉතින් එක් පහනකින් කල්ප සිය ගණනක් ආනිසංස ලැබෙනවනම් මෙවන් මහ පින්කමක ආනිසංස නොපමණ වේවිද? කෙසේනමුත් මෙවන් පින්කමක් සිදුකල ඔබවන් පුතුන් දූවරුන් බිහිකල රත්තරන් දෙමාපියන්ට මේ පින් හිමිවේවා. ඔවුන්ගේ ජීවිත සැපවත් වේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. ජරා, ව්‍යාදි, මරණ යන දේවල් කාටත් පොදු උවත් ඉන් ලැබෙන අපහසුව දුරුවී සුවදායක ජීවිතයක් උදාවේවා. …

ඔබේ සමීපතමයන්ටද මේ පින් හිමිවී දිවිගමන යහපත් වේවා …

දෙවි බඹුන් පවා සාදුනාද දෙන මෙවන් මහ පින්කම් සිදුකල ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. සියලු රැකියා කටයුතු අතිශයින් සාර්ථක වේවා. සියලු අනතුරු, කරදර, දුක් කම්කටොලු අරුණ දුටු ගනදුර මෙන්,  හිරු දුටු පිණිමෙන් විද්වංසනය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනාවන් මල් මෙන් සුපිපේවා. නිවන් දක්නා ජාති දක්වා අසවල් දේ අඩුයැයි කිව නොහැකි තරමින් ඔබේ ජීවිතය පරිපූර්ණ වේවා. විහාරස්ථාන භූමිය ආලෝකවත් කිැීමෙන් මෙන්ම සර්පාදීන්ගෙන් ස්වාමීන් වහන්සේලාගේ ජීවිත ආරක්ෂා කිරීමේ පිනෙන්  සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව නිවන්දක්නා ජාති දක්වාම ඔබට හිමිවේවා. සිදුකල ආලෝක පූජාවේ බලයෙන් උපන් උපක් ආත්මභායන්හිදී හිරුමෙන් මහා රශ්මියක් විහිදුවන අභිමානවත් බව ලැබේවා. තරු අඅතරට වන් සූර්ය රාජයෙක් සේ ඔබ අන් අය අතර බැබලේවා. ඒ විතරක් නෙවෙයි. ඔබ ලබාදුන් ආලෝකයෙන් අන් අයට අදුරෙහිදී ඇති බාධා දුරු උනා වගේ ඔබගේද සියලු බාධාවෝ දුරු වේවා. සර්ප ආදී සතුන්ගෙන් අන් අයට ලබාදුන් ආරක්ෂාව තුලින් ඔබටත් සතරවරම් දෙවි රැකවරණය නිවන් දක්නා ජාති දක්වාම ලැබේවා. අවසනදී පතන බෝධියෙන් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනා වේවා …

මෙව්න් මහ පින්කම සිදුකරන්නට අපටත් දහදිය මුගුරු හෙලන්න වාසනාව ලැබුන. ඒ මහා පින් බෙලෙන් මෙවන් මහා පින්කම් වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා. සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් වැඩි වැඩියෙන් මහ පින්කම් කරන්න වාසනාව ලැබේවා. කෙලවර පතන බෝධියෙන් නිර්වාණ අවබෝධයටත් ලෝක සත්වයාට නිවන් මග පෙන්වමින්, අපමණ සත්ව වර්ගයාට නිවන් මග පෙන්වීමටත් මේ පින්කම් හේතුවාසනා වේවා.

 

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා.

නැලව විදුලි කණු

නැලව විවේකාරාමයේ විදුලි කණු