Skip to main content

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහනේ රු 27,808/-කට ආසන්න වියදමක් දරමින් ගැබිණි මවුවරුන්ට …

By September 26, 2015April 11th, 2016All Posts

රු 235,000/- ක වියදමින් දියත් කල අසරණ සරණ සදහම් යාත්‍රා වැඩසටහන 2015 සැප්. 23 වැනි දින ‍පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත් වූවා.

එහිදී 27808.00 ක් වටිනා පෝෂණ මලු 08ක් ප්‍රධානය කෙරුනා.

මේ වෙනුවෙන් පින්වත් මිතුරියක් හා මිතුරෙක් විශේෂ දායකත්වය ලබාදුන්නා.

 

දීපිකා මෙනෙවිය හා මිතුරියන් රු 20,700/-

දුලිප් දෙකනවක මහතා රු 16080/-

——————————————————–
එකතුව රු 36780.00

වැය වූ මුදල රු 27808.00

ඉතිරි මුදල = රු 8972.00

මේ මුදල එදින සිදුකල අනිකුත් පින්කම් වලට යොමු උනා

දීපිකා මෙනෙවිය මාස ගණනකට කලින් මේ වෙනුවෙන් කැපවෙලා වැඩ කලා. එතුමිය මීට පෙර පින්කම් කිහිපයක් වෙනුවෙන්ද අවදානය යොමුකලා. විශේෂයෙන්ම දුලිප් දෙනවක මහතා පින්කම දවසේම රු 16080.00ක මුදලක් යොමුකලා. ගැබිණි මවුවරුන්ට “සස්ටර්ජන්” කිරි ටින් එක බැගින් ලබාදෙන්න කියල විශේෂ ඉල්ලීමක් සිදුකලා. ඒ අනුව සෑම මවකටම රු 1420.00 බැගින් වටිනා කිරි ටින් එක බැගින් ලබාදුන්නා.

යහලුවනේ ගැබිණි මව්වරුන්ට ලබාදෙන දානය හරිම වටින එකක්. ඔබ අහල ඇති ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලද සීවලී මහ රහතන් වහන්සේ. උන්වහන්සේ වරක් පිණ්ඩපාතෙ ගිහින් ඉවරවෙලා දානය වැලදුව. වළදල ඉවර උනාට පස්සෙයි දැක්කෙ පැටව් ගහපු බැල්ලියක් කෑම ටිකක් ලැබන තුරු බලන් ඉන්නව. මොනව කරන්නද? ආයි පිණ්ඩපාතෙ වඩින්නත් බැහැ. උන්වහන්සේ ගිරියට ඇගිල්ල ගහල වමනය කලා. අර බැල්ලි ඒ වමනය ආහාරයට ගෙන කුස පුරව ගත්ත. ඒ පින්බලෙන් තමයි ප්‍රත්‍යලාභීන් අතර අගතනතුර ලැබුනෙ. බුදුහාමුදුරුවො පවා දුර ගමන් යන අවස්ථාවලදි සීවලී හාමුදුරුවො වැඩ ඉන්නවද කියල බලල තමයි ගමන් කරන්නෙ. ඒවගේම අපිට නිතර අම්මල කියන දෙයක් තමයි ගැබිනි සත්තු බලන් ඉද්දි කෑම කන්න එපා කියල. ඒව මහ පව්වැඩ. ඒව ඉක්මනින් පඩිසන් දෙන පව්. වරක් ගැබිණි මවක් කෑම ගනිද්දි ගැබිණි බැලි කික්කියක් ඇවිත් බලන් හිටියලු. අර අම්ම ඒ බැල්ලිව පැන්නුවලු. ඒ බැල්ලි හිතේ වේදනාවෙන්නෙ යන්න ඇත්තෙ. කොහොම නමුත් දසකඩ මසක් අවසානයෙදි අර අම්මට බලු මුහුණු තියෙන බබාල හම්බ උනා කියල ජනප්‍රවාදයේ සදහන් වෙනව.ඒ කොහොම නමුත් විශේෂයෙන් අපේ සිංහල ජාතිය වදවෙමින් පවතින මොහොතක ගැබිනි මව්වරුන් වෙනුවෙන් යමක් කරනව කියන්නෙ ජාතිය රැකගන්න කල පිනක් හා සමානයි.

ඉතින් මෙවන් මහ පින්කමකට දායක උන අපේ දයාබර පින්බර සොයුරු සොයුරියන් මේ සිදුකලේ මහ පිනක්. ඒ පින්කමමේ බලය මෙපමණයි කියල කියන්න බැහැ. මේ මහා පින්බලෙන් ඔබවන් දරුවන් බිහිකල මව් දෙමාපියන්ට මේ පින් ඒකාකාරවයම ලබේවා. ඒ ඇත්තන් මියගොස් ඇත්නම් සුගතිගාමීෘ වේවා. ජීවත් වේනම් නිදුක් නිරෝගී සුවබර ජීවිත උදාවේවා. ඔබේ දරැ මුනුබුරන් මෙන්ම සොයුරු සොයුරියන්ද මේ පින් බලෙන් සැපතින් සැපතට පත් වේවා. විශේෂයෙන් ඔබට පින්බර දරුවන් බිහිකරන්නට  මේ පින් හේතුවාසනා වේවා …

මෙපින් බලෙන් ඔබටත් නිවන් දකිනා ජාති දක්වාම පින්බර උප්පත්තියක් හිමිවේවා. උපතේදී කිසිදු දුකක් කරදරයක් ඇති නොවේවා. පිරිපුන් සිරුරු ඇති තේජවන්ත ශක්තිමක් පුද්ගලයන් බවට පත්වේවා. උපදින හැම භවයකදීම යස ඉසුරු සහිත ජීවිතයක් හිමිවේවා. උපදින හැම භවයකම නැහැ බැහැ කියන වචන අසන්නටවත් නොලැබේවා. ලක්ෂ කෝටි ගණනින් වස්තු සම්පත් ලැබේවා. දහස් ගණන් පිරිස් ඔබ වටා රැස්වේවා කරන කියන හිතන පතන සියලු දේ සාර්ථක වේවා අවසනදී ඔබ පතන බෝධියෙන් නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා … අනන්ත බුදුගුණ බෙලෙන් තුන් ලොවම සැනසේවා …

 

මම එරන්ද ලක්මාල්ද සිල්වා …

ගැබිණි මවුන්ට පෝෂණ මලු ප්‍රදානය

ගැබිණි මවුන්ට පෝෂණ මලු ප්‍රදානය – හොදැල්ල විහාරස්ථානය