පින්වත් මිතුරකු සිය උපන්දිනය වෙනුවෙන් ඉපැරණි බුදුගෙයක වහලයක් අලුත්වැඩියා කල වගයි ... - IFBC Organization | Our Projects

Posted by | February 08, 2014 | All Posts | No Comments

අමල් ආර් මහගෙදර නම් අපේ  මුහුණුපොතේ පින්වත් යහලුව පෙබරවාරි 09 වැනි දිනට  ( අද දින ට)  යෙදෙන උපන්දිනය වෙනුවෙන් මේ ඉපැරණි විහාරස්ථානයේ වහලය අලුත්වැඩියා කරන්න තීරණය කලා. අමල් මහතා අපිට මේ පින්කම වෙනුවෙන් රු 26200/= ක මුදලක් එවා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ වියදම් පිලිබද විස්තරය.

ලද මුදල රු. 26200.00

උලු සදහා වැයවූ මුදල                       – රු. 18480.00

රීප්ප සදහා  ( අඩි 500)                   – රු. 4000/=

ඇණ සදහා සහ අනිකුත් සුලු ද්‍රව්‍ය        -රු. 380/=

ප්‍රවාහන වියදම්                                   – රු. 300/=
————————
එතතුව                                          – රු. 23,160.00

ඉතිරි මුදල රු. 3040/= වන අතර ඒ මුදලට තවත් මුදලක් එකතු කර  මේ සතිය තුල  අභිනවයෙන් ඉදිවන චෛත්‍යරාජයන් වහන්සේ  නමක් කපරාරු කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනව.

සිදුකල වියදම් පිලිබද  බිල්පත් ආදිය පිලිබද විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.

ඉතින් මේ පින්කම සිදුකල පින්වත් යාලුවගේ උපන්දිනය අදට යෙදිල තියෙනව. බලන්න මොනතරම් ආදර්ශමත් පින්කමක්ද කියල. තමන්ගේ උපන්දිනය වෙනුවෙන් මත්පැන්බොමින්, සතුන් මරා භුක්ති විදිමින් දුරාචාරයේ යෙදෙන මිනිසුන් සිටිනා ලොවක ඔබවන් ශ්‍රෙෂ්ඨ පුතෙක් පහලවීම පිලිබද ඔබේ පින්වත් මව් පියන් පවා අපමණ සතුටුවෙනවා ඇති.

බුදුසසුන තුල මෙවන් පින්කම් හදුන්වන්නේ සදා පින් වැඩෙන පින්කම් හැටියටයි. ඔබ ජීවමාන ලොව්තුරු බුදු පියාණන් වහන්සේට හිසට සෙවනක් සැලසුවා හා සමානව සිදුකල පින්කමක් මේක. ඒ විතරක් නෙවෙයි. ඔබ සෙවිලිකල උලු පවතිනතාක්කල් ඔබට අඛණ්ඩව පින්රැස්වෙනව මේ පින්කමෙන්. ඔබ කෙදිනක හෝ මියගියත් මේ පින්කමෙන් රැස්වන කුසල් ඔබට නිරන්තරයෙන් ජනිතවෙනව. මොනද ඔබ මියගියත් මේ වහලය බුදුපිලිම වහන්සේ වෙනුවෙන් අඛණ්ඩව සෙවන සලසන නිසා.

ඒ විතරක් නෙවෙයි ආරාම වනසෙනෙසුන් වගේ නිර්මාණය අටමහ කුසල් වලට අයත් වෙනව. ඔබ සිදුකලෙත් එවන් මහා කුසල කර්මයක්. මේ පින්කම්වල ආනිසංස ප්‍රමාණය මෙච්චරයි කියල කියන්න බැහැ කියනව. ඒව විපාක දෙන කල්ප ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම් අනන්තයි.

ඉතින් තුන්සිත පහදවාගෙන ඔබ සිදුකල මේ අනන්ත කුසල කර්මයන්ගේ බලයෙන් ඔබවන් පුතෙක් බිහිකල පින්වත් දෙමාපියන්ට මේ පින් අත්පත් වේවා. ඔවුන්ට දීර්ළායුෂ ලැබී නිදුක් නිරෝගී බවට පත් වේවා. ඔබේ පින්වත් දූදරුවන්ටද බිරිදටද මේපින් ලැබී සැපතින් සැපතට පත්වේවා. විශේෂයෙන්ම පුංචි දරු පැටවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී මේ රටට දැයට වැඩ ඇති දරුවන් බවට පත්වේවා.

ඔබ සිදුකල මේ පින් බෙලෙන් ඔබට ඇති දුක් කරදර කම්කටොලු තුරන් වේවා. රැකියාවේ දී සියල්ලන්ගේ සිත් දිනාගනිමින් සියලු කටයුතු සාර්ථක අයුරින් සිදුකරන්නට ඔබට දිරිය විරිය ලැබේවා. සියලු ලෙඩදුක් සංසිදේවා. මෙතැන් පටන් නිවන් දකිනා ජාති දක්වාම “ නැහැ, බැහැ” යන වචන අසන්නටවත් නොලැබේවා. මතු දිනක ඔබත් ඔබේ පවුලේ සැමත් පතන බෝධියකින් නිවන් දකින්නට මේපින් හේතු වාසනා වේවා.

බෞද්ධ සන්නිවේදය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා …

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page