Skip to main content

මාවනැල්ල නීග්‍රෝධාරාමයේ ධර්මශාලාව ගොඩනැගීම සදහා රු 50,000/- ක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි …

By March 13, 2015April 12th, 2016All Posts

එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org

අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
www.sasuna.blogspot.com

අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක .
www.facebook.com/buddhist.foundation

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ ක්‍රියාකාරී නිලධාරිනියක් වන පින්වත් සොහොයුරියකගේ දායකත්වයෙන් මාවනැල්ල නීග්‍රෝධාරාමයට අද අපි රු 50,000/- ක් පරිත්‍යාග කලා. පින්වත් අපේ සොහොයුරිය නම සදහන් කිරීමට අකමැති නිසා අපි එතුමියගේ නම සදහන් නොකර ඉන්නව. හදිසියේ ඔවුන්ගෙන් වෙන් වූ දයාබර ස්වාමි පුරුෂයාට පින් පැමිණවීමත්, සිය එකම පුතුගේ අධාපන කටයුතු සාර්ථක කරගැනීමත්, බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනමේ ලෝක ශාසනික සේවාවාන් වඩ වඩාත් දියුනුවේවායි ප්‍රාර්ථනා කරමින් අදාල මුදල් පරිත්‍යාග සිදුකලා. විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය කහවන්දල කස්සප අපේ පූජණීය ස්වාමීන් වහන්සේ විහාරස්ථ දායක සභාව වෙනුවෙන් එම මුදල් භාරගනු ලැබුවා.

පින්වත් යාලුවනේ මේක සුලු පින්කමක් නෙවෙයි. අටමහ කුදල්වලට අයත් පින්කමක්. මේ බලන්නකෝ.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය.

පින්වත් යාලුවනේ අටමහා කුසල් කියන්නෙ ආනන්තරි පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහත්ඵල මහානිසංශ ලබාදෙන පින්කම්.

වරක් බුදුහිමියන් වහන්සේ මෙහෙම දේශනා කලා

ආරාමරොපා වනරොපා – යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච – යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච – සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා – තෙ ජනා සග්ගගාමිනො

– සංයුත්තනිකාය

යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් = උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.

දුකසේ වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනය මහසඟරුවන විශයෙහි කැප කරමින්, “සියල්ල දුන්නාක් වැනි යැයි” බුදු රජුන් විසින් ම වදාළ සේනාසන පූජාව, මෙසේ නිවන් අරමුණු කරගනිමින් සිදු කරගන්නට හැකි වීම අතිශයින් විශ්මිත පුණ්‍ය කර්මයකි. සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මෙම කුටි පරිහරණය කරන වාරයක් පාසා, මේවාගේ වැඩ වෙසෙමින් ගුණදම් වඩන වාරයක් පාසා, මෙම කුටි තනවා පූජා කළ සැදැහැවත් පින්වතුනට දිවා රෑ පින් වැඩෙන්නේ ය..

යහලුවනේ අපදාන පාලියේ 499 වන අපදානයේ දසහන් වන පරිදි නළ කුටිදායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැපද ලැබුවාහුය.

ආපදාන පාලියේ 345වන අපදානයේ දසහන් වන පරිදි නළාගාරික හිමි නාරද බුදුහිමිට බටකිළියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනෙන් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් බවද ලැබුවාහුය.

ආපදාන පාලියේ 337වන අපදානයේ තුණකුයිදායක හිමි මීට කල් අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටියදී දිනක් කැලයට ගිය විටදී ලී ගෑලි හයක් ගෙන දෙක දෙක කතිර බැද ඒ මත තෘණ අතුරා කුටියක් කොට සංඝයාට පිදූ පිනෙන්

  1. තව්තිසා දෙව්ලොව විමනක් පහළ විය

  2. උපනූපන් තැන සිතේ හැටියට ප්‍රසාද පහළ විය

  3. බිය, තැතිගැනීම්, ලොමු දැහැගැනිවීම් සිදු නොවීය

  4. සිංහ, ව්‍යාඝ්‍ර, වළස් වෘක, කරබානා වළස් ආදී සත්න් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වීම

  5. සර්ප, භූත, නාග, රකුස් ආදීන් තමන් යනවිට මගින් ඉවත්වීම

කුටි සෙනෙසුන්, ධර්මශාලා ආදිය සියල්ල මේ පින්කම්වලට අයත්වෙනව.

ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල දයාබර සොහොයුරියේ, මෙපින් බලේන අප අතරින් වියෝ වූ දයාබර සැමියාට මේ පින් හිමි වේවා. ඒ තුලින් එතුමා අත්වැරදීමකින් හෝ දුක්ඛිත ස්ථානයක සිටීනම් සැපවත් තැනකට පැමිණේවා. සැපවත් තැනක සිටීනම් ඒ සැප වඩා වර්ධනය වේවා. නිවන් දක්නා ජාති දක්වාම අකල් මරණ වලට ගොදුරු නොවී දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවනින් සැනසේවා.

දයාබර පුතු ඇතුලු ඔපත් පවුලේ සැමටත් මේ පින් හිමිවේවා. ඔබ කරන සියලු රැකියා කටයුතුත් කිරීමට බලාපොරොත්තු වන සියලු ව්‍යාපාර කටයුතුත් ඒකාන්තයේනම සාර්ථක වේවා. මී වදයට අදෙනා බඹරුන් මෙන් මහ පිරිවර ලැබී සියලු ව්‍යාපාර කටයුතුසිය දහස් වාරයක්ම සාර්ථක වේවා. පුංචි පුතුගේ අධාපන හා බාහිර යහපත් ක්‍රියාකාරකම් සාර්ථක වේවා. ඔබ සියලු දෙනාට හැම භවයකම  නැහැයි බැහැයි නොකියන මහා පුණ්‍ය උත්පත්තිම ලැබේවා. ලක්ෂ ගණනින් ධන සම්පත් ලැබේවා. ධනයත්, පොහොසත් බවත් සමග සිත නිරුත්සාහයෙන්ම ධර්මයටම යොමු වේවා. සැම විටම දාන ශීල භාවනා යන ත්‍රිවිධ පුන්‍ය ක්‍රියාවේම නිරත වන්නට සිත් පහල වේවා. කිසි කලෙක දාන වස්තූන්ගේ හිගයක් නොවේවා. සතර වරම් දෙවිවරු සතර වටින් ඔපට ආරක්ෂාව සලසත්වා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසල් හේතුවාසනා වේවා.

අප ගෙනයන ලෝක ශාසනික සේවාව තව තවත් වර්ධනය කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා.

 

 

මාවනැල්ල නීග්‍රෝධාරාමයට රු 50,000.00 ලබාදීම

මාවනැල්ල නීග්‍රෝධාරාමයට රු 50,000.00 ලබාදීම