Skip to main content

ආර්ථික අපහසුකම් ඇති පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කල වගයි …

හොදයි යහලුවනේ අපි අඩු ආදායම් ලාභී දරුවන් ඉගෙනගන්නා පාසැලකට අපි සංගීත භාණ්ඩ වගයක් පරිත්‍යාග කලා.  මේ පළමු අදියර විදිහටයි පරිත්‍යාගය සිදු කලේ. ඉතින් මේ පාසැලේ දිනපතා බුද්ධ පූජාව තියන බව විදුහල්පති තුමා සදහන් කලා. අපි තම්මැට්ටම් දෙකක්, දවුල් දෙකක් හා හොරණැවක් පරිත්‍යාග කලා. ඒ පා‍සැල තමයි කුරැණැගල මල්පිටිය බෝයගනේ මහා විද්‍යාලය.  අවශය ඕනිම කෙනෙකුට මේ සියලු පින්කම් සිදුකල ස්ථාන බලන්න පුලුවන්.

ඉන් අපිට රුපියල් 11,000/= ක්මේ පරිත්‍යාගය වෙනුවෙන් වියදම් උනා. තියෙනව. ඒක වෙන පින්කමක් වෙනුවෙන් යොදවන්න බලාපොරොත්තු වෙනව.

මේ පින්කම් වලට ඉහත සදහන් කල පින්කම සිදුකල අයම  දායක උනා.
ලයනල් ගුණතිලක මහතා
දිනුෂ විජේතුන්ග මහතා
රුවන් එස්. ජයසිංහ මහතා
නෙවුශිකා හේරත් මිය
චාමර මහතා
බියන්කා තෙන්නකොන් මිය
ජගත් කුමාර මහතා රුවන් හෙට්ටිආරච්චි හා  මනෝරි දමයන්ති හෙට්ටිආරච්චි යුවල
නදුන් සිල්වා හා නෙහාරා සදමාලි සිල්වා යුවල
මංජුලා මිය
රන්ජිත් මුණසිංහ මහතා
රේණුකා හේරත්  මිය
රත්න මැද්දෙගොඩ හා චමිලා මැද්දෙගොඩ යුවල
නලින් කොඩිතුවක්කු මහතා
මේ පින්කම මහා ආනිසංස දෙන පින්කමක්. ශබ්ද පූජාව කියන්නෙ පුංචි පින්කමක් නෙවෙයි. මේ තූර්ය භාණ්ඩ යොදාගෙන බුද්ධ පූජාව වඩමවයන්න විදුහල්පති තුමා බලාපොරොත්තු වෙනව. ඒක මහත්ඵල මහානිසංස දෙන පින්කමක්.

බෞද්ධයන් කරන පින්කම්වලින් ශබ්ද පූජාව ද එකකි. එය මහත් මහත් පින්කම්වලට තිබිය යුතු ම අංගයක් ලෙස බොහෝ බෞද්ධයෝ සලකනව. ඒ ශබ්ද පූජාව ඉතා අතීතයේ පටන් ම කැරුණු බව පිටකත්‍රයෙන් හා අටුවාවලින් ද වංශකථාවලින් ද පේනව.

ප්‍රාතිහාර්‍යයෙන් බුදුරදුන් වඩනා කල්හි මග දෙපස ගෙවල ඇති බෙර වීණා ආදි තූර්ය භාණ්ඩ වලින් ඉබේ ම නාදය නගින්න පටන් ගන්නා බව ද බොහෝ පොත්වල කියා තිබේ. එයින් පෙනෙන්නේ ශබ්දයත් බුද්ධ පූජාවට අවශ්‍ය අංගයක් බව යි.

පින්කම්වල අනුසස් දක්වා ඇති අපදාන විමානවත්ථු ආදි ග්‍රන්ථවල මල් පූජා,ආහාර පූජා, වස්ත්‍ර පූජා කිරීමෙන් නොයෙක් අනුසස් ලැබූ අය පිළිබඳ බොහෝ කථා තියෙනව. ඒවායේ ද ශබ්ද පූජාවේ අනුසස් දැක්වෙන කථා දුර්ලභය. අපදාන පාළියෙහි පමණක් ශබ්ද පූජා කළවුන් පිළිබඳ කථා දෙක තුනක් දක්නා ලැබෙනව. ඒවා ද බෝධිවලට ශබ්ද පූජා කිරීම පිළිබඳ කථා ය.

අත්ථදස්සි බුදුරදුන් පිරිනිවීමෙන් පසු ඒකාසනිය තෙරුන් වහන්සේ වරුණ නම් දෙව් රජෙක්ව සිට සියලු තූර්ය භාණ්ඩයන් ගෙන සිය පිරිස ද සමඟ ඒ බුදුරදුන්ගේ බෝධිය වෙත ගොස් තූර්යවාදනයෙන් හා නැටුමෙන් ගැයුමෙන් ද බෝධි පූජාවක් කළ බවත් ඒ පිනෙන් දිව්‍යරාජව නිර්මාණරතියෙහි උපන් බවත්, එතැන් පටන් සසර දෙව්මිනිස් දෙගතියේ සැප විඳ අප බුදු සසුනෙහි පැවිදිව රහත්වූ බවත් එකාසනියත්ථෙර අපදානයෙහි දැක්වෙනව..

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකරමින් පාසෙලේ බුද්ධ පූජාව වැඩමවීමෙනුත්, මේ අසරණ දූදරුවන්ට ඉගෙනීමට අවස්ථාව ලබාදෙමිනුත් සිදුකල මේ මහා කුසල් සම්බාරයේ බලයෙන් ඔබට අනන්ත අප්‍රමාණ කුසල් ලැබෙනව.

මෙහි අනිකුකත් රූපරාමු මෙහි පහල දක්වල තියෙනව.

ඉතින් පින්වත් යහලුවනේ බුද්ධ පූජාව වැඩමවීමේ ශබ්ද පූජාව ලබාදීමෙනුත් මේ දරුවන්ට ඉගෙන ගන්නට තූර්ය භාණ්ඩ ලබාදීමෙනුත් ඔබ පබන පින් ඊයෙ සිදුකල පින්දීමම විදිහටම මේ පින්කම වෙනුවෙනුත් සිදු කරන්නම්. මේ සිදුකලේ බුද්ධ පූජාවක්.  බුදුහාමුදුරුවො තමයි දානයේ ආනිසංශ අපිට කියල දුන්නෙ. ඉතින් ඒ බුද්ද වචනයට ගරැකරමින් තමයි අපි මේ පූජාව සිදුකලේ. විශේසයෙන්ම ශප්ද පූජාව නිසා මිහිරි කටහඩවල් ඇතිවෙනව. පැහැදිලි වචන ඇතිවෙනව.  තමන්ගෙ වචනයට හැමෝම අවනත වෙනව. මේවගේ ආනිසංස රැසක් ලැබෙනව. ඉතින් මේ පින්කම සිදුකරන්නට මූල්‍ය දායකත්වය ලබාදුන් ඔබවන් පින්වත් දරුවන් බිහිකල ඒ උතුම් දෙමාපියන්ට මේ පින් ලැබී දීර්ඝායුෂ ලැබේවා. ඔවුන් මිය පරලොව ගිහින් ඇත්නම් මේ පින් බලෙන් සැපතින් සැපතටම පත්වේවා. අත්වැරදීමකින් වත් යම් කිසි අභව්‍ය ස්ථානයක සිටීනම් ඉන් මිදී සුගතාගාමි වේව‍ා. ඔබේ දරුවන්ටද සොයුරු සොයුරියන්ටද ඥාතීන්ටත් ඉතා හොදින් අධපාන කටයුතු කරගෙන යාමට මේ පින් හේතුවාසනා වේවා. මේ පින්කමට දායක වූ ඔබටත් මතක ශක්තිය,ධාරණ ශක්තිය, වර්ධනය වී ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. උපන් හැම භවයකම ඉහලම බුද්ධි මට්ටම්වල වැජඹෙමින් සියලු ඉගෙනීම් කටයතු ඉහලින්ම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා. කෙළවර මෙපින් බෙලෙන් චතරාර්ය සත්‍යය අවබෝධය තුලින් පතන බෝධියෙන් උතුම් නිවන් මග අවබෝධයට හේතුවාසනා වේවා …

මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල් විසින් ගෞතම බුදු සසුන තුලදීය …

පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කිරීම

පාසැලකට තූර්ය වාදන භාණ්ඩ පරිත්‍යාග කිරීම – බොයගනේ විද්‍යාලය