Skip to main content

රු ලක්ෂ දෙදකට ආසන්න වියදමක් දරා රුවන්වැලි මහා සෑයට කිරි ආහාර පූජාවක්, අටපිරිකර පූජාවත් සහ පරිවාර චෛත්‍යයන්ද සමග මහ සෑයට කප්රුක් පූජාවක් සිදුකල වගයි …

2015 සැප්තැම්බර් මස 23 වැනි දින අපි රුවන් වැලි මහ සෑයට මහා පූජාවත් සිදු කලා. ඒ රුවන්වැලි මහා සෑයට කිරි ආහාර පූජාවක්, අටපිරිකර පූජාවත් සහ පරිවාර චෛත්‍යයන්ද සමග මහ සෑයට කප්රුක් පූජාවක් සිදු කිරීමයි. මේ වෙනුවෙන් පහත පින්වත් කළණ මතුරු මිතුරියන් දායකත්වය ලබා දුන්නා.

 රොෂාන් මහතා සහ පවුලේ සියලූ දෙනා   රු 35000/-

 අසංකා ජයමාලි මිය රු 31,000/–

දිසානායක පවුලේ සියලූ දෙනා රු  21,000/-

දීප්තිකා ධර්මපාල සොයුරිය සහ පිරිස   රු 17500/-

හිමාලි ලියනගේ මිය රු 12,000/-

 මහේෂ් ශ‍්‍රී ලාල් මහතා   රු 10,000/–

 පුබුදුනි රූපසිංහ අක්කා රු 10,000/-

සේපාලිකා නංගියා රු 10,000/-

 ඉෂාර ප‍්‍රනාන්දු අයියා  රු 9000.00

චූලාන් ලසන්න මහතා  රු  6,880/–

සමීර මදුංග මල්ලි   රු  6,000/–

වසිත පෙරේරා මහතා   රු  5,400/-

නිශාන් සුරංග මහතා  රු 5,000/–

රුවන් එස්. ජයසිංහ මහතා රු 3,500/–

ලයනල් ගුණතිලක මහතා රු 3500/-

යතින්ද්‍ර ගුණවර්ධන මහතා රු 1500/-

රුවන් ජයසිංහ මහතා රු 1000/-

තිළිණි ගමගේ නංගියා රු 1000/-

හර්ෂණී ෆනෑන්ඩෝ මිය රු 1000/-

ශෙහානි බොතේජු සොහොයුරිය  රු  1,000/–

හිරන්ත මදුසංක මහතා රු    650/-

———————————————————-

මේ පින්කම සදහා රැස් වූ මුලු මුදල රු 185,930.00

 මෙයට අමතරව

දිසානායක පවුලේ සියලු දෙනා අටපිරිකර අටක් සමග සිව්රැ දෙකක් පූජා කලා ( රු 23,600.00)

 අසංකා ජයමාලි අක්කා අටපිරිකර 10 සහ සිවුරු 02ක් එදින පූජා කලා (රු 43,000)

 වැය වූ වියදම්

 බස්රථ දෙක සදහා රු 33,000/-

කප්රුක් පහක් සදහා

රුවන් වැලි සෑයට මීටර 300 X රු 140.00 = රු 42,000.00

 පරිවාර චෛත්‍යයක් සදහා

මීටර 30 X රු 140.00 = රු 4200.00 X චෛත්‍ය 4 = රු 16,800.00

 අට පිරිකර 10 X රු 2500.00  = 25,000.00

 පූජාව පැවැත්වූ ස්වාමීන් වහන්සේලාට පිරිකර ලෙස ලබාදුන් මුදල රු 6000.00

 හේවිසි කණ්ඩායමට ලබාදුන් මුදල රු 2200.00

———————————————————–

පූජාවට වැය වූ මුදල = රු 125,000.00

ඉතිරි මුදල රු 60930.00 මහියංගණ නාගදීප විහාරයේ විදුලි ආලෝක පද්ධතිය වෙනුවෙන් යොමු කලා.

හොදයි. මේ පින්කමේ අනුසස් මොනවාද ?

 සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකර ඇති චෛත්‍යයන් වන්දනා කිරීමේ දී, සැදැහැවත් බෞද්ධ ජනකාය අතීත යුගයේ සිට ම නොයෙක් පුද පූජා පිළිවෙත් අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේට තම අපමණ සැදැහැ බැති පෙම පළ කළ අයුරු වර්තමානයේ සිදුකරනු ලබන පුද පූජාවලින් ද වටහාගත හැකි ය. සෑ මළුවේ සිවු කොණේ පිහිටුවා ඇති වාහල්කඩ හා බුදු කුටිවල ද පුදසුන් මත ද මල් පහන් හා සුවඳ දුමින් පුද පූජා පවත්වන අයුරු දිනපතා දැක්ක හැකි ය. සෑ මළුවේ සිදුකරනු ලබන මෙම පුද පූජාවලට අමතරව ස්තූපයේ පේසාවළලූ වටා මෙන් ම ස්තූප ගර්භය වටා ද, විවිධ පුෂ්පමාලා දාම, විදුලි බුබුළු, සැරසිලි මෙන් ම කාෂාය වස්ත‍්‍ර හා ෂඞ්වර්ණ රෙදි පිළි (බෞද්ධ කොඩි) පලඳවා, වන්දනාමාන කිරීම වර්තමානයේ බෙහෙවින් දක්නට ලැබේ. චෛත්‍යයේ ගර්භය වටා කාෂාය සිවුරක් හෝ ෂඞ් වර්ණ කොඩි ඇතුළත් පලඳනාවක් හෝ යොදා වන්දනාමාන කිරීම නූතන යුගයේ ඇතැම් දෙනා හඳුන්වන්නේ ‘කප්රුක් පූජාව’ වශයෙනි. අනුරාධපුරයේ මහා ථූපය කරවූ ගැමුණු රජතුමාට තම ජීවිතයේ අවසාන කාලය ළංවන විට එය නිම කළ හැකිවූයේ සතරැස් කොටුව දක්වා පමණි. මිය යෑමට පළමු මහා සෑය නිමවා සම්පූර්ණ වූ විට පෙනෙන ආකාරය දැක ගැනීමේ බලවත් ආශාවක් රජතුමා තුළ ඇති විය. රජුගේ මල් සද්ධාතිස්ස කුමරු රජුගේ අභිලාෂය මුදුන්පත් කරනු සඳහා කටයුතු යෙදූ අයුරු මහාවංශය සඳහන් කරන්නේ මෙසේ ය; ‘මෙකුමරු සන්නාලින් ලවා සුදු පිළියෙන් සැට්ටයක් (කඤ්චුකයක්) කරවා එයින් සෑය වැස්වී ය. සිත්තරුන් ලවා ඊ මත වේදිකාවක් (ගරාදිවැට) ද පුන්කලස් පන්තීන් හා පංචාංගුලික පන්තීන් ද සිත්තම් කරවී ය. වඩුවන් ලවා හුණු දඬුමුවා ඡත‍්‍රය ද මුද්ධ වේදිකාවෙහි කරපත්මුවා හිර සඳ ද කරවී ය. මෙසේ කළ සෑය ලාකඩින් හා කංකුට්ඨක නම් දැයින් සිත්තම් කරවා සෑයෙහි කටයුතු කිස නිමියේ ය යි රජුට දැන්වී ය.’ (ශ්‍රී ලංකාවේ ස්තූපය, පරණවිතාන – 26 පිටුව) එය වූ කලී චෛත්‍යයක් වටා කඤ්චුකයක් ( නොහොත් කප්රුකක්) යෙදූ පළමුවැනි අවස්ථාව වෙයි. පසු කලෙක භාතිය රජු විසින් ද මහා ථූපය වටා කඤ්චුකයක් පලඳවා පුද පූජා පෙරහැර පැවැත්වූ බවට වංශ කතා ඇතුළු බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ සාක්ෂි දරයි. කණ්ඨක සෑයේ පේසා වළලූ වටා ගඩොලින් කඤ්චුකයක් ඉදි කොට ස්තූපය ශක්තිමත් කළ බවත්, අනතුරුව තවත් රජෙකු විසින් ශෛලමය කඤ්චුකයක් යොදා එය විශාල කොට තහවුරු කළ ආකාරය ද පුරාවිද්‍යා ගවේෂණයන්ගෙන් හෙළි කරගෙන ඇත. මහා දාඨික මහානාග රජතුමා මහා ථූපයේ වෘත්තාකාර මාලකය වටා ශෛලමය පුෂ්ප දානයක් කළ බව වංසත්තප්පකාසිනියෙහි දැක්වෙයි. එය පද්මයක් විකසිත වන්නාක් මෙන් නිර්මිත වූ බව ‘පදුම විකසිත කිඤ්චික්ඛ පාසාණෙ’ යන යෙදුමෙන් හෙළි වෙයි. අතීත යුගයේ සිට ම රාජකීය ප‍්‍රභූන් ඇතැම් සැදැහැවත් ජනතාව විසින් මහ පෙරහැර පවත්වා චෛත්‍යයන් පැදකුණු කොට දාගැබ වටා පලඳවන ලද කඤ්චුකයන්, දේවතා රූප, පද්ම – හංස – හස්ති හා මල්කම් මෝස්තරවලින් යුතුව පැවති බව ඒ පිළිබඳව දැක්වෙන වර්ණනාවලින් හෙළි වෙයි. ස්තූපයේ පේසාවළලූ දිගේ ද ගර්භය වටා ද පුණ්‍ය සංකේත ඇතුළත් කඤ්චුකයන් පැලඳවීමේ සිරිත නූතන යුගය දක්වා ම විකාශනය වෙමින් පවතී. චෛත්‍ය වන්දනාව සඳහා යොදා ගනු ලැබූ එකී පලඳනාව විවිධ නම්වලින් කලින් කල හඳුන්වා තිබිණ. ‘ආයාග පට’ නම් කඤ්චුක පලඳනාවක් කළ චෛත්‍ය පූජාවක් ගැන අපදානපාළි ධර්ම ග‍්‍රන්ථ පාඨයකින් අනාවරණය වෙයි. ‘භට්ඨො භට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං වඞ්ඪකෙහි කථා පෙත්වා මූලං දන්වාන’හං තදා භට්ඨො භට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙය්යහං දුග්ගතිං නාභි ජානාමි ආයාගස්සං ඉදං ඵලං’ ‘තුටු පහටු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්තූපය වන්දනා කළෙමි. නිර්මාණ ශිල්පීන්ගෙන් (වඞ්ඪකෙන) උපදෙස් ගෙන වියදම් පිරිමසා ආයාගයක් කරවා ලීමි. එම ආයාගය හේතු කොට ගෙන මම අගතියක ඉපදීමක් ගැන නො දනිමි. මේ වූ කලී එම ආයාගය පැලඳවීමේ ප‍්‍රතිඵලයයි’ එකී උදානය පහළ කරන ලද්දේ මේ මහා භද්‍ර කල්පයෙහි ආයාගයක් (කඤ්චුකයක්) දානය කිරීමෙන් රහත් ඵල ලැබීමට හේතු වාසනා ලද එක්තරා තෙරනමක විසිනි. ලංකාවේ පැරණි සෙල්ලිපිවල ‘අයක’ නමින් හැඳින්වුණ මෙම චෛත්‍ය සැරසිල්ල පැරණි ඉන්දියාවේ ඇතැම් ස්තූපයන්හි ද යොදා තිබුණේ යයි, පුරාවිද්‍යා සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසුව මහාචාර්ය පරණවිතානයෝ පෙන්වා දුන්හ. ( උපුටාගන්නා ලදි.)

 කප්රැක සහ කංචුකය යන වචනය පිලිබද නොයෙක් ගැටලු පැවතින බවද සිහිපත් ක යුතුය.

 ඉතින් මේ පින්කම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි වන්ත වෙනව.

 රොෂාන් මහතා ඇතුලු පවුලේ සියලු දෙනාම මේ පින්කම වෙනුවෙන් ඉහල දායකත්වයක් දැරුව. හැම පින්කමකම රොෂාන් මහතාත් පවුලේ අයගේත් නම් සදහන් වීම විශේෂත්වයක්. අපගේ සියලු වැඩ කටයුතු වෙනුවෙන් මුල්‍ය පමණක් නොව උපදෙස් අතින්ද අවවාද අනුශාසනා අතින්ද ඉහලම දායකත්වයක් ලබාදෙන්නේ හිතමිතුරු කල්‍යාණ මිත්‍ර රොෂාන් මහතා ඇතුලු පවුලේ අය විසිනුයි. විශේෂයෙන්ම පරිවාර චෛතයයන් තුනකටම කප්රුක් බාරගත්තේ කළණ මිතුරු රොෂාන් මහතාත්, එතුමාගේ බිරිද සහ නැගනිය විසින්.  රොෂාන් ප්‍රගීත් මහතා සහ  සුමේදා මනතුංග බණ්ඩාර මහත්මිය විසින් බාරගත් එම පූජාව මගින් ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවීම වගේම තෙනුක දිවග්‍ය ද අල්විස් පුංචි පුතුගේ අනාගය සාර්ථක වේවා යන අධිෂ්ඨානයෙනුයි මේ පින්කම සිදුකලේ. ඒ වගේම නයනා සුදර්ශිනී  මනතුංග බණ්ඩාර මෙනෙවිය විසින් මේ පින්කමට විශේෂයෙන්ම දායක වූයේ ඉදිරි අනාගත සියලු ප්‍රාර්ථනාවන් ඉතාම සශ්‍රීක අයුරින් සමෘද්ධිමත්වේවායි යන චේතනාවෙන් යුතුවයි.

 අසංක අක්ක ලබාදුන්න දායකත්වයනම් මිල කරන්න බැරි තරම්. රුවන්වැලි මහා සෑයෙ කප්රුකෙන් භාගයකට මුදල් ලබාදුන්නෙ අසංක අක්ක ඇතුලුව පවුලේ සියලු දෙනා විසින්. අක්ක සියලුම මුදල් කප්රුක වෙනුවෙන් ලබාදෙන්න හැදුවත් තවත් කෙනෙකුට අවස්ථාව දෙන්නයි අපි ඉන් අඩක මුදල් පමණක් ලබාගත්තෙ. ඒ විතරක් නෙවෙයි අක්කගෙ පවුලේ සියලු දෙනා ඉහල මුදලක් ගෙවා අටපිරිකර 10ක් හා සිවුරු දෙකක් ගෙනත් තිබුනා. වැඩ කටයුතු පහසුවෙන් කරන්න අපි කලින් දින ( 28 වෙනිද) අනුරාධපුරයට ගියා. අක්කත් මංජු අයිය ( අක්කගෙ මහත්තය ) බබාල සහ පවුලේ සියලුදෙනාම කලින් දවසේ අනුරාධපුරයට ඇවිත් හිටිය. ඉතින් අපිට අවශ්‍ය සියලු නවාතැන් පහසුකම් ලබාදුන්නෙ අක්ක නැවතිල හිටි තැනින්මයි. එපමණක් නෙවෙයි. අලේ සියලු කෑම වියදම් පවා දැරුවෙ අක්ක විසින්ම. පසුදින පැමිණුන සියලු දෙනාටම අවශ්‍ය උදය ආහාර වේල සදහා අඩකටත් වැඩි ප්‍රමාණයක් වියදම් දැරුව විතරක් නෙවෙයි. අක්ක එදා දවසෙ රාත්‍රියේ නිදියන්නෙ නැතිව එලිවෙනකල්ම පසුදිනට අවශ්‍ය ආහාර පාන ආදිය සකස්කලා. උදෑසන කිරි ආහාර සකස්කරල විජය ශ්‍රී ජයශ්‍රීමහා බෝධීන් වහන්සේට වගේම රුවන්වැලි සෑයටත් පූජාකරන්න සකස්කලේ අක්ක විසින්මයි. වශේෂයෙන්ම මංජු අයියගෙ උපන්දිනය 29 වැනිදට යෙදිල තිබ්බ නිසා මේ සියල්ල අයියට උපන්දින තෑග්ගක් බවට පත්උනා.

 නිශාදි මහත්මිය ඇතුලු දිසානායක පවුලේ සියලුදෙනා විසින් රුවන්වැලි මහා සෑ රදුන්ගේ කප්රුක වෙනුවෙන් ඉතිරි දායකත්වය ලබාදුන් අතර ඔවුන් අටපිරිකර 8ක් වගේම සිවුරු දෙකක්ද එදින වැඩ සටහන වෙනුවෙන් රැගෙන ආවා. ඔවුන් මීටර 300ක් වූ කප්රුක වෙනුවෙන් මුලු වියදම ලබාදෙන්න ඉතාම උනන්දුවෙන් කටයුතු කලත් අපගේ දැඩි ඉල්ලීම පිටයි කප්රුකෙන් අඩකට පමණක් මුදල් ලබාදුන්නෙ.

 දීප්තිකා මිතුරිය අපගේ ෆේස්බුක් මිතුරියක් උනාට මෙච්චර කාලයකට තවම ඇස්දෙකෙන් දැකල නැති උනත් අප කෙරේ ඉහල විශ්නසයක් තියලයි කටයුතු කරන්නෙ. එතුමිය මීට පෙර අවස්ථා කිහිපයකදිම අපිට උදව් පදව් කරල තියෙනව. මෙවරත් එතුමිය අපගේ වැඩ සටහන වෙනුවෙන් නොමසුරු දායකත්වය ලබාදුන්න.

 හිමාලි මහත්මිය විදෙස් රටක සිට මේ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කලේ. එතුමියත් අප තවම මුහුණට දැක නොමැති උනත් නිරන්තරයෙන් මේ පින්කම් වෙනුවෙන් දායකත්වය ලබාදෙන පින්වත්යක්.

 මහේෂ් ශ්‍රී ලාල් මහතාත් බොහොම ශ්‍රද්ධාවෙනු මේ පින්ම වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන්නා. මම හිතන්නෙ එතුමා පලමු වරටයි අපි එක්ක එකතු වෙන්නෙ.

 පුබුදුනී අක්කගෙනම් නම සදහන් නොවන පින්කමක් හොයන්න අමාරුයි. විශේෂයෙන්ම අක්ක බොහෝ පින්කම් වලට ලබාදෙන්න ප්‍රභල දායකත්වයක්. මේවන විට අක්ක රු ලක්ෂ 15කට ආසන්න ම්‍රදල් ප්‍රමාණයක් පින්කම් කරන්නට අපිට ලබාදීල ඇති.. ඒ කරම‍ට අක්ක මේ පින්වැඩ සටහන් වලට කැමතියි.

 සේපාලිකා නංගියත් පුබුදුනි අක්ක වගේම නිරන්තරයෙන්ම අපිට දායකත්වය ලබාදෙනව මේ පින්කම් වලට මම හිතන්නෙ නංගියත් අපිට රු ලක්ෂ කිහිපයක් පමණ මුදල් ලබාදෙන්න ඇති. නිතරම අපේ පින්කම් දැකල අනුමොදන් වෙන්න සේපාලිකා නංගිය බොහොම කැමතියි. ඒත් නම කියනවට අකරති නිසයි නමේ කොටසක් පමණක් සදහන් කලේ.

 ඉෂාර අයියත් මේ පින්කම වෙනුවෙන් ඉහල දායකත්වයක් ලබාදුන්න විතරක් නෙවෙයි. මට පුද්ගලිකවක් මුදලක් එවන්න හැම විටම අයිය උත්සාහ කරනව. වශේෂයෙන්ම අපි මේ පින්කම් කරගෙන යද්දි අපගේ වයදම් අපි පුද්ගලිකවම දරා ගන්නව මිස පින්කම්වල මුදල් ඒ වෙනුවෙන් වැය කරන්නෙ නැහැ. ඒ බව දන්න ඉෂාර අයිය අපි වෙනුවෙන් මුදල් වෙන් කලා. අයිය අට පිරිකර තුනක් පූජා කරන අතර ඉන් එකක් ශ්‍රී ලංකා පාරම්පරික දේශීය සටන් කලා සංගමයේ අනුශාසක වෛද්‍ය දහම් රත්වත්තේ මැති තුමාටත් අධිකාරම් තුමාටත් පින් පිණිස පූජා කලා.

අනිත්’ අටපිරිකරය ඉෂාර අයියා ( සමන්ත ඉෂාර ප්‍රනාන්දු) සහ අයියගෙ බිරිද , (තුෂාරි සමන්තිකා ප්‍රනාන්දු වෙනුවෙන්ද තුන්වන අට පිරිකරය ටෙෂානි තික්ෂනා ප්‍රනාන්දු , කෙෂාරා කෙත්මිනි ප්‍රනාන්දු යන අයියගේ පුංචි දුවලා දෙන්නා වෙනුවෙන් පූජ කලා.

 චූලාන් ලසන්ත මහතා විසින් මීට පෙර අවස්ථාවන් වලත් අපිට මෙවන් මහ පින්කම් වෙනුවෙන් දායකත්වය ලබාදීල තියෙනව. එතුමා අපිව නොදැක, වචනයෙන් පමනක් අප හදුනාගෙන අප කෙරේ තැබූ විශ්වාසයට හදවතින්ම ගරු කලයුතුයි.

 සමීර මදුරංග අපේ පුංචි මල්ලි පරිවාර චෛත්‍යයක කප්රුකක් බාර අරගෙන අපිට ලොකු දායකත්වයක් ලබාදුන්න. මල්ලියාත් නිරන්තරයෙන්ම අපි සමග අත්වැල් බැදගෙන ඉන්න, පුංචි කාලෙ ඉදන්ම දනට පිනට දෙන්නට අත හුරු කරගත්ත මල්ලියෙක්.

වසිත පෙරේරා මහතාත් කිසි දිනක මුණ නොගැසුන ෆේස්බුක් මිතුරෙක්. කළණ මිතුරන් මගින් හදුනාගත් මේ තවත් සැබෑම කළණ මිතුරෙක්. එතුමාත් නිරන්තරයෙන් අපිට දුරකථනයෙන් කථා කර අවශ්‍ය අඩුපාඩු පවා විමසන පින්වත් කළණ මිතුරෙක්.

 නිශාන් සුරංග මහතාත් අපේ පුරාණ කළණ මිතුරෙක්. වසර ගණනාවක සිට අප හා ඇසුරු කරන නිශාන් මහතා එදා වගේම අදත් කිසිදු වෙනසක් නැතිව එම කළණ මිතුරුදමින්ම අපට නිතර උදව් පදව් ලබාදෙන පින්වත් මිතුරෙක්.

 රුවන් එස් ජයසිංහ අයිය අපිට වසර ගණනාවක සිට උදව් කරන කෙනෙක්. මම හිතන්නෙ පහුගියකාලෙ අයියගෙ නම නොකියවුන පින්කමක් නැති තරම්. රුවන් අයිය නිරන්තරයෙන් අටපිරිකර වගේම ත්‍රිපිටක පොත්වහන්සේලා සම්පූර්ණ කට්ටලය විහාරස්ථාන කිහිපයකට පූජා කරල තියෙනව. අපිටත් එවන් දුර්ලභ අවස්ථාවකට මග විවෘත කරල දෙන්න රුවන් අයිය කාරුණික උනා. මේ පින්කම වෙනුවෙනුත් එතුමා දායකත්වය ලබාදුන්න.

 ලයනල් ගුණතිලක මහතාත් අවුරුදු ගණනක පටන් අපේ සියලු පින්කම් වලට නිතර දායකත්වය ලබාදෙන පින්වත් කළණ මිතුරෙක්. එතුමා අපිට දක්වන්නෙ අඛණ්ඩ සහයෝතලයත්. පහුගිය කාලෙ ලයනල් අයිය නොයෙක් අයුරින් පින්කම් සදහා අපිට දායකත්වය ලබාදුන්න. මේ පින්කමටත් එතුමා අපිට ලොකු සහයක් ලබාදුන්නෙ.

 යතින්ද්‍ර ගුණවර්ධන මහතාත් අපි නුදුටු මිතුරෙක්. හැබැයි නිතරම අලුත් පින්කම් මොනවාද කියා විමසමින් හැකි උපරිමයෙන් ඒ වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබාදෙනව. මේ පින්කම වෙනුවෙනුත් එතුමා ලබාදුන්නෙ ඉහල දායකත්වයක්.

 රුවන් ජයසිංහ මහතාත් අපිට මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබාදුන්න. එතුමා මට මතක හැටියට මෑතකාලීන හදුනාගත් මිතකුරෙක් උවත් අපිට හොද කළණ මිතුරෙක් විදිහට මේ පින්කම් වලට දායකත්වය ලබාදෙනව.

 තිළිණි නංගියා කියන්නෙ අපිට නිරන්තරෙන්ම කථාබහ කරන හැකි උපරිමයෙන් පින්කම් සදහා දායක වෙන කෙනෙක්. නිරන්තරයෙන් අසරණ සතුන් කෙරේ අනුකම්පාව දයාව දක්වමින් නංගියා සිදුකරන්නෙ මහා මෙහෙවරක්. ඒ අතර තුර අපගේ මෙවන් මහ පින්කම් වෙනුවෙන් හැකි උපරිමයෙන් දායක වීමටත් ඇයි උත්සාහ කරනව.

 හර්ෂණී ෆර්නෑන්ඩෝ මිය මම අදුනගෙන වැඩි දවසක් නැහැ. හැබැයි කප්රුක් පූජා පින්කම වෙනුවෙන් එතුමිය ලොකු දායකත්වයක් ලබාදුන්නා. අප නුදුටු මිතුරිය් අප කෙරේ විශ්වාසයෙන් මෙවන් මුදලක් පරිත්‍යාග කිරීම එතුමියගේ පරිත්‍යාගශීලීත්වය මොනවට පැහැදිලි කරනව.

 ශෙහානි බොතේජු නංගියාත් කලක පටන් අපිට නිතර මේ පින්කම් වලට දායකත්වය ලබාදෙනව. මේ පින්කම වෙනුවෙන් මුල්ම දායකත්වය ලබාදුන්නෙත් නංගියා විසින්. අැයගේ අතුගුණය නිසාදේ පින්කම වෙනුවෙන් ඉක්මනින් මුදල් එකතු කරගන්නට අපිට හැකියාව ලැබුනා.

 හිරක්ත මදුසංක මහතාත් නිතර අපිට දායකත්වය ලබාදෙන කෙනෙක්. පින්කමක් ඇතත් නැතත් එතුමා මුදල් යොදවල කුමක් හෝ පින්කමක් සිදුකරන්න කියල දැනුම් දෙනව. ඒ තරම් පිනට බර වූ අතක්. ඉතින් පින්වත් හිරන්ත මහතාත් මේ මහා පින්කමේ කොටස්කරුවෙක්.

 මෙයට අමතරව මේ පින්කම වටා සුවිශාල පිරිසක් ඒකරාශී වී සිටියා. අපගේ හි‍තමිතුරු චාමර මහතා සහ එතුමිගේ මිතුරන් දෙදෙනා විසින් පින්කමට පෙරදා සවස් වරුවේ සිට සිය මුදල් වියදම් කරමින් පුද්ගලික වාහනයෙන් අනුරාධ පුරයට අප සමග පැමිණියා. විශේෂයෙන් කප්රුක් පහම අනුරාධපුරයට වැඩම කලේ එතුමාගේ  මෝටර්රථයෙන්. ඊට අමතරව එදින රාත්‍රිය පුරා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අඩුමකුඩුම වගේම පසුදිනට අවශ්‍ය ආහාර සකස්කිරීම අදී සියලුදේ සදහා එතුමා සහ මිතුරන් ලබාදුන්න දායකත්වයනම් මිලකල නොහැකියි. එසේම පින්කම සදහා ගම්ප්‍රදේශවල බොහෝදෙනෙක්ද නොයක් සහය ලබාදුන්න.

 විශේෂයෙන්ම ප්‍රදේශයේ පාසැලක දරුවන් මේ වෙනුවෙන් සහභාගි කරවාගන්නට අපිට හැකියාව ලැබුන. ඒ දරුවන්ටත් යම් අත්දැකීමක් ලබාදෙන්නට අවශ්‍ය නිසායි ඒ අවස්ථාව ලබා දුන්නේ.

 මෙවන් මහ පින්කමක් සිදුකල ඔබ සියල්ලන්ගේ  නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

 අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමින් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.

 මේ පින්කම සිදුකල සිදුකල ඔබ සියලු දෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරාවටම නිදුක් නිරෝගී ජීවිතයක්ම උදාවේවා. පින්කමේ අනුහසින් නිවන් දක්නා ජාති දක්වාම ඔබ ලබාදෙන වතුර වීදුරුව පවා තව කෙනෙකුට ඖෂධයක් වේවා නිවන් දක්නා ජාති දක්වා ඔබට පඨයි, ආපෝ,තේජෝ,වායෝ ධාතූන්ගෙන් ( උණුසුම හෝ දිරුරේ උෂ්ණය ) කිසිදු පීඩාවක් නොවේවා. ගින්නෙන්, ජලයෙන්, සුලගින් නිරන්තර ආරක්සාව ලැබේවා. කිසිදු කලෙක සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා …

 මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා….

 බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා.

මහා කප්රුක් පූජාව

මහා කප්රුක් පූජාව – රුවන්වැලි මහා සෑය

වීඩි‍යෝව නරඹන්න